Real Sri Lankan Scam Stories: Learning from Others' Mistakes
පසු ගිය ලිපි දෙක හරහා අප සයිබර් වංචාවක, තිරය පසුපස
ක්‍රියාන්විතය සහ ඔවුන් සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් මඟ හැර යාමට භාවිතා කරන
තාක්ශණික උපක්‍රම සම්බන්ධවත්
කෙටියෙන් සාකච්ඡා කල බැවින්, අද ලිපිය හරහා ලාංකීය ඩිජිටල් අවකාශය තුල සිදුවන වංචා,
සත්‍ය
උදාහරණ කිහිපයක් හරහා හඳුනා ගනිමු.
පහත සඳහන්
වෙන උදාහරණ, නම් පමණක් වෙනස් කිරීමක් සහිතව ඉදිරිපත් කෙරෙන සත්‍ය
සයිබර් වංචා විස්තර කරන අතර, ඉන් ඔබට එවැනි වංචාවකට නතු නොවීමට අවැසි අවබෝධය ලබා දීම අපගේ බලාපොරොත්තුවයි.
හදිසි බැංකු
පනිවිඩ (Urgent Bank Alerts)
කොළඹ
පුද්ගලික ආයතනයක සේවය කරන කමල්ට, දිනක සවස කෙටි පනිවිඩයක්
ලැබින. එය ඔහුට තමන්ගේ බැංකුවෙන් ලැබෙන නිල පනිවිඩයකට ඉතා සමාන විය. ඉන් ඉල්ලා තිබුනේ ඔහුගේ බැංකු ගිනුමේ අසාමාන්‍ය යමක්
(Suspicious activity) නිරීක්ශනය වී ඇති බවත්, එම ගිනුම
ආරක්ශා කිරීම වෙනුවෙන් පනිවිඩය
හරහා එවු link එක වහාම click කර අදාල
ආරක්ශිත පියවර ගන්න ලෙසයි.
තමන්ගේ
බැංකු ගිනුම සයිබර් හොරුන් අතට පත් වී ඇතැයි කලබල වූ කමල්, දෙවරක්
නොසිතා එම සබැඳිය click කල විට ඔහුව ගෙන ගියේ බැංකු වෙබ් අඩවියට අතිශයින් සමාන
හොර වෙබ් අඩවියක් වෙතටයි. එහි තම බැංකු ගිනුමේ පරිශීලක නාමය සහ මුරපද (username,
password, code) ඇතුලත් කරද්දී ඔහු නොදැන සිටි කාරනය වූයේ, මේ අවස්ථාවේ
මේ සියල්ල තිරය පසුපස සිට වංචනිකයින් සටහන් කරගෙන, ඒ හරහා
කමල්ගේ සත්‍ය බැංකු ගිනුම ඔවුන් සන්තකයට ගෙන ඉන් මුදල් සොරාගෙන ඇති වග.
උගත් පාඩම්: සාමාන්‍යෙන්
ප්‍රධාන බැංකු හෝ මූල්‍ය ආයතන, කෙටි පනිවිඩ හෝ ඊමේල් හරහා එවන link හරහා
පුද්ගලික විස්තර හෝ ගිනුම් විස්තර ඉල්ලන්නේ නැත.
නිතරම
බැංකුව සමඟ කරන සියලු ගනුදෙනු නිල බැංකු වෙබ් අඩවිය, ඇප් එක හෝ නිල දුරකථන මාර්ග හරහා පමණක් කලයුතු වේ.
කිසි දිනෙක
බැංකුවෙන් එනවා යැයි ලෙසින් පෙනී සිටිමින් එවන යොමු click කරන්න එපා.
හිතාගන්න
බැරි තරම් ජාලගත වාසි (Too-Good-To-Be-True Online Deals)
තම
මුලුතැන්ගෙට අවශ්‍ය උපකරණයක් Facebook වෙළඳපොල (Marketplace)
හරහා
සොයමින් සිටි ගාල්ලේ ප්‍රියානිට, තමන්ගේ ඇස් අදහාගත
නොහැකි යමක් දකින්නට ලැබිනි. ඇය සොයමින්ම සිටි, ඉතා මිල අධික සන්නාමයක උපකරණයක් සිතා ගත නොහැකි අඩු මිලකට එහි
ලැයිස්තු ගත කර තිබුනි. එය විකුණන පුද්ගලයා හරහා එය ලබා ගන්නා ආකාරය සන්නිවේදනය
කරගත් ඇය, ජංගම දුරකථන ඇප් එකක්
හරහා ඔහුට ඒ මොහොතේම මුදල් යැවුවාය. නමුත් ඇයට
කිසි දිනෙක එම මිලදී ගත් උපකරණය ලැබුනේ නැත. අදාල වෙලඳ දැන්වීමද අතුරුදහන් වී තිබුනි.
උගත් පාඩම්: ඇදහිය
නොහැකි තරම් වාසි ලබාදෙන, ජාලගත වාසි (online
offers) ගැන විමසිලිමත් වෙන්න. විශ්වාසනීය සහ නිල වෙබ් අඩවි, official apps ආදියෙන්
පමණක් මිලදී ගැනුම් කරන්න. එවැනි සේවාවන් හරහා ආරක්ශිතව ගනුදෙනු කල
හැකි අතර, මතභේදයකදී ඉතා පහසුවෙන් ගැටලු නිරාවරනය කර ගැනීම (conflict
resolution) සහ පාරිභෝගිකයාගේ ආරක්ෂාව (buyer protection) ද ලැබේ.
නමුත් සමාජ ජාලා වෙලඳපොල හෝ කිසි දිනෙක නම අසාවත් නොමැති වෙබ් අඩවි හරහා කරන
ගනුදෙනු සම්බන්ධයෙන් එම සහතිකය නොලැබෙන නිසා, අප එවැනි
සේවාවක් භාවිතා කරන්නේ නම් ඉතා සුපරීශාකාරී වියයුතු වේ.
