Tuesday, June 5, 2018

නවත්ත ගන්න බැරි ලෙඩේ - "Stopping Cue"

++ Episode 27 ++
අපේ කුඩා කාලයේ අපි හැමෝම වගේ බොහොම ආස කල දෙයක් තමයි කැසට් පට.. එහි ඇති පටය කරකැවෙද්දි කැසට් යන්ත්‍රය හරහා සංගීතය ඇසෙන්නට පටන් ගැනීම් අපිට ඒ කාලයේ ඉන්ද්‍රජාලයක් වගේ. මේ කැසට් පට ධාවනය වෙද්දී එහි අවසානයට මොහොතකට පෙර. පටියේ අවර්ණ කොටස එනවත් සමඟ කැසට් යන්ත්‍රය එය ධාවනය කිරීම නතර කරන්නේ කොහොම්ද කියලා මට ඒ කාලයේ පොඩි කුතුහලයක් තිබුනා.. ඊට ටික කාලෙකට පස්සෙ මම දැනගත්තා, කැසට් පටයේ අවසානය ඒ කියන්නේ End of Tape (EOT) දිහා බලා ගෙන එන්න EOT sensor එකක් විසින් එය සැනින් කැසtයන්තරයට දැනුම් දීම මඟින් ධාවන හිස ටේප් එකෙන් ඉවත් කර ගන්න බව. ඒ කියන්නෙ එතන වෙන්නේ අවසානය ගැන ඉඟියක් හිසට ලැබීම මගින් කැසට් පටය ධාවනය වීම අවසන් වෙන එක.

මට මේ සිද්දිය මතක් වුනේ මීට ටික දවසකට කලින් මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්‍ය වරයෙක්, වසර පහක පමණ කාලයක් උපාංග ආශ්‍රිත තිර මඟින් මිනිස් මොළයට කරන බලපෑම ගැන කල අධ්‍යයනයක් සම්බන්ධව කල කෙටි දේශනයකට ඇහුම්කන් දීමෙන්. ඔහුගේ නම මහාචාර්‍ය ඇඩල් ඇල්ටර්. ඔහු මේ සම්බන්ධව ලියපු 'Irressitable' නම් වූ ග්‍රන්ථය ඉතා ජනප්‍රිය වුනා.


ඔහු හරි අපූරු දෙයක් සඳහන් කරනවා - Stopping Cue - ඒ කියන්නෙ යමක් නතර වෙන්න ඕනෙ කියල මොලයට එන සඤ්ඤාවක් - ඔහුට අනුව විසි වෙනි ශතවර්ෂය කියන්නෙ මෙවැනි ස්ටොප්පින් කිව් බහුලව තිබුන කාලයක්..අපි පත්තරයක් ගත්තත්, පත්තරය බලලා ඉවර වෙලා එන නවලා පැත්තකින් තියලා වෙන වැඩකට යනවා..පොතක් බලද්දි වුනත් එහෙමයි..එහි අන්තිම පිටුව කියවද්දි එහි නිමාව කියන මොළයට පනිවිඩය ගිහිල්ල ඉවරයි. චිත්‍රපටියක් වගේම ටෙලි නාට්‍යයක වුනත් එහි මේ සතියෙ කොටස අවසන් වෙලා අපි තව සතියක් අනෙක් කොටස එනකන් වෙන වැඩවල නිරත වෙනවා. ෆිල්ම් රීල් යොදාගත්තු කැමරාවක් ගත්තත්, අපි දන්න්වා ඡායාරූප ගන්න පුලුවන් උපරිම ගනන.. අදාල චායාරූප ගනන ගත් පසු, එය මුද්‍රනය වෙන තුරු අපි බලා ඉන්න පුරුදු වුනා.. කොටින්ම ඊමේල් වුනත් අපිට අලුතින් ආපු ඊමේල් කිහිපය බලලා අපි පරිගණකය වසා දමා වෙනත් කාර්‍යවල නිරත වෙන්න පුරුදු වෙලා තිබුනා.

