Thursday, March 19, 2020

Episode 54: Coronavirus සහ Working From Home



(Broadcast on 3ZZZ Melbourne Community Radio on 15th March.  Stats mentioned were accurate at the time of recording the episode)

කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්.  ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා.
පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා. 
Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා.
නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක්  ගෙන එන අයුරු ගැන..
අද මම කතා කරන්නෙ Working From Home කියන ප්‍රවනතාවයේ නැගුම ගැන..
Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්‍යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ.

නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්.. 
අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing  අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා.
උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා. 
මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා. 
විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍ය‍යන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි.
මා දන්නා එක් පාසලක,  බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්‍රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි.

සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ. 
එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න.

ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්. 
නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්.  මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත.
ඒ අවකාශයම අඳුරු බලවේග නි‍ර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු.

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.

iTunes 
Google Podcasts



Episode 53: ඔලු ගෙඩි පලන ටික් ටොක් පිස්සුව


"මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ..
තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ    තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්.

අද මම කතා කරන්නෙ, මේ දිනවල ටික්ටොක් කියන සමාජ ජාලාවකාශ‍යේ, තරුන දරුවන් අතර පැතිර යන එවැනි භයානක සෙල්ලමක් ගැන 
මේකට කියන්නෙ TikTok Skull Breaker Challenge කියලා. 
මෙහිදී සිදු වන්නේ මේ ගැන නොදන්නා මිතුරෙක්ට උඩ පනින්නට උපදෙස් දී, දෙපසින් සිටින මිතුරන් දෙදෙනෙක් උඩ පනින පුද්ගලයාගේ දෙපාවලට එක විට පහර දී බිම හෙලීමයි. බිමට වැටෙන පුද්ගලයාගේ කොන්ද සහ හිසේ පසුපස මේ හේතුවෙන් තදින් පොලොවේ වැදීමක් සිදු වෙනවා. මෙය වීඩියෝ ගත කරන හතර වෙනියා එය සමාජ ජාලා අවකශයට එකතු කරනවා. 
ලොව වටා මෙය රැල්ලක් ලෙස පැතිරීම හේතුවෙන්, මේ prank විනෝදයේ ගොදුරු වූ තරුණ ලමයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තියෙනවා. 
පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේදි මීට සම්බන්ධ පලමු මරණය වාර්තා වුනා..ඒ දහසය හැවිරිදි ගැහැනු ළමයෙක්. 
අන්තර්ජාලයේ මේ දිනවල වේගයෙන් පැතිර යන එක් වීඩි‍යෝවකට අනුව, වෙනිසියුලාවේ පාසලක තරුණ දරුවෙක් හිස කෙලින්ම කොන්ක්‍රීට් පොලොවෙ වදින ලෙස මින් අනතුරට පත් වෙනවා. පසුව වාර්තා වුනේ මේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවත්, එම පාසල මේ ගැන විශේෂ පරීක්ශනයක් පවත්වන බවත්ය. 

මේ බිහිසුනු ක්‍රීඩාව ගැන ලොව වටා වෛද්‍යවරුන් දැඩි අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව හිස් කබල බරපතල ලෙස් තුවාල වීම නිසා ජීවිත කාලයටම බලපාන දුබලතා, අංශභාගය හෝ මරණයට පවා මින් ගොදුරු විය හැකියි. එසේම වේගයෙන් බිම වැටෙන කෙනෙක් අවසන් මොහොතේ ඉන් ගැලවීමට දෑත් යොදා ගැනීමට උත්සාහ දැරීමෙන් අස්ථි බිඳී යාම්ද විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

දරුවන් ස්වභාවයෙන්ම අවදානම සහගත වැඩ කරනවා,   ත්‍රාසය, උද්වේගය පාලනය කිරීමට අවශ්‍ය මොලයේ ක්‍රියාකාරිත්වය (impulse management) මූලික තරුණ වයසේ දරුවන්ගේ සම්පූර්ණැයෙන්ම ව‍ර්ධනය නොවීම මීට හේතුවයි. ඒ හේතුවෙන් අන් අයගේ අවධානයට පාත්‍ර වෙන සුලු, ත්‍රාසජනක (thrill-seeking) ක්‍රියාවන් වෙත ඔවුන් නිතැතින්ම ආකර්ශනය වෙනු අපිට දක්නට ලැබෙනවා. සමාජ ජාලා හරහා වැඩියෙන් ෆල්ලොවර්ස්ලා, ලයික්ස් ආදියෙන් දෙන උත්තේජනයට ඔවුන් ලොබ බඳින්නේ එනිසයි.

දෙමාපියන් සහ වැඩිහිටියන් විදියට ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම, කරුණාවෙන් එහි අවධානම පැහැදිලි කිරීම අනිවාර්‍යෙන්ම විය යුත්තක්. ටික් ටොක් වැනි සමාජ ජාලා හරහා මීට කලිනුත් මේ වගේ භයානක් ප්‍රවනතා වාර්තා වුනා.. බොහෝ විට වයස අවුරුදු 13ට අඩු දරුවන් විශාල ප්‍රමානයක්, දෙමාපියන්ගෙ අනුදැණුමකින් තොරව ටික් ටොක් වෙත තමන්ගේ නිදන කාමරයේදි හෝ , පාසලේ මිතුරන් සමග ගන්නා වීඩියෝ ආදිය එකතු කරනවා. කාමාතුරයන් සැරිසරන අන්තර්ජාලය තුල මෙහි අවධානම ගැන ඔබට අමුතුවෙන් කියන්නෙ ඕනෙ නැහැ නෙ..

පෙබරවාරි 11 වෙනිදා Safer Internet Day ලොව පුර සැමරුවා.. එහිදී බොහෝ විට කතා වුනේ Cyber Security පැත්ත ගැන.
නමුත් මෙතරම ප්‍රයෝජනවත් සයිබර් අවකාශයම, අපේ දරුවන්ගේ ජීවිත පවා බිලි ගත හැකි  Skull Breaker Challenge වැනි පිලිල සහිත අවදානම් කලාපයක් වෙද්දි, Security පැත්ත අභිබවා Safety ගැන දැඩි අවධනයක් යොමු කරන්න අපට වෙලා තියෙනවා. 
මෙතනදි ඇත්තටම තාක්ශණයෙන් කල හැකි දේ හරිම අල්පයි.. 
ඔබ අප දැනුවත් වීමත්, දරුවන්ට ආදර‍යෙන් ම  මේ කාරනාවලට මැදිහත් වීමත් හරහා අපට පුලුවන් වෙනසක් කරන්න. 
හෙට දවසේ ලෝකය හිමි දරුවන්ගේ ඔලු ගෙඩි  මහ පොලොවේ වදින්නට නොදී රැක ගැනීම අද දවසේ ඔබත්, මාත් වෙත පැවෘනු වගකීමක් බව අප මතක තබා ගත යුතු වෙනවා.



