Tuesday, February 27, 2018

ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර තිබුනු iPad එකට වෙච්ච දේ..


Duration: 3:59 mins
Refer Youtube Video below to listen.

** Transcript**
ස්ටීව් ජොබ්ස් වසර 2010 වසරෙදි තමයි මුල්ම iPad එක හඳුන්වා දුන්නෙ.. මේ සමගම Touch Screen ටැබ්ලට් ආශ්‍රිත වෙලඳ පොල ඔහු විප්ලවීය වෙනසකට ලක් කල බව අදටත් අවිවාදයෙන් පිලි ගනු ලබනවා.
නමුත් අද මම කතා කරන්නේ iPad ගැනවත්, ජොබ්ස් ගැනවත් නෙවෙයි, මිලියන ගනනින් iPad ලොව වටා උණු කැවුම් වගේ අලෙවි වෙද්දි, ස්ටීව් ජොබ්ස්ගේ ගෙදර iPad එකට තිබුනු තැන ගැන.

Newyork Times පුවත් පතේ මාද්‍යවේදියෙක් මේ කාලයේම ජොබ්ස් සමග සාකච්ඡාවක් පවත්වනවා. ඔහුගේ නම නික් බිල්ටන්  .
iPad ගැන තාක්ශණික පැත්තෙ වචන හුවමාරුවකට පස්සෙ, නික් නිකමට වගේ ජොබ්ස්ගෙන් අහනවා " ඔබේ දරුවන් නම් iPad වලට ආස ඇති නේද?" කියලා.
මුලු ලෝකෙම මේ ඉන්ද්‍රජාලික උපාංගයෙන් වසඟ වෙලා , එහි ශක්‍යතාවයන් ටික ටික හඳුනාගෙන එන මේ කාලයේ, ජොබ්ස්ගෙ ගෙදර කොහොම තියෙන්න ඇතිද කියලා නික්ට කුතුහලයක් එන්න ඇති. නමුත් ස්ටීව් ජොබ්ස්ගෙ පිලිතුරෙන් නික් ගල් ගැසී යනවා.
"නෑ එයාලා iPad පාවිච්චි කරලා නෑ.. අපේ ගෙදර දරුවො තාක්ශණය පාවිච්චි කරන තරම අපි සීමා කරලනෙ තියෙන්නෙ"

මේ හමුව ගැන පසු කාලෙක සිහි කරන නික් පවසනවා, ඔහු සිතා සිටියේ ජොබ්ස්ගෙ ගෙදර යෝධ touch screens සවි කරපු බිත්ති තියෙන, කෑම මේසෙ දිගේ iPads සවි කරපු, iPods චොක්ලට් වගේ එන අමුත්තන්ට පිලි ගන්වන තාක්ශණික පාරාදීසයක් වෙන්න ඇති කියලා.
"නැහැ, ඒ ලඟින්වත් යන්නෙ නෑ කියලා" ජොබ්ස් කියලා තියෙනවා.
මේක ඇත්තටම නික්ට අදහා ගන්න බැරි වුනා. ජොබ්ස්ගෙ ජීවිත කතාව ලිව්වෙ වෝල්ටර් අයිසැක්සන් කියන රචකයා. ඔහු ඒ පොත ලියන්න ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර නිතරම කාලය ගත කල කෙනෙක්. එනිස ස්ටීව්ගෙ කතාව සහතික කර ගන්න නික් ගියේ වෝල්ටර් ගාවට.
වෝල්ටර් එය සනාථ කරමින් මෙහෙම කියනවා.
"හැම හවසකම ස්ටීව් කියලා තිබුනේ කෑම ගන්න ඕනෙ එකට - ගෙදර තියෙන දිග, විශාල මේසෙ - ඔවුන් පොත් ගැන, ඉතිහාසය ගැන සහ වෙනත් විවිධ මාත්ෘකා ගැන කතා කරනවා. කිසිම දරුවෙක් ඔය වෙලාවට iPad හෝ පරිගනකයක් එලියට ගත්තෙ නෑ... කොටින්ම ඔවුන් මේ වගේ උපාංගවලට කිසිලෙසකින්වත් ඇබ්බැහි වෙලා සිටියෙ නෑ" වෝල්ටර් සිහි කලේ ඒ දරුවන් ගැන විශාල පැහැදීමකින්.