ඉහල ප්‍රතිලාභ
ආයෝජන අවස්ථා (High-Return Investment Schemes)
සුරේශ්
විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අවසන් කොට රැකියාවක් සොයමින් සිටින අතරේ දුටු cryptocurrency
ආයෝජනයක්
සම්බන්ධ ජාලගත වෙලඳ දැන්වීමක සඳහන් වූයේ ඉතා සුලු මුදලක් ආයෝජනය කොට සහතික ලත් ඉහල
ප්‍රතිලාබ (guaranteed high returns) ඉන් ලබා දෙන බවයි.
මේ අඩු
අවධානම් ආයෝජනය ඔහුගේ සිත් ගත්තේය. ඉතා අඩු
ඉතිරුම් මුදලක් පමණක් තිබූ සුරේශ් සිහින මැව්වේ මේ හරහා වැඩි මුදලක් පහසුවෙන් සහ
ඉක්මණින් එකතු කර ගැනීමටය.
මූලික මුදල
යොදා, ගිනුමක් සාදා ගත් ඔහුට දකින්නට ලැබුනේ ඒ වෙන විටත් ඉතා
විශාල පොලියක් ඔහුගේ මූලික ආයෝජනයට ලැබී ඇති බවය. මින් උද්දාමයට පත් ඔහු තමා
සන්තකයේ ඇති ඉතිරි මුදලද එයට එකතු කලේය.
නමුත් එම
ආයෝජන ගිනුමෙන් ඔහු මුදල් ගන්නට උත්සාහ කල විට ඒ සඳහා බාධක, ප්‍රමාද
වීම් ආදිය පමනක් නොව, මුදල් නිදහස් කිරීමට අමතර සේවා ගාස්තු පවා ඉල්ලන්නට විය. ඒ සමඟම, ආයෝජන පද්ධතියම (onlinenplatform)
අතුරුදන්
වූයේ ඔහුගේ මුලික තැන්පත් කිරීමත්, එයට ලැබුනු 'ඉහල ප්‍රතිලාභයත්'
වාෂ්ප
කරමිනි.
උගත් පාඩම්: අඩුම
අවදානමක් හරහා විශාල ප්‍රතිලාභ ලාබ දෙන බව පවසන, විශේෂයෙන්ම cryptocurrency
සහ විදෙස්
විනිමය (forex) වැනි ද්‍රැවශීලී (volatile) ආයෝජන
අවස්ථා සම්බන්ධයෙන් විමසිලිමත් වෙන්න.
අවදානමක්
නැති හෝ අඩු ආයෝජනයක් හරහා සහතික ලත් ඉහල ප්‍රතිලාබයක් ලැබෙන බව පවසන විටම එය
වංචාවක අනතුරු හැඟවීම් (red flags) පෙන්වයි.
හැමවිටම ස්වාධින විමර්ශනයක් සිදු කොට, ව්ෘත්තීමය
සහ විශ්වාසනීය මූල්‍ය උපදේශකවරයෙක් සමඟ සාකච්ඡා කොට තමන්ගේ මුදල් ආයෝජනයක් වෙත
යොමුකිරීම සුදුසුය.
හොඳින් මතක
තබා ගන්න. කිසි දිනෙක අව්‍යාජ ආයෝජනයක් සහතික ලත් ඉහල ප්‍රතිලාබ පොරොන්දු නොවනු
ඇත. (Legitimate investments never guarantee returns)
මේ හැම
කතාවක්ම කියා දෙන්නේ පාඩමකි.
සයිබර
වංචාවන්ට වයස්, පසුබිම්,
තාක්ශණික
හැකියාවන්ගේ බේදයක් නොමැත. හැම දෙනාම ඔවුන් ඉලක්ක කරන අතර, ඒ හැම
පසුබිමකම අය අඩු වැඩි වශයෙන් ඊට ගොදුරු වේ.
එයට හේතුව
වන්නේ, අප මුල් ලිපියෙන් සාකච්ඡා කල පරිදි වංචනිකයන් ඉලක්ක
කරන්නේ විශ්වීය වශයෙන් සෑම මිනිසෙකුටම අදාල ඉක්මනින්
කලබල වීම, අධිකාරිත්වයන් වෙත තිබෙන බය පක්ශපාතකම, මූල්‍ය
වාසිය වෙනුවෙන් වෙන ආසක්තභාවය,
පීඩනයෙන්
තීරණ ගැණීමේදී තර්කානුකූල බවෙන් ඈත්වීම් වැනි මූලික මනෝවිද්‍යාත්මක නැඹුරුතා හෝ
සංජාණන පක්ශපාතකම්ය.
ජාලගත නව
ලෝකය තුල ඔබේ ආරක්ශාව වන්නේ දැනුමෙන් සන්නද්ධ වීමයි. ඔබට ලැබෙන බලාපොරොත්තු සහගත නොවු කෙටි පනිවිඩය, ඊමේලය,
සිතා
ගන්නටත් බැරි වාසියට හෝ හදිසි ඉල්ලීමකට/තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට පෙර, මොහොතකට
හිතන්න.
මේ උදාහරණ
ඔබ සමඟ බෙදා ගත්තේ මේ හරහා ඔබ තුල අනිසි බියක් ඇති කිරීමට නොවේ. තවත් කෙනෙකුට වුනු
විපතක් තුල, ඔබව ඉලක්ක වෙන වංචාවකට හසු නොවීමට අවශ්‍ය මූලික අවබෝධය
මින් ඔබට ලැබෙන නිසාවෙනි.
No comments:
Post a Comment