Monday, February 10, 2020

පොඩිම දරුවන් අන්තර්ජාල ඇබ්බැහියෙන් බේර ගන්න ඕනෙද?


Image result for safer internet day

අද ඔස්ට්‍රේලියාවෙ Safer Internet Day. ඒ වෙනුවෙන් අපගේ රැකියාවෙ කාරයභාරයක් විදියට අපි විවිධ දැනුවත් කිරීම් කරනවා. මේ වෙලාවෙ ඒ වෙනුවෙන් රාජ්‍ය නායකයාගෙ ප්‍රදානත්වයෙන් ජාතික මට්ටමේ සම්මේලනයකුත් Canberra නගරයෙ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙ පැවැත්වෙනවා.

මේකට සමගාමීව, රජයේ eSafety දෙපාර්තමේන්තුව වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට උපකාරි වන්නේ කෙසේද යන තේමාව යටත්වේ පොත් පිංචක් නිකුත් කරලා තියෙනවා..

ඒ නිසා අද දවසෙ වැදගත්කම මතක් කරන අතරේ ඔබ සැම එක්ක ඒ පොත භාගත කර ගත හැකි ලින්ක් එක බෙදා ගන්න හිතුවා..

එය ඉතා සරල උප්දෙස් වලින් සමන්විතයි.. ඒ නිසා මම ඒක කියවලා අන් අය එක්ක බෙදා ගන්න කියලා රෙකමදාරු කරනවා

>>>>>>>  link  <<<<<<


Monday, January 27, 2020

Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!


අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක  අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි.
Image result for roads where we're going memeඅතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනයාට කියූ ප්‍රසිද්ධ කියමන මෙහිදී මතක් වෙනවා.. 
"Roads... where we're going, we don't need roads"
චිත්‍රපටයේ ඔවුන් දුටු 2015 ඔක්තෝම්බර් 21 දා ඉක්ම ගිහිල්ලත්, එදා ඔවුන් අනාවැකි කියූ ගුවනින් යන කාර් ඇත්ත වුනේ නැහැ නේද? ඔව්. නමුත් එය 2020 වසරේ සත්‍ය වෙන හැඩයි. අද අපි කතා කරන්නෙ අහසින් යන කාර් ගැන.

ලොව අති නවීනතම තාක්ශයන් හඳුන්වා දෙන, ඇමරිකාවෙ ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු   Consumer Electronics Show හිදී අහසින් යන්න පුලුවන් ටැක්සි සේවාවක් ගැන, මීට සති කිහිපයකට කලින් අහන්න ලැබුනා. 
මෙහි වැදගත්ම පනිවිඩය තමා මේ ගුවන්  ටැක්සි සේවාව 2023 වෙන විට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වසරේදී නගර තුනක නියමු ව්‍යාප්ෘති ගුවන් ගමන් පවත්වන්න සැලසුම් කිරීම.  ෙම නගර තමයි ලොස් ඇන්ජලිස්, ඩැලස් සහ මෙල්බර්න්.  ඒ කියන්නෙ ඇමරිකාවෙන් පිට,  මේ වසරේම, මෙවැනි ගුවන් ටැක්සියක් පියාසර කරනවා දකින්නට ලැබෙන්නෙ මෙල්බර්න් අහසේ පමණයි.

මේ සේවාවා හඳුන්වා දෙන්නෙ ඔබ බොහෝ දෙනෙක් දන්න ටැක්සි සේවාවක් වෙන Uber. ඇත්තටම Uber හඳුන්වන්න වෙන්නෙ Cyber based ride-sharing සේවාවක් විදියට මොකද ටැක්සි සේවාවක තියෙන කේන්ද්‍රගත සැකැස්ම වෙනුවට මෙහිදී වෙන්නේ වෙබ් අඩවියක් ගෝ ඇප් එකක් හරහා, ඒ ආසන්නයේ මෙම සේවාවා ලබා දෙන වෙනත් කෙනෙක්ගෙ වාහනය හරහා තමන්ගේ ගමන ගොස් ඇප් එකෙන්ම ගනුදෙනුව නිමා කිරීම. සමහර විට නොදන්න කිහිප දෙනෙකුට වුනත්, ඇප් එක හරහා අදාල මුදල බෙදා ගෙන එකට ගමන යන්න පුලුවන්. මින් ඔබට පැහැදිලි ඇති, දුරකථන ඇමතුමක්වත් නොදී, ඇප් එකක් හරහා, තමා අවට මේ සේවාව සපයන්න එකඟ වෙන ඕනෑම ඌබර් වාහනයක සේවාව ලබා ගැනීමට හැකි වීම ඇත්තටම සාම්ප්‍රදායික ටැක්සි සේවාවන් අර්බුධයට යැවීමක්.

මේ ride sharing සේවාවේ ලොව දැවැන්තයා තමා Uber. මහා මාරගය ජයගත් ඔවුන්, ගුවන ජය ගන්න Uber Elevate කියලා තවත් ආයතනයක් පිහිටවූවා. Hyundai මෝටර් සමාගම සමග එකතු වී මේ සඳහා යොදා ගැනීමට ඔවුන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන  විශේෂ ගුවන් ටැක්සිය තමයි ඔවුන් එදා මුල් වතාවට ජනතාවට පෙන්වුයේ. 

The Jetsons-style vehicle will put Melbourne commuters in the air. Picture: Supplied.
S-A1
කෙලින්ම ඉහලට සහ පහලට යා හැකි ලෙස නිම වෙන මේ විශේෂ කුඩා ගුවන් යානවලට කියන්නේ ' Personal Air Vehicle' කියලා - මේ පලමු නිර්මානයට ඔවුන් දීලා තියෙන නම S-A1. එයට මීටර් 600ක් ඉහල අහසේ පැ.කි.ම් 290 කුපරිම වේගයක් සමඟ කි.මී 100ක් දක්වා පියාසර කරන්න පුලුවන්. එක වරකට හතර දෙනෙකුට මෙහි ගමන් ගන්න පුලුවන්. මුලදී නියමුවන් සහිතව මෙම යාන ගුවන් ගත වුනත් පසු කාලෙක නියමු රහිත යාන ලෙස යානා නිර්මානය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. 
Hyundai has created a full-scale “air taxi” for Uber’s upcoming Air service. Picture: Supplied
මෙල්බර්න් නගරයේ මෙය මුලින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ නගරය සහ ටලමරින් ගුවන් තොටපල අතරයි. දැනට පැයක ගමනක් වෙන මේ දුර ගුවනින් විනාඩි 10ක් දක්වා අඩු වෙනු ඇත. 
මෙම ආයතනය පවසන්නේ, ඉදිරියේදී අදාල නිලධාරීන් සහ ප්‍රජාවන් සමඟ එක්ව නව launch pads සහ ගමන් මාර්ග ස්ථාපිත කිරීමටත්, ඊට අදාල යටිතල පහසුකම් සහ රෙගුලාසිමය කටයුතු නුදුරු අනාගතයේම සිදු වෙන බවත්ය.
මෙය ඉතා මිල අධික  ගුවන් ගමනක් වේ යැයි දැන ඔබ සිතනවා ඇති. Uber Elevate ආයතනයට අනුව, මෙම ගමනේ ගාස්තුව, UberX Luxury කාර් එකක ගමනක් වෙනුවෙන් වැය වන මුදලම පමනයි. කටයුතු එසේ සිදු වේ නම්, මෙම ගුවන් ගමන් සාමාන්‍ය ජනතාවට ඉතා පහසු මිලට, ඉතා අඩු කාලෙකින්, පරිසර හානිය අවම වූ, සන්සුන් ගමනකට මඟ විවර කරන විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.