නික්ට ඊට පසුව හමු වුන තාක්ශනික ආයතනවල මුල් පුටු හොබවන නිලදාරීනුත් මීට සමාන ආකල්පයක සිටියේ කියා ඔහු ඔහුගේ ලිපියේ හෙලි කරනවා. ඒ හැමෝම වගේ දරුවන් මෙම උපාංග භාවිතා කරන කාලය දැඩි ලෙස සීමා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ, තමන් තාක්ශණයේ අවදානම ඇස් පනා පිට දකිද්දී, ඔවුන්ගේ දරුවන් ඊට ගොදුරු වෙනවා දකින්න ඔවුන්ට බැහැ යන්නයි.

දරුවන්ට ගැලයෙන තිර කාලය (screen time)  තීරනය වෙන්නෙ වයස අනුව.
සාමාන්‍යයෙන් අවුරුදු දෙකට අඩු දරුවනට මෙම උපාංග භාවිතය හානිකරයි යන්න තමයි විද්වතුන්ගේ මතය. වයස අවුරුදු දෙකේ සිට පහ දක්වා දවසකට පැයකුත්, පහේ සිට 17 දක්වා දවසකට පැය දෙකකුත් තමා ඔවුන් නිර්දේශ කරන්නෙ. මෙය විනෝදාස්වාදයට අදාල කාලය පමනයි, අධ්‍යාපනික හෝ නිර්මාණාත්මක දෙයක් වෙනුවෙන් ගත් කරන කාලය මෙම සීමා කිරීම්වලට වැටෙන්නේ නැහැ.
මේ සීමා කිරීම එක පාරට කරන්න අවශ්‍ය නැහැ. එහෙම උචිතත් නැහැ මොකද හැම පවුලක්ම එකිනෙකිට වෙනස්, එනිසා මේවා තමන්ට අදාල වෙන විදියට මාර්ගෝපදේශ ලෙස පමන්‍යි ගන්න ඕනෙ.
අවශ්‍ය වන්නේ අවබෝධයෙන් හරි සමබරතාවයක් ඇති කර ගන්න එක තමයි.

මුලින් කුඩාවට පටන් අරන්, දිනපතා අදාල තිර කාලයට දරුවන් එක්ක එකඟ වෙන්න. කිසි දිනක් නිදන කාමරයේ මෙම උපාංග තියන්න එපා. එකට එකතු වී පොත් කියවන, චිත්‍ර අඳින, ක්‍රීඩා කරන කාල වෙන් කර ගන්න. ගමන්ක් යද්දි වුනත් ඔවුන්ට ටැබ්ලට් ආදිය වෙනුවට පොත්, සෙල්ලම් බඩු ගෙනි යන්න පොළඹවන්න පුලුවන්.
මින් ඉතාම වැදගත් දේ අපි ආදර්ශමත් වෙන එක. අපගේ ඉලෙක්ට්‍රොනික උපකරන පසෙකින් තියලා ඔවුන් සමග පොත පත කියවන්න, සෙල්ලම් කරන්න, කාලීන මාත්ෘකා ගැන සාකච්ඡා කරන්න, චිත්‍ර, සංගීත ආදියේ පොඩි කාලෙයකට හරි නියැලෙන්න හැකි නම් මේ උවදුරුවලින් ඔවුන් මුදවාගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය එය බව ඔබත් මාත් වටහා ගන්න ඕනෙ.