නමුත් අද දවසේ තත්වය කොහොමද කියලා අවංකවම අපි හිතලා බලමුද?
විශේෂයෙන්ම සමාජ ජාලා හරහා අපි ඉදිරියේ නිමක් නැති විස්තර ඇල්ලක් ගලා යනවා හා සමානයි නේද?
පරිගනක තිරයක් හෝ ස්මාට් දුරකථන තිරයක් හරහා අපි ෆේස්බුක් වගේ පිටුවක පල්ලෙහාට scroll කරද්දි එය ඇත්තටම පතුලක් නැති (bottomless) ගමනක් වග අමතක වෙනවා. ෆේස්බුක් පමනක් නෙවෙයි, යූටියුබ් වැනි මාධ්‍යක පවා ඔබ දන්නවා ඔබ එක වීඩියෝවක් නරඹා අවසන් වෙන විට ඊට සමාන වෙනත් වීඩියෝ ඒ අසලින් ලස්සනට පෙල ගස්වලා තියෙනවා. මේ මහාචාර්‍යවරයා කියන්නේ මේ අලුත් ප්‍රවනතාවය නිසා වෙනදා අපේ මොලයට ගිය stopping cue එක දැන් නැතිවෙලා ගිහින් කියලා.. අවසන් ප්‍රතිපලය මිනිසුන් පැය ගනනක් ඒ වගේ තිරවලට ඇලි ගැලී විසීම.

මහාචාර්‍යවරයාට අනුව මේකට හේතු කිහිපයක් බලපාලා තියෙනවා. එකක් තමා තාක්ශනයේ ජංගම බව (mobility).. වෙනදා පරිගණකයෙන් ඉවතට යද්දි stopping cue එක ලැබුනත් දන් ඔහුගේ පරිගනකය ජංගම දුරකථනය නිසා එය ඔහු යන එන හැම තැනම ඔහු එක්කම ගමන් කරනවා. අනික් කාරනය මිනිස් මනසේ තියෙන ලක්ශණයක්, ඒ තමයි සමාජ ශීලි සත්ත්වයෙක් විදියට ලැබෙන ප්‍රතිචාර වලට තියෙන කැමැත්ත.. මේ සමාජ ජාලා පිටුපස සිටි සැලසුම් ශිපීන් මෙම දුර්වලතා ඉතා සූක්ශම විදියට භාවිතා කරන බව දැන් ප්‍රසිද්ධ රහසක්.

මින් අපිට ඉතා වැදගත් කාරනයක් සිහිපත් කරනවා.. මේ තාක්ශනික දියුනුවත් එක්ක වැඩි වැඩියෙන් මේ උපාංග අපි භාවිතා කරද්දි, අපි දැනුවත් නොවුනහොත් ඉන් අප්ගේ මානසික සෞඛ්‍යයට විශාල හානියක් වෙන්න පුලුවන් වග.

මම කියන්නෙ නැහැ අපි මෙම උපාංග භාවිතය අද සිට නතර කල යුතුයි කියලා.
එය ප්‍රායෝගික නැහැ. මේ තාක්ශණික දියුනුව නිසා අපිට ලැබෙන ප්‍රයෝජන අති මහත් පැහැදිලිවම. ඉන් නිසි පල ගන්න අතරේ අපිට සමබරතාවය පවත්වා ගන්නෙ කොහොමද්කියන එක තමයි වැදගත්.
එනිසා මම යෝජනා කරනවා අපි අමතක කරපු stopping cue එක වෙත නැවත යමු කියලා.. ඒ කියන්නෙ අපිම අපිට stopping cue පනවා ගන්න පුරුදු කර ගමු.
උදාහරනයක් විදියට දවසේ රාත්‍රී කෑම මේසෙදි පරිගනක තිර වාරනයක් පනවා ගන්න පුලුවන්. දිම්‍රිය මගියෙක් නම්, සමාජ ජාලා භාවිතය කෝච්චි ගමනට පමනක් සීමා කරන්න පුලුවන්, එහෙම වුනාම ගම්නාන්තයත් එක්ක නොදැණම අපට stopping cue එකක් එනවා.
මේ ගැන අපි හිතන්න ගත්තොත්, අපි නොදැනම අපේ stopping cue හදා ගන්නවා.
එක දිගට පරිගනක තිරයක් දිහා බලා ඉද්දි, ඔබට එක වරම ඔබෙන්ම ඉඟියක් ලැබෙයි, දැනට ඔය ඇති..දැන් පොඩ්ඩක් එලියට ගිහින් හිරු රැස්, සුලග විඳින්න ඇවිදින්න යන්න කියලා.. ඒ ඉඟියම ඔබට කියයි ඇවිදින්න යද්දි ෆෝන් එක නම් ඈතින්ම තියලා යන්න කියලා..

**********
අදාළ වීඩියෝව