අපිට කොතනට හරි ඉතා ඉක්මනින් එන්න කියලා ඉල්ලීමක් එද්දි, ප්‍රායෝගිකව එය පහසු නොවෙනකොට, කතා ව්‍යවහාරයේදී කියවෙන ප්‍රකාශයක් තියෙනවා "උඩින් එන්න කියලද කියන්නෙ" කියලා? 


කාරනා කටයුතු සිද්ධ වෙන විදියට, නුදුරු අනාගතයෙදි, මේ කතාව මෙන්න මේ විදියට වෙනස් වෙන හැටියක් තමයි පේන්න තියෙන්නෙ.
An early artists impression of how the flying Uber would look in the sky.
"පොඩ්ඩක් ඉන්න.. මම ටැක්සියක් අරං උඩින් එන්නම් මේ දැන්ම"



sources:
https://www.news.com.au/technology/uber-reveals-details-of-melbournes-new-flying-taxi/news-story/501147a7d8c5f31590e21851656d4901

https://www.uber.com/au/en/elevate/uberair/

Cyber Wiparama දැන් පහත ඕනෑම Podcast App එකක් හරහා ශ්‍රවණය කල හැකිය.


iTunes 
Google Podcasts






Wednesday, January 1, 2020

2020 නව වසරට ආසිරි!

2019 වසර සයිබර් විපරමට ඉතා විශේෂයි.. ඒ තමයි අපි podcast අවකාශයට ගිය වසර..

ලංකාවෙ සමාජ ජාල ජනප්‍රිය වුනාට, podcast කියන එක භාවිතාව හරිම අඩු තැනක තියෙන්නෙ, එය කෙතරම් ප්‍රබල මාධ්‍යක්ද කියලා ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. (මේ ගැන වෙනම කථාංගයක් කරන්න මම ඉන්නෙ)

දැනට සයිබර් විපරම podcast එක ප්‍රධාන podcast directories ඔක්කොගෙම වගේ list වෙලා තියෙන්නෙ. ප්‍රධාන ඒව තමයි Apple, Android, Spotify, TuneIn ආදිය. ඒ කියන්නෙ Apple, Google හෝ Voice Assistant හරහා පණ ගැන්වෙන ඕනෑම podcast app එකක් හරහා සයිබර් විපරම අසන්නට, subscribe කරන්න පුලුවන්... subcribe කරපු අයට මම අලුතෙන් දාන අලුත් Episode කෙලින්ම තමන්ගේ ෆීඩ් එකට එකතු වෙනවා.. මේ ගැන විස්තර පසුවට.. (අදාල links ටික මම මේ පෝස්ටුව අගට එකතු කරන්නම් - ඔබ කැමති නම් ඔබේ phone එකේ තියෙන podcast app එකේ, Cyber Wiparama හෝ මගේ නමේ කොටසක් (yatagama) search කොරොත් podcast එක හොයා ගන්න පුලුවන්)

2019 වසරෙ මගේ රැකියාවෙත් වෙනසක් වුනා, ඒ තමයි තාක්ශණික පැත්තෙ කාර්‍යබාරයන් පැත්තක තියල, දැණුවත්කිරීමේ වගකීම සහිත පැත්තකට මම මාරු වුනා.. මම Education පැත්ත ගැන විශේෂ උනන්දුවකින් ඉන්න බව අපේ කන්ඩායමේ ඉහළම නිලදාරිනියගේ සිට සියලුම දෙනා අතර ප්‍රසිද්ධ කාරනයක්. ඉතින් ඒ අය මේ ගැන මම විමසුවහම ඉතා කැමැත්තෙන් මට ඒ වගකීම භාර දුන්නා.
ඒ වගකීම භාර අරන් මාස ගණනක් පමණක් වුනත්, මගේ ව්ෘත්තීය ජීවිතේ මා වඩාත්ම සතුටින් කල කර්තව්‍යය පවා නිම කරේ ඒ කාල සීමාවේ.. (ඒ ගැනත් වෙනම පෝස්ට් එකකින් කියන්නම්)

එනිසා 2020 ගැන මට තියෙන්නෙ සුබවාදී දර්ශනයක්..
දන්න චුට්ට, පුලුවන් විදියට කියල දෙන්න මේ තියෙන ඇම්ම මේ අවුරුද්දෙ තව උත්සන්න වෙයි කියලා මට හිතෙන්නෙ ඔය නිසා..

අඩුපාඩු, තව දියුනු කර ගත යුතු තැන් ඇත්නම් කියන්න මොකද මේ වැඩේ කරන්නෙ පොරක් වෙන්න නොව, හැකි දෙයක් කරන්න තියෙන ආසාව නිසාවෙන්..

ඔබ සැමට සාමය, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!

Apple podcast feed
Android feed
TuneIn feed
Spotify feed

Sunday, December 29, 2019

Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence දඩය ඔබට එවනු ඇත.



ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා.  පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධ‍යයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා ගැන මාර්ගයේ දර්ශනය වෙන පුවරු මේ කැමරා සඳහා නොමැති අතර ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දර්ශන ලබා ගත හැකි ස්ථාවර සහ ජංගම කැමරා පද්ධතියක් මීට ඇතුලත්.
ඔබත් සමහර විට නිවාඩු කාලයට සිඩ්නි නගරයට වාහනය පදවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි.   නමුත් කලබල වෙන්න එපා. නිව් සවුත් වේල්ස් රජය මුල් මාස 3ක කාලය පුරාවට, වැරදිකාර පාර්ශව වෙත එවන්නේ 'අවවාදත්මක ලිපියක් පමනයි'. ඒ කියන්නෙ මේක 3 months grace period එකක්. එම කාලයෙන් පසුව, කැමරා හරහා නීතියේ රැහැනට හසු වෙන රියදුරන්ට $344 ක මූල්‍යමය සහ ඩිමෙරිට්ස් පොයින්ට්ස් 5ක දඩයක් නිකුත් කරනවා, පාසල් සීමාවේ නම් දඩ මුදල $457ක්. 
මෙතරම් විශාල වාහන ප්‍රමානයක්ෙක දිගට නිරීක්ශනය කරන්නේ බලාධරීන් යැයි සිතුවොත් එය වැරදියි. ලොව වටා මේ වෙනුවෙන් යොදාගත් හැකි නවීනතම තාකශයන් ගැන අධ්‍යයනයකින් පසු,   ක්ෘතිම බුද්ධිය (Artificial Intelligence) තාක්ශනය සමඟ සම්බන්ධ කෙරුනු මෙම mobile phone detection camera systemය නිර්මාණය කල බව රජයේ  Transport for NSW වෙබ් අඩවියේ සඳහන් වෙනවා. 
මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මෙහෙමයි.
කැමරා පද්ධතිය එය පසු කර යන සියලු වාහන වල. ඉදිරිපස අසුන් වල පැහැදිලි සහ High Definition රූප ලබා ගෙන එසැණින් ඒවා සියල්ල පරිගණක පද්ධතියට යොමු කරනවා.  Artificial Intelligence හරහා මෙම ලැබෙන චායාරූපවල රියදුරා ජංගම දුරකථනයක් අත දරා ගෙන සිටිනවාද යන ඡයාරූප තෝරාගෙන flag කරන්නට මෙම පරිගණක පද්ධතිය සමත්ය. මෙලෙස සැක සහිත ලෙසට ෆ්ලෑග් වුන ඡයාරූප පමනක් අදාල පුහුණුව ලත් නිලධරීන්ට දර්ශනය වෙනවා. එය ඔවුන් අනුමත කල හොත් පමණක්, පද්ධතිය විසින් එම වාහනයේ හිමිකරුට දඩය සම්බන්ධ infringement notice එක නිකුත් කරනවා. සැක සහිත ලෙස සලකුනු නොවූ සියලු ඡයාරූප පැයක් ඇතුලත දත්ත ගබඩාවෙන් මැකී යනවා.
රජය මේ සියලු ලබා ගන්නා රූපමය දත්ත, Privacy නීතියට අනුගතව පරිශීලනය වෙන බව සහතික වෙනවා. 
Image result for sydney mobile phone detection camera
Actual Images detected by the camera system
කොහොම වුනත් මේ තාක්ශනය නිසා සෑහෙන ලෙසින් වාහන පදද්දී ජංගම දුරකථන අතට ගෙන පරිහරනය කිරීම අඩු වී ඉන් වාහන අනතුරු සෑහෙන අඩු වෙන බවට බලධරීන් බලාපොරොත්තු වෙනවා. 
අපි හැමෝම අනතුර දන්නවා නමුත් සමහර වෙලාවට, අපිට එහෙම වෙන එකක් නැහැ කියා සිතලා, එම වැරදිම කරනවා. නමුත් අපේ පහසුව වෙනුවෙන් kiyaa එවැනි නරක පුරුදු අපිට නතර කර ගත නොහැකි නම්,  මෙවැනි දියුණු තාක්ශනය සහ නීතිමය දඬුවම් හරහාවත්, අපේත් අනෙක් අයගේත් ආරක්ශා වෙනුවෙන් අප වෙනස් වීමට බල කෙරෙනවා නම්, එය යහපත් ප්‍රවනතාවයක් බව පිලි ගන්න වෙනවා.

මෙම නව පද්ධතිය හඳුන්වා දෙමින්, ප්‍රාන්ත මාරග අමාත්‍ය ඇන්ඩ්ෲ කොන්ස්ටන්ස් මහතා සඳහන් කල කාරනයක් අවසන් වශයෙන් මෙහිදී සිහි කරන්නම්.


“At 60km/h if you look at your phone while driving for just two seconds, you travel 33 metres blind – it’s dangerous, it’s stupid and it needs to stop,”  
Image result for sydney mobile phone detection camera
It's dangerous, it's stupid and it has to stop.

sources
https://www.news.com.au/technology/innovation/motoring/on-the-road/thousands-of-drivers-caught-out-by-nsw-mobile-detection-cameras/news-story/6a725263dfc8f95752a2e2cb071332df
https://roadsafety.transport.nsw.gov.au/stayingsafe/mobilephones/technology.html

Wednesday, December 18, 2019

Episode 50 EXCLUSIVE: "ඇයි Facebook ලංකාවට මෙහෙම කරන්නෙ?" - international journalist Amantha Perera

Broadcast on 3ZZZ radio on 17 Nov 2019

 සිංහලෙන් සහ දෙමළෙන් Facebook හි අන්තර්ගත නියාමනය (content moderation) සම්බන්ධ ගැටලු සහ අභියෝග ගැන මාධ්‍යවේදී අමන්ත පෙරේරා සමග කල සාකච්ඡාව

Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10

Broadcast on 3ZZZ radio on 13 Oct 2019

මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට.
මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse  the threat of Cyber Crime" කියලා.
ඇයි Together කියල කියෙන්නෙ? මෙච්චර දියුනු තාක්ශනයක් තියෙන ලෝකෙ ඇයි මේ සයිබර් හොරුන් තාක්ශනික උපක්‍රම යොදල අල්ලන්න බැරි? ඔබට එහෙම හිතෙනවා නම් ඒක සාධරණ ප්‍රශ්නයක්! නමුත් මේකට උත්තරේ නම් එච්චර ලස්සන එකක් නොවෙයි. මොන තාක්ශනේටත්වත් අපේ මෝඩකම් වහන්න බැහැ.. මේකta සයිබර් ආරක්ශන ක්ශේස්ත්‍රයේ ඉන්න අපි කියන්නෙ "Humans are the weakest link in the cyber security chain" කියලා..
ඇයි එහෙම වෙන්නෙ? උදාහරන කිහිපයක් අරන් පැහැදිලි කර ගමු.

කෙනෙක් එයාගෙ පාස්වර්ඩ් එක විදියට භාවිතා කරන්නෙ එකම එකක් කියලා හිතන්න. පාස්වර්ඩ් එකක් ඉල්ලන හැම තැණකම ඒක තමයි දෙන්නෙ.
එකම පාස්වර්ඩ් එක භාවිතා කරනවට අමතරව එයා ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන් two-factor authentication භාවිතා කරන්නෙත් නැහැ. ඒ කියන්නෙ ඔබේ ඊමේල්, බැංකු, සමාජ ජාල වැනි ඉතා වැදගත් ගිනුම් වලට අලුත් තැනකින් ලොග් වෙද්දි, දුරකථනයට එන කේතයක් හරහා ඒ ඔබමයි කියලා සහතික කර ගන්නා ක්‍රම වේදයක්. ඉතින් මෙය භාවිතා නොකර, එකම සරල පාස්වර්ඩ් එකක් හැම තැනකම භාවිතා කරන කෙනෙක්, එයාගෙ නොදැණුවත්කමෙන් ඒ පාස්වර්ඩ් එක සයිබර් හොරෙක් අතට dhunnoth, ඔහුගේ සියලුම ගිනුම් සයිබර් හොරාට නතු වෙනවා, එතනදි තාක්ශනයට ඔහුව බේර ගන්න බැහැ.
තව කෙනෙක් තමන්ගෙ සමාජ ජාලා ගිනුම් Public ලෙස පවත්වා ගන්නවා. තමන්ගේ උපන්දිනය, ලිපිනය, රැකියාව, ගෙදර අයගෙ විස්තර, රට යනවා නම් යන දවස, තමන්ගෙ පුද්ගලික රුචි අරුචිකම් ඔක්කොම ලෝකෙ ඕන තැනක ඉන්න කෙනෙකුට බලා ගන්න පුලුවන් wenna. ෛතින් ඒ වගේ කෙනෙක් අනන්‍යතා සොරකමකට (identity theft) එකකට ලක් වීම තාක්ශනයට විතරක් නවත්වන්න පුලුවන්ද?
Phishing scams ගැන දැණුවත් නැති අය තමන්ට එන ඊමේල්, sms ආදියෙ එන links click kiriima nisaa තමන්ගෙ ක්‍රෙඩිට් කාර්ඩ් විස්තර, පුද්ගලික විස්තර සයිබර හොරෙක්ට දෙන එක හෝ කප්පම් වයිරසයක් පරිගනකයේ ස්ථාපනය වෙන එක තාක්ශ්නයට විතරක් තනිවම නවත්වන්න බැහැ. නමුත් කෙනෙක් එය සැක සහිත බව දැකලා අදාල පාශව වලට දැනුම් දුන්නොත්, තාක්ශනය යොදාගෙන එම සයිබර් උවදුරට වෙන කෙනෙක් හසු වන්න පෙර ගලවාගන්න පුලුවන්.
දැන් ඔබට පැහැදිලි ඇති සයිබර් ආරක්ශනය සම්බන්ධව තාක්ශනය සමඟ අත්වැල් බැඳගෙන සයිබර් අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම අප සැමගේ සාමූහික වගකීමක් බව.

මේ සතියෙම තවත් විශේෂ දිනයක් යෙදිලා තිබුනා - ඒ තමයි ඔක්තෝම්බර් 10ට යෙදිලා තිබුන World Mental Health Day (ලෝක මානසික සෞඛ්‍යය දිනය).
කෙලින්ම එකට සම්බන්ධ බවක් නොපෙනුනත්, සයිබර් අවකාශය සහ මානසික සෞඛ්‍යය අතර දැන් දැන් වැඩි මුහුවක් පේන්න තියෙනවා . අපි දැන් නිතර දකිනවා අන්තර්ජාලය, සැඟවී, නිර්නාමිකව අනුන් වෙත වෛරය මුදා හරින්න බහුලව භාවිතා වෙන හැටි. සයිබර් බුලීන් දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙනවා. සංවිදානාත්මක online hate campaigns හරහා විරුද්ධවාදීන් මානසිකව කඩ වට්ටවන අවස්ථා සමාජ ජාලා හරහා ඔබත් දැක ඇති.
එනිසා එවැනි බියගුලු ප්‍රහාර අන්තර්ජාලයේ ඔබ වෙත එල්ල වෙනවා නම්, ඒ අයගෙන් ඈත් වෙන්න. ජීවිතය දෙස සුභවාදීව බලන්න සහ සිත නිවන දෙයකට යොමු වෙන්න ඕන තරම් තැන් අන්තර්ජාලයේම තියෙනවා. වෙන කෙනෙක් online hate වලට ගොදුරු වෙනවා දකිනවා නම් ඒ අයටත් මේ පනිවිඩය දෙන්න.
නිර්නාමිකව හෝ කීබෝඩ් පසුපස සැඟ ව එල්ලවෙන ප්‍රහාර නිසා මානසිකව කඩා වැටෙන අය වෙත අපි පෙන්වා දෙමු සයිබර අවකාශය තුලත් ඉන් පිටතත් තවමත් මනුස්සකම ජීවත් වෙන වග.


Episode 48: "හලෝ, මේ කතා කරන්නෙ පල් හොරෙක්!"

Broadcast on 3ZZZ radio on 29 Sep 2019

අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ.
බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැනුමක් නැති ඔවුන්, ඔවුන් ඉදිරියේ මතු වෙන හැම දෙයක්ම ගන්නෙ ඇත්ත විදියට. ඉතින් ඔවුන්ගෙ පරිගණකයේ ලොකු ගැටලුවක් තියෙනවා, ඒක හදන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න හෝ මේ අංකයට ඇමතුමක් ගන්න කිව්වොත්, ඔවුන්ගෙන් අති බහුතරය ඊට අවනත වෙනවා. නමුත් ඔවුන් දන්නෙ නෑ මේ උදව්වට එන්නෙ සයිබර් හොරුන් කියලා.
ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?
අද අපි ඒ ගැන කතා කරමු.


මීට සතියකට පමන කලින් නිව් යෝර්ක් නගරයේ ප්‍රාන්ත අධිකරනයක් මෙවැනි සයිබර් හොරුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැණීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කලා. එහි ශී‍ර්ශ පාඨය කියවුනේ මෙලෙසයි.
Two Defendants Arrested In $10 Million Tech Support Fraud Scheme
Technical Support Scheme Deceived More Than 7,500 Victims Across the United States and Canada, Many of Whom Are Elderly, into Paying for Phony Computer Repair Services

මෙයින් වැඩිදුරටත් සඳහන් වුනේ, මෙලෙසින් අත් අඩංගුවට ගත් සාමාජිකයන් දෙදෙනා, ඇමරිකාව සහ ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින්, වසර තුනක් පුරාවට ඇමරිකාව සහ කැනඩාව පුරා බහුතරයක් වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් 7500ට ආසන්න පිරිසක් රවටමින් ඇමරිකාන ඩොලර් මිලියන් 10ට ආසන්න මුදලක් නීති විරෝදී ලෙස උපයාගෙන ඇති වගයි. මෙය සිදු වුනේ කොහොමද?