** End Transcript***

පසු සටහන: මේ බ්ලොග් එක පටන් ගත්තෙ ලඟදි. මේ ලිපි පිටිපස්සෙ පර්‍යේශන සහ නිර්මාණ පරිශ්‍රමයක් තියෙන වග අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ හරහා යම් දැනුමක් සමාජගත කරන්න කරන මේ උත්සාහය එක්ක ඔබත් එකතු වෙන්න.
මේ ලිපි ප්‍රයෝජනවත් කියලා සිතේ නම් දකුනු පස තියෙන 'Follow' බොත්තම ඔබල Subscribe වෙන්න.
ඔබට සුබ දවසක්!

මූලාශ්‍ර
නික් බිල්ටන්ගේ New York Times ලිපිය
තිර කාලයට අදාල  Guidelines

Wednesday, February 21, 2018

වෙස්ටන් යුනියන් වන්දිය සමහර විට ඔබටත් හිමි ඇති. කියවලා බලන්න..


Duration:  3.36 mins
** Transcript **
පසුගිය වසර 14ක කාලය තුල, ඔබට ස්කෑම් වංචාවකට අහු වෙලා වෙස්ටර්න් යුනියන් හරහා වංචනිකයන්ට මුදල් යවන්න වී තිබේද?   උත්තරය ඔව් නම් මේ තොරතුරු ඔබට බොහෝ විට සුබ ආරංචියක් වේවි.

ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව වෙස්ටර්න් යුනියන් සමාගමට එරෙහිව පැවරූ නඩුවකින් එම ආයතනය පරාජය වුනා. එහි ප්‍රතිපලයක් ලෙස එම සමාගමට සිදු වුනා ඩොලර් මිලියන් 586ක දඩ මුදලක් ගෙවන්න. ඇමරිකානු නීති දෙපාර්ත්මේන්තුව මේ මුදලින් ලොව වටා අගතියට පත් වූ පාර්ශව වලට වන්දි ගෙවන්න තීරනය කරලා තියෙනවා.

මුලින්ම අපි මතක් කර ගමු ස්කෑම් එකක් කියන්නෙ කුමක්ද කියලා? බොහෝ විට ඊමේල් හරහා හෝ අන්තර්ජාල අඩවි හරහා වංචනිකයන් විසින් විවිධ උපක්‍රම යොදාගෙන මුදල් සොරා ගැනීමට උත්සාහ කරනවා. සමහර විට විදෙස් ගත පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට කරදරයක් හෝ ඔබට ඇදුනු හදිසි ලොතරැයියක ත්‍යාග මුදල ලබාගැනීමට පෙර කරන ගෙවීමක්, රැකියා අවස්ථා, අන්තර්ජාල ප්‍රේම සම්බන්ධතා (online dating/romance) ආදී ඕනෑම ක්‍රමයකින් ක්ශණික මුදල් හුවමාරුවක් කර ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. මේ සඳහා ඔවුන් බොහෝ දුරට භාවිතා කරන්නේ වෙස්ටර්න් යුනියන් වැනි ආයතනයක් හරහා කරන මුදල් හුවමාරු (wire transfer).
අදාළ නඩුවෙන් වෙස්ට්‍රන් යුනියන් සමාගම පැරදුනේ එලෙසින් මුදල් වංචා කිරීමට එරෙහිව ඔවුන් ප්‍රමාණවත් ආරක්ශණ ක්‍රියාමාර්ග ඔවුන්ගේ පාර්ශවයෙන් ගෙන නැති බවට ඔප්පු වූ නිසා.

ඔස්ට්‍රේලියානු රජය ජනතාවට මතක් කර සිටිනවා 2004 සිට 2017 දක්වා දිනක මෙලෙසින් වෙස්ටර්න් යුනියන් හරහා වංචාකරුවන් විසින් මුදල් සොරා ගත් අය සිටී නම් එම අදාල වන්දි අයදුම්පත මැයි 31ට පෙර යොමු කරන
ලෙස. එම වන්දි අයදුම්පත තැපෑලෙන් හෝ අන්තර්ජාල පෝරමයක් ලෙස යොමු කල හැකියි.
මීට සම්බන්ධ සියලු විස්තර ඔස්ට්‍රේලියාන් රජයේ ස්කෑම් දැනුවත් කිරීම සම්බන්ධ පිටුව වෙන www.scamwatch.gov.au අඩවිය හරහා ඔබට දැනගත හැකිය. නැතහොත් වන්දි ගෙවීම සම්බන්ධයෙන්ම පිහිටුවා ඇති ඇමෙරිකානු වෙබ් අඩවිය වන http://www.westernunionremission.com/ හරහා මීට අදාල සියලු විස්තර ඔබට දැනගත හැකිය.
මතක තබා ගන්න මේ සම්බන්ධ අයදුම්පත භාර ගන්නා අවසාන දිනය මැයි 31 දා. ඔබේ හිත මිතුරනුත් මේ ගැන දැනුවත් කරන්න.

