Broadcast on 3ZZZ radio on 1 Sep 2019
මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්‍යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා.
උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එන ලෙසින් ආ ටෙක්ස්ට් පනිවිඩයකයින් කියවුනේ 'Package detained in Terminal' හෝ ' We are having problems delivering your package' - මේ එක්කම වැඩි විස්තර සඳහා වෙබ් අඩවියක ලිපිනයත් ඒ එක්කම සටහන් කරලා තිබුනා. දැන් මේ වෙබ් අඩවියට ගියාම එය හරියටම ඔස්ට්‍රේලියා පෝස්ට් වෙබ් අඩවියක් වගේ පෙනුනත් එය ඇත්තටම ඔවුන් මේ වංචනික වැඩය වෙනුවෙන් හදපු වෙබ් අඩවියක්. මේ හරහා ඔවුන් එයට පිවිසෙන අයට තමන්ගෙ පාර්සලය අවශ්‍ය නම් යම් ගෙවීමක් කරන්න නියම කරනවා.
බොහෝ දෙනෙක් මේ ස්කෑම් එක සැක නොකරන්න ප්‍රධාන හේතුවක් තිබුනා. ඒ තමයි එය එන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියා පෝස්ට් ටෙක්ස්ට් එවන නිල සන්නාම නාමය වෙන AusPost කියන Sender ID එක යොදාගෙනමයි. ඉතින් ජංගම දුරකථනවල එකම senderගෙ පනිවිඩ එකම conversation එකක් විදියට ගොනු කරලා පෙන්නන නිසා, ඇත්ත පනිවිඩ අතරෙම මේ හොර පනිවිඩයත් රැඳීමෙන් ඒ ගැන එක් වරම ඇති වෙන්නෙ විශ්වාසනීයත්වයක්. ජංගම දුරකථන තාක්ශනය තුල, ඕනෑම නමක්, එවන්නා ලෙස සටහන් කරන්න පුලුවන්. මෙලෙසින් වෙනත් නමක් භාවිතා කිරීම අපි හඳුන්වන්නේ SMS Spoofing කියලා. ඊමේල් වගේ තාක්ශන වලදිත් මෙලෙසින් ඊමේල් ලිපිනය වෙනත් ඊමේල් ලිපිනයක් කියලා spoof කරන්න තාක්ශනිකව හැකි වුනත් ඒවා පාලනය කරන්නට ශ නවතා දැමීමට තාක්ශනය තියෙනවා. නමුත් ජංගම දුරකථන ක්සේශ්ත්‍රයේ මේ සම්බන්ධ නියාමනයක් තවමත් නැහැ. ඒ නිසා මෙය සයිබර් හොරුන්ට හොඳ ඉල්ලමක්.
මෙම පනිවිඩ ඔබට බොහෝ දුරට එන්නෙ බැංකු, ටැක්ස් ඔෆ්ස්, පොලීසිය, මයික්‍රොසොෆ්ට් ආයතනය, ඔස්ට්‍රේලියා පොලිසිය වැනි කවුරුත් නමින් දන්න, බොහෝ දෙනක් සේවය ලබා ගන්න ආයතනවලින් එන විදියට - බොහෝ විට එම ප්නිවිඩ තුල හදිස්සි කර වීමකට යොමු කරන අතරෙ ඉක්මනින් ප්‍රතිචාර නොදැක්වුවහොත් හානිකර ප්‍රතිපල ලැබෙන බවක් ඉඟි කරනවා.
සයිබර් හොරුන් මේ හරහා කරන්නේ ඔබේ මුදල් සොරා ගැනීම හෝ ඔබේ පුද්ගලික තොරතුරු ඔබ ලවාම ඔවුන් වෙත ගෙන්වා ගැනීම. සමහර විට ඔබව වෙබ් අඩවියක් වෙත යොමු කරවා එය හරහා අහිතකර ම්ෘදුකාංගයක් දුරකතනය වෙත බා ගත කර ඒ හරහා ඔබගේ පුද්ගලික තොරතුරු සොරා ගන්නට ඔවුන් එය භාවිතා කරනවා විය හැක.
අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලදි අපට දුරකථනය අත හැර කටයුතු කරන්න බැහැ. බැංකු සහ වෙනත් ආයතනවල පනිවිඩ නිල කෙටි පනිවිඩ ලෙස එවන එක ඒ අයට නතර කරන්නත් බැහැ.
එසේ නම් මේ අවධනයෙන් ගැලවීමට නම් අපගේ විමසිලිමත්බව අත්‍යවශ්‍යයි.
එනිසා පනිවිඩය ඉතා පැහැදිලියි.
කිසිම දිනක, දන්න නමකින් ආවත් කෙටි පනිවිඩයක් හරහා ඔබව කලබල කර ගෙවීමකට යොමු කිරීම, පුද්ගලික විස්තර ඉල්ලා සිටීම වැනි කටයුත්තකට ඔබව යොමු කරන්නේ නම් ඒ ගැන ස්කෑම් වොච් වෙබ් අඩවියට දැනුම් දී එම පනිවිඩය මකා දමන්න.
"වෙස් මුහුනු බැඳන් sms එව්වට අපි නෑ රැවටෙන්නේ" කියලා අන්න එතකොට ඔබට කියන්න පුලුවන්.

No comments:
Post a Comment