තමන්ගේ පරිගනකයේ වයිරසයක් ඇතැයි කියමින් උඩට මතු වෙන පනිවිඩයක් දැක wadihiti pariganaka bhawitha karannan කලබල වෙනවා. එයින් කියවෙනවා, පරිගනකයේ ලොකු ගැටලුවක් තිබෙන බැවින් වහාම අදාල අංකයට කතා කරන ලෙසth. එසේ නොකලහොත් පරිගනකyei දත්ත සියල්ල විනාශ වී, පරිගනකයට විශාල ලෙස හානි විය හැකි බවට ඉන් අන්තුරු හැඟ වෙනවා. නමුත් මේ මොහොත වෙන විට පරිගනකයේ කිසිම ගැටලුවක් නැහැ. අර වගේ පනිවිඩ සමහර වෙබ් අඩවි වලට ගියාම මතු වෙන ලෙසින් සයිබර් හොරුන්ම සකස් කරලා තියෙන්නෙ. මේ පනිවිඩ ඇත්ත මයික්‍රොසොෆ්ට් ලාංචනය පවා අමුනා එවන නිසා එයට බොහෝ දෙනෙක් නිරන්තරයෙන් රැවටෙනවා.

මෙලෙසින් කලබලයට පත් වෙන අය මේ හොර ටෙක් සපෝට් එකට කතා කරන විට, එය ඇත්තම කෝල් සෙන්ටර් එකක් විදියටම ඔවුන් ක්‍රියාත්මක කරන්නෙ. බොහෝ විට Microsoft, Apple, Google, Dell saha HP වැනි තාක්ශනික දැවැන්තයන්ගේ නමින් ඔවුන් පෙනී සිටින්නේ. මේ අය බොහොම ඉවසිල්ලෙන්, කාරුනිකව ඔවුන්ට අමතන අයගෙ පරිගනකයට දුරස්ථව සම්බන්ධ වෙන්න කටයුතු කරනවා. මෙසේ දුරස්ථව සම්බන්ධ වී, පරිගනකය පරීක්ශා කර එහි නැථි ගැටලුවක් ඇති ලෙසින් පෙන්නා එය නිවැරදි කරන්නට ඔවුන්gen විශාල මුදලක් අය කර අන්තර්ජාලයේම නොමිලේ තිබෙන ඇන්ටි වයිරස් ස්කෑන් එකක් හරහා වයිරස් ප්‍රශ්නය විසඳූ බව පෙන්නමින් ඔවුන් ඇමතුම විසන්ධි කරනවා. මේ ගැන කිසිම සැකයේ මාත්‍රයක්වත් නොමැතිව මෙය සිදු වන නිසා, ඔවුන් සමහර වැඩිහිටි ඇත්තන් නැවත නැවතත් මේ වංචාවට හසු කරගෙන ඇථි බවත් හෙලි වී තිබුනා.

බොහෝ විට මෙම ව්‍යාජ කෝල් සෙන්ටර්ස් පිහිටා තිබෙන්නෙ ඉන්දියාවෙ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ පැමිනිල්ලකට අනුව පසු හිය වසරේ ඔක්තෝම්බර් මස කෝල් සෙන්ටර්ස් 12කුත්, එම වසරේම නොවැම්බර් කෝල් සෙන්ටර්ස් 24කුත් නීතියේ රැහැනට හසු කර ගන්නට ඉන්දියාවේ පොලීසිය සමත් වුනා. එනිසා ඔබට දැn පැහැදිලි ඇති මෙය කෙතරම් විශාල ලෙස ලොව වටා පැතිරුනු සයිබර් ජාවාරමක්ද යන වග.

මින් වැලකී සිටිය හැක්කේ කෙසේද?
මූලිකවම මෙලෙසින් වංචා සිදුවෙන බව ගැන දැණුවත් වීම අත්‍යවශ්‍ය කාරනයයි. එවිට එවැනි ඇමතුමක් ඔබට ලැබුනොත් හෝ එවැනි අංකයකට අමතන ලෙස පරිගනකයේ පනිවිඩයක් දර්ශනය වුව හොත් ඉන් කලබල නොවී, එය නොසලකා හැරීමට ඔබට සිහිපත් වෙනු ඇත.
කිසිම දිනෙක ඔබගේ පරිගනකය නොදන්න කෙනෙකුට දුරස්ථව පාලනය කිරීමට අවස්ථාව ලබා නොදෙන්න. වැරදීමකින් හෝ ඔබේ පාස්වඩ් එක එවැන්නෙකුට ලබා දුන්නේ නම්, පාස්වඩ් එක වහාම වෙනස් කර ගන්න. යම් ගෙවීමක් කරේ නම් ඔබගේ බැංකුව අමතා එම ගෙවීම නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරන්න.
පරිගණකයේ ඇත්තටම ගැටලුවක් ඇත්නම්, විශ්වාසනීය ආයතනයක් කෙලින්ම අමතා එයට සහය ලබා ගන්න.

මේ ගැන හැකි තරම්, අන්තර්ජාලය භාවිතා කරන ඔබගේ දෙමාපියන් හෝ ඔවුන්ගේ දෙමාපියන් දැණුවත් කරන්න.

සයිබර් හොරකමේ ඔවුන් මේ ඉලක්ක කර සිටින්නේ තාක්ශනික දැණුම අඩු අහින්සකම කාන්ඩයයි. එනිසා ඒ නිර්ලජ්ජිත සොරකමට එරෙහිව, ඔබට මට මෙලෙසින් දැණුම බෙදා ගනිමින් සටන් කල හැකි වේ. අංදුරු සයිබර් අවකාශයට අපි එලෙසින් ආදරයේ ආලෝකය එක් කරමු.



Episode 47: වෙස් මුහුනු බැඳන් එන SMS හෙවත් SMiShing scams

Broadcast on 3ZZZ radio on 1 Sep 2019

මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්‍යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා.
උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එන ලෙසින් ආ ටෙක්ස්ට් පනිවිඩයකයින් කියවුනේ 'Package detained in Terminal' හෝ ' We are having problems delivering your package' - මේ එක්කම වැඩි විස්තර සඳහා වෙබ් අඩවියක ලිපිනයත් ඒ එක්කම සටහන් කරලා තිබුනා. දැන් මේ වෙබ් අඩවියට ගියාම එය හරියටම ඔස්ට්‍රේලියා පෝස්ට් වෙබ් අඩවියක් වගේ පෙනුනත් එය ඇත්තටම ඔවුන් මේ වංචනික වැඩය වෙනුවෙන් හදපු වෙබ් අඩවියක්. මේ  හරහා ඔවුන් එයට පිවිසෙන අයට තමන්ගෙ පාර්සලය අවශ්‍ය නම් යම් ගෙවීමක් කරන්න නියම කරනවා.

