Wednesday, October 3, 2018

ලොව ධනවත්ම පුද්ගලයා මවිත කල ශ්‍රී ලාංකීය ගණන් කාරයා


Aired on 3ZZZ Community Radio on 30th September 2018 - 4 mins

ජෙෆ් බේසොස් කියන්නෙ ලොව ධනවත්ම පුද්ගලයා. වසර ගණනාවක් මේ කිරුල හිමි කරගෙන සිටි Microsoft ආයතනයේ බිල් ගේට්ස්ට පලමු තැන අහිමි කරමින් ජෙෆ් ඉදිරියට
පැමිනියේ මේ වසරෙ මුල් කාර්තුවේ. වාර්තාගත ඉතිහාසය තුල පලමුවෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන් 100 ඉක්ම වූ පුද්ගලයා එනම් First ever centi-billionaire බවට ජෙෆ් මේ එක්කම පත් වුනා.
ජෙෆ් Blue Origin සහ Washington Post ආයතනවල හිමිකාරත්වය දැරුවත් ඔහුව ප්‍රධන වශයෙන්ම මෙතරම් සාරථකත්වයට පත් කලේ ඊ-කොමර්ස් වෙබ් අඩවි වල දැවැන්තයා වෙන Amazon ව්‍යාපාරය හරහාය.







පසුගිය සතියේ ජෙබ් බේසොස් එක්තරා සම්මුඛ සාකච්චාවදී ඔහුට විශ්ව විද්‍යාලයේදී හමු වූ අපූරු ශ්‍රී ලාංකිකයෙක් ගැන මතක් කරනවා. එම සිදුවීම ජෙෆ්ගේ ජීවිතයේ එක හැරුම් ලක්ශ්‍යක් වුන බව ඔහු කියනවා, කොටින්ම ජෙෆ් බේසොස් Amazon අඩවිය ආරම්භ කොට ලොව විශාලම ධන කුවේරයා වීම පිටි පස සිටියේ ශ්‍රී ලාංකිකයෙක්..

ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙදි, තම මිතුරෙක් එක්ක පැය ගන්න උත්සාහ කරත් විසඳා ගන්න බැරි වුන ඉතා අමාරු ගණිත ගැටලුවක්, විශ්ව විද්‍යාලයේ හිටි බුද්ධිමත්ම ශිෂ්‍යයා ලෙස ජෙෆ් නම් කරන යසන්ත වෙත ඔවුන් ගෙන යනවා. යසන්ත ගණිත ගැටලුව දෙස මොහොතක් බලා පිලිතුර පවසන්නේ ම්තුරන් දෙදෙනා විමතියට පත් කරමින්. එය විසඳුවේ තනිකරම හිතෙන්දැයි ඔවුන් අසනවා. එම ගැටලුව වසර ගනාවකට පෙර තමා විසඳූ වෙනත් ගැටලුවක් සමග සමපාත කරමින්, සිතෙන් පිලිතුර සොයා ගත් ආකාරය, පිටු තුනක් පුරා ලියවුනු වීජ ගනිතය සටහන් හරහා යසන්ත පැහැදිලි කර තිබෙනවා.
මේ මොහොතේ ජේෆ් තීරනය කර තිබෙනවා තමාට තව දුරටත් න්‍යායික භෞතික විද්‍යාව පැත්තෙන් ඉදිරියට යන්න බැරි වග.
ඔහු පරිගණක විද්‍යාව පැත්තට ‍යොමු වී ඇමසන් හරහා ධන නිධානයක් මතු කර ගැනීම පිටුපස මේ මොහොත තීරණාත්මක වන්නේ එලෙසයි.

කව්ද මේ යසන්ත? 
අද ඔහු සිටින්නෙ කොහිද? මේ සිදුවීම සම්බන්ධව ඔහුගේ මතකය කෙලෙසද?


 ඔහු නමින් යසන්ත රාජකරුණානායක.
අන්තරජාලය හරහා මේ කතාව ලැව් ගින්නක් සේ පැතිර යද්දි, එය නෙත ගැටුනු යසන්ත

එය සම්බන්ධව තම මවිතය පල කරමින් twitter පනිවිඩයක් එකතු කරලා තිබුනා. ඇත්තටම ඔහුට ආ ඊමේල් සහ පනිවිඩ ගනන එක්වරම ඉහල යාම නිසා, යසන්ත තමන්ගේ ගිනුම හැක් වීමකට ලක් වුනාදයි මුලදී තැති ගත් බව පසුව පවසා සිටියා.
ජෙෆ්ට තරම් විචිත්‍රවත් ව මතක නැතත්, මේ සිදුවීම 1985 වසරේ සිදු වූ වග යසන්ත සඳහන් කරනවා.

යසන්ත මේ වන විට කැළිෆෝනියාවේ මීඩියා ටෙක් නැමති සමාගමක ඉහල දූරයක් දරන අතර, තාක්ශණික අංශයෙන් ඔහු සතුව තිබෙන පේටන්ට් බලපත්‍ර ගනන 54ක්.. තවත් 40ක් වෙනුවෙන් ඔහු ඉල්ලුම් කරලා තිබෙනවා..
ඔහු පල කර තිබෙන පර්‍යේශන නිබන්ධන ගනන 50ට වැඩියි.

ජෙෆ් මතක් කල පරිදිම, මෙතරම් බුද්ධියකට හිමිකම් කියුවත් යසන්ත කියන්නෙ ඉතා නිහතමනි පුද්ගලයෙක්. ඒ ගුණය ඔහු ලඟ තාම තියෙන බව පසක් වෙන්නෙ, මෙලෙසින් ඔහු වෙත ළඟා වෙන අන්තර්ජාතික අවධානයට ඔහු ප්‍රතිචාර දක්වන නිවුනු ස්වභාවයෙන්.

ඔහු ලැබු ගණිතමය හැකියාවෙ හිමිකරුවා, ලංකාවෙදි උසස් පෙළ වෙනුවෙන් ඔහුට ගණිතය ඉගැන්වූ ගුරුතුමා නිසා කියන්නට තරම් මුල මතක තියෙන යසන්ත, Amazon නිර්මාණය වෙනුවෙන් ඔහුගේ උසස් පෙල ගණිත ගුරුවරයාත් ඒ ආකාරයෙන් දායක් වී ඇති බව පවසනවා.
යසන්ත ඔහුගේ මුහුණු පොතේ මේ ගැන සඳහන් කරන්නෙ මෙහෙමයි.

"It’s the butterfly effect, and cause and effect is a chain. Everything we do could matter!"

යසන්ත, ඔබගේ බුද්ධියත්, නිහතමානීකමත් හරහා ඔබ ඔසවා තැබුවේ ලක් මෑනියන්ගේ අභිමානයයි! මෙල්බර්න් ගුවන් විදුලි තරංග මාලා හරහා මෙලෙසින් ඔබට අපගේ ප්‍රනාමය පුද කර සිටිමු!




The radio program aired on 30th September 2018 - Episode 33 (4 mins)


Sources
Main: The video segment
1. Yasantha's interview with ThePrint
2. Yasantha's facebook page
3. Yasantha's linkedin profile
4. Yasantha's twitter page