මෙවැනි ස්කෑම් හරහා වසරකට ඩොලර් මිලියන 5ක පමණ මුදලක් ඔස්ට්‍රේලියානුවන් නැති කර ගන්නවා. බලදාරීන් කියන්නෙ බොහෝ දෙනෙක් මෙවැනි සිදුවීම් වාර්තා නොකරන නිසා ඇත්ත පාඩුවට මීටත් ව අති විශාලයි කියලා.
එනිසා අවදියෙන් ඉන්න. ඔබ අපේක්ශා නොකරන ත්‍යාග, ණය දීමනා, රැකියා අවස්ථා, විශාල මිල අඩු කිරීම් සහිත නිශ්පාදන සඳහන් කොට ඒ වෙනුවෙන් ඉල්ලා සිටින ගෙවීමක් හෝ පවුලේ කෙනෙක්ගෙන් එන හදිසි මුදල් අවශ්‍යතාවයක්, පොලීසියෙන් එන දඩ මුදල් ඉල්ලා සිටීමක් වැනි රැවටීම හරහා මුදල් වංචා කිරීම සම්බන්ධව අතිශය පරෙස්සම් වෙන්න.
ඒ නැතිවෙන මුදල් ගියේ කාටදවත් සොයා ගන්න බැහැ මෙවැනි wire transfer හරහා ඔවුන්ට මුදල් ලැබුනු පසු.
මෙවැනි වන්දි වැඩස්ටහනකින් පවා ඔබේ නැති වූ මුදල් සියල්ල ලැබේ යැයි සහතිකයක් නැහැ. එනිසා ඒ ගැන දැනුවත් වී එවැනි වංචාවලට හසු නොවීමට තමයි ඔබ ඉටා ගත යුත්තේ.

End transcript

අදාල සබැඳි..

ඔස්ට්‍රේලියානු රජයේ නිවේදනය

ScamWatch

Western Union Remission page



Tuesday, February 13, 2018

ෆෙස්බුක් බැලීම කුඩු ගැහුවා වගේද?

මේ ලිපිය  සෑහෙන අවධානයක් ගත් බව මට ලැබුනු ප්‍රතිචාරවලින් පැහැදිලි වුනා. ඒකට දිවයින යොදපු ලිපි ශීර්ෂයත් (Title)  බලපාන්න ඇති.

අදාල දිවයින ලිපිය 

ඒ ශීර්ෂයට මගේ එතරම් මනාපයක් නොවුනත්, වැඩි පාඨක අවධානයක් වෙනුවෙන් එය එසේ යොදා ගැනීම ගැන මගේ ගැටලුවක් නොමැත.

මේ එක්ක මගේ මිතුරෙක් මට හෙලිකරා මේ ලිපියම හිරු ගොසිප් එකේ ලිව්වෙ කව්ද කියන්නෙ නැතුවම දාලා කියලා, අඩු ගානෙ දිවයිනේ නමවත් සඳහන් කරන්න තිබ්බනේ.
පැහැදිලිවම අවම මාධ්‍ය සදාචාරයවත් නැහැ.. දිවයිනේ මාධ්‍ය සගයන් කිව්වෙ ඒ අය ඔය නිර්ලජ්ජිත වැඩේ නිතර කරනවා කියලා.. 

මෙන්න හිරු ගොසිප් එකේ ලින්ක් එක