බොහෝ දෙනෙක් මේ ස්කෑම් එක සැක නොකරන්න ප්‍රධාන හේතුවක් තිබුනා. ඒ තමයි එය එන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියා පෝස්ට් ටෙක්ස්ට් එවන නිල සන්නාම නාමය වෙන AusPost කියන Sender ID එක යොදාගෙනමයි. ඉතින් ජංගම දුරකථනවල එකම senderගෙ පනිවිඩ එකම conversation එකක් විදියට ගොනු කරලා පෙන්නන නිසා, ඇත්ත පනිවිඩ අතරෙම මේ හොර පනිවිඩයත් රැඳීමෙන් ඒ ගැන එක් වරම ඇති වෙන්නෙ විශ්වාසනීයත්වයක්. ජංගම දුරකථන තාක්ශනය තුල, ඕනෑම නමක්, එවන්නා ලෙස සටහන් කරන්න පුලුවන්. මෙලෙසින් වෙනත් නමක් භාවිතා කිරීම අපි හඳුන්වන්නේ SMS Spoofing කියලා. ඊමේල් වගේ තාක්ශන වලදිත් මෙලෙසින් ඊමේල් ලිපිනය වෙනත් ඊමේල් ලිපිනයක් කියලා spoof කරන්න තාක්ශනිකව හැකි වුනත් ඒවා පාලනය කරන්නට ශ නවතා දැමීමට තාක්ශනය තියෙනවා. නමුත් ජංගම දුරකථන ක්සේශ්ත්‍රයේ මේ සම්බන්ධ නියාමනයක් තවමත් නැහැ. ඒ නිසා මෙය සයිබර් හොරුන්ට හොඳ ඉල්ලමක්.

මෙම පනිවිඩ ඔබට බොහෝ දුරට එන්නෙ බැංකු, ටැක්ස් ඔෆ්ස්, පොලීසිය, මයික්‍රොසොෆ්ට් ආයතනය, ඔස්ට්‍රේලියා පොලිසිය වැනි කවුරුත් නමින් දන්න, බොහෝ දෙනක් සේවය ලබා ගන්න ආයතනවලින් එන විදියට - බොහෝ විට එම ප්නිවිඩ තුල හදිස්සි කර වීමකට යොමු කරන අතරෙ ඉක්මනින් ප්‍රතිචාර නොදැක්වුවහොත් හානිකර ප්‍රතිපල ලැබෙන බවක් ඉඟි කරනවා.
සයිබර් හොරුන් මේ හරහා කරන්නේ ඔබේ මුදල් සොරා ගැනීම හෝ ඔබේ පුද්ගලික තොරතුරු ඔබ ලවාම ඔවුන් වෙත ගෙන්වා ගැනීම. සමහර විට ඔබව වෙබ් අඩවියක් වෙත යොමු කරවා එය හරහා අහිතකර ම්ෘදුකාංගයක් දුරකතනය වෙත බා ගත කර ඒ හරහා ඔබගේ පුද්ගලික තොරතුරු සොරා ගන්නට ඔවුන් එය භාවිතා කරනවා විය හැක.

අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලදි අපට දුරකථනය අත හැර කටයුතු කරන්න බැහැ. බැංකු සහ වෙනත් ආයතනවල පනිවිඩ නිල කෙටි පනිවිඩ ලෙස එවන එක ඒ අයට නතර කරන්නත් බැහැ.
එසේ නම් මේ අවධනයෙන් ගැලවීමට නම් අපගේ විමසිලිමත්බව අත්‍යවශ්‍යයි.
එනිසා පනිවිඩය ඉතා පැහැදිලියි.
කිසිම දිනක, දන්න නමකින් ආවත් කෙටි පනිවිඩයක් හරහා ඔබව කලබල කර ගෙවීමකට යොමු කිරීම, පුද්ගලික විස්තර ඉල්ලා සිටීම වැනි කටයුත්තකට ඔබව යොමු කරන්නේ නම් ඒ ගැන ස්කෑම් වොච් වෙබ් අඩවියට දැනුම් දී එම පනිවිඩය මකා දමන්න.
"වෙස් මුහුනු බැඳන් sms එව්වට අපි නෑ රැවටෙන්නේ" කියලා අන්න එතකොට ඔබට කියන්න පුලුවන්.

Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම්

Broadcast on 3ZZZ radio on 11 Aug 2019

මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත ක්‍රියාමාර්ග බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. එසේ නම් sextortion scam එකක් කියන්නෙ මොකක්ද?
මේ වචනය හැදෙන්නෙ sex සහ extortion වචන එකතු වෙලා එනම් මෙය සරලව කිව්වොත් ලිංගික කප්පම් ගැනීමක්.

ඔස්ට්‍රේලියානු රජයේ eSafety Commissioner වෙබ් අඩවිය මෙය හඳුන්වන්නේ මෙලෙසයි.
Sextortion is a form of blackmail where a perpetrator threatens to reveal intimate images of you online unless you give in to their demands. These demands are typically for money, further intimate images, or sexual favours.
එනම් කෙනෙකුගේ ඉතා සංවේදී චායාරූප හෝ දර්ශන ප්‍රසිද්ධ කරනවා යන තර්ජනය හරහා එම පුද්ගලයාගෙන් මුදල්, තවත් එවැනි සංවේදී දර්ශන හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමේ හෝ ඒ සඳහා උත්සාහ දැරීම මෙයට ඇතුලත්.

ලොව වටා sextortion scams විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔස්ට්‍රේලියානු රජයට අනුව මේ දිනවල පැතිර යන ස්කෑම් එකේ ප්‍රධන ලක්ශනය තමා එය ඔබට ලැබෙන්නේ, ඔබගේ ඊමේල් ලිපිනයෙන්ම වීම. මේ සඳහා ඔවුන් යොදා ගන්නේ Email spoofing තාක්ශනයයි. මේ හරහා එවන්නාගේ ඇත්ත ඊමේල් ලිපිනය වෙනුවට, වෙනත් ඕනෑම් ලිපිනයකින් එය එන විදියට එම පනිවිඩ්‍ය වෙනස් කරන පුලුවන්. මෙය හරහා සයිබර් අපරාධකරුවන්ට එම ඊමේල් පනිවිඩ අප දන්නා අයගෙන එන ලෙස වෙස් ගන්වන්න පුලුවන්. මෙම ස්කෑම් එකේදී එය ඔබට ඔවුන් එවන්නේ ඔබගේම ලිපිනයෙන් එන පරිදි. එනිසා එය දුටු විට ඊමේල් ස්පූෆින් ගැණ නොදන්න ඕනෑම කෙනෙක් තැති ගන්නවා තමාගේ ඊමේල් ලිපිනය හැක් වී ඇතිද කියා.
මේ ඒමේල් පනිවිඩයේ සඳන් වන්නේ මෙන්න මේ වගේ දෙයක්.
ඔබගේ වෙබ් කැම් එක හරහා ලබා ගත් ඉතා සංවේදී ඡායාරූප අප සතුව තිබෙනවා. ඔබගේ ඊමේල් පද්ධතිය අප විසින් හැක් කර තිබෙන්නේ. එම නිසා අපට මෙම මුදල නොගෙව්වොත්, ඒ සියල්ල ඔබගේ නෑ හිත මිතුරන් වෙත අප මුදා හරිනවා. ඔබට අපි දින දෙකක් පමනයි දෙන්නෙ. එසේ අපහසුතාවයට පත් නොවීමට නම් පහත තියෙන බිට්කොයින් ලිපිනය වෙත ඔබේ මුදල් වහාම යොමු කරන්න යනුවෙන්.
බිට්කොයින් කියන්නෙ නිර්නාමික ඩිජිටල් මුදල් ඒකකයක් - එය ලබන්න සොයා ගන්න බැරි නිසා සයිබර් හොරුන් මුදල් මංකොල්ල කන්නේ බිට්කොයින් වැනි annonimous digital currencies හරහා..

මීට ටික කලකට කලින් මීටත් වඩා විශාල ලෙස සංවිධානය වූ sextortion campaign එකක් ලොව වටා දියත් වුනා.. එහිදී ඊමේල් ලිපිනය ස්පූෆ් කිරීම වෙනුවට ඔවුන් කලේ එය ලබන පුද්ගලයාට අයත් ඇත්ත පාස්වඩ් එකක් සඳහන් කර මුලින්ම ඊමේල් එක ලබන්නාව හැක් කර ඇති බවට බියගැන්වීම. ඉන් පසුව එම පුද්ගලයා නැරඹූ අසභ්‍ය වෙබ් අඩවිත්, ඒවා නරඹන ආකාරයත් වෙබ් කැමරාව හැක් කිරීමෙන් සියල්ල පටිගත කල ඇති බවත් ඔවුන් ඉල්ලන විශාල මුදල බිට්කොයින් හරහා නොගෙව්වොත්, ඒ වීඩියෝ සියල්ල අදාල පුද්ගලයාගේ නෑ හිතවතුන් වෙත යවන බවත්ය.
තමන්ගේ පාස්වර්ඩ් එකක් ඇත්තටම සඳහන් වූ නිසා මේ තර්ජනය සත්‍ය බවට බිය වුනු බොහෝ දෙනා, තමන්ගේ රහස් හෙලි වීම වැලැක්වීමට එම කප්පම් මුදල් ගෙවා තිබුනා.

නමුත් ඇත්ත වශයෙන්ම එම පුද්ගලයා ඒ වෙන විට හැක් වී තිබුනේ නැහැ. මෙම ජාවාරම කරන කල්ලිය සිදු කලේ ලොව වටා වසර ගනනාවකට කලින් සිදු වූ දත්ත සොරාගැනීම් (Data Breaches) වලින් හොයා ගත් මිලියන් ගනනින් වූ ඊමේල් ලිපිනත්, ඒවායේ පාස්වර්ඩුත් යොදා ගෙන මෙම ස්කෑම් ඊමේල් මිලියන ගනනින් ලොව වටා යැවීමයි. බොහෝ දෙනා හැම දේටම එකම පාස්වර්ඩ් එකත් භාවිතා කරන නිසාත්, ඇථ්තටම තමන් භාවිතා කල පාස්වර්ඩ් එකක් ඊමේල් ලිපිනයේ සඳහන් වූ නිසාත් ඔවුන් මෙම කප්පම් තර්ජනය සත්‍ය එකක් ලෙස රැවටීමට ලක් වුනා.

එසේ නම් මෙවැනි ඊමේල් එකක් ලැබුනොත් අප ක්‍රියාත්මක විය යුත්තේ කෙලෙසද?
වැදගත්ම කාරනේ මෙය ස්කෑම් එකක්, ඒ කියන්නේ අපව රවටා, කලබල කර වෙනත් වාසි ලබා ගැනීම වෙනුවෙන් වෙන කූට තැතක්.
එනිසා කලබල නොවන්න. මේ ගැන වහාම eSafety Commissioner, Scamwatch වැනි rajaye බලධාරී ආයතනවලට හෝ පොලීසියට දැනුම් දෙන්න.
කිසිම ලෙසකින් මුදල් ගෙවීම් හෝ ඔවුන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට නතු නොවන්න.
ඔබගේ ඊමේල්, සමාජ ජාලා ගිනුම්වල පාස්වර්ඩ් වෙනස් කරන්න. හැම දේටම එකම පාස්වර්ඩ් එක භාවිතා කිරීමෙන් වැලකී සිටින්න. මේ වෙනුවෙන් ඔබට කල හැකි හොඳම දේ පාස්වර්ඩ් මැනේජර් එකක් භාවිතා කිරීම. මේ සම්බන්ධව වැඩි විස්තර ඉදිරි සයිබර් සටහන වැඩසටහනකින් කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා.
මෙම් ස්කෑම් වල සඳන් කරන පරිදි ඔවුන් ඔබගේ වෙබ් කැමරාwa හරහා ඔබව පටිගත නොකලත්, එසේ කල හැකි මැල්වෙයා ඇත්තටම තිබෙනවා. එම නිසා ඔබගෙ වෙබ් කැමරාව භාවිතා නොකරන වෙලාවට ආවරනය කර තබන්න.

පරිගණකවල හෝ ජංගම දුරකතනවල අප ගැන සන්වේදී තොරතුරු සහ රහස් සැඟවෙලා තිබෙනවා. සයිබර් හොරුන් මේ කලාපේ වැඩිපුර ඉලක්ක කරන්නේ මේ දේවල් අපි ගොඩ දෙනක් ලැජ්ජාව, සංස්ක්ෘතික කාරනා වැනි හේතු නිසා විව්ෘතව කතා නොකරන පරිසරයක් තුල ඔවුන්ගේ ජාවාරමට අවශ්‍ය රහස්‍යභාවය නිතැතින්ම ලැබෙන නිසා. නමුත් මීට එරෙහිව ක්‍රියාත්මක වෙන්නට නම් අප දැණුමින් සන්නද්ධ විය යුතුයි.
එනිසා මම නැවතත් මතක් කරනවා, Sextortion හොරුන්ට ප්‍රතිචාර දැක්විය යුත්තේ, ඔවුන්ගේ ඉල්ලිම්වලට් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීමෙන්.




Episode 45: මුහුන මහලු කරන FaceApp නාකි විසේ

Broadcast on 3ZZZ radio on 28 Jul 2019

මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා...
මෙම FaceApp ඇප් එක මඟින් මුහුන වයසට යවනවට අමතරව, මුහුන තරුන කිරීම, රැවුල එක් කිරීම, කොන්ඩය වෙනස් කිරීම වැනි විවිධ වෙනස් කිරීම් ඉතා තාත්ත්විකව, තත්පර කිහිපයක් ඇතුලත සිදු කරන්න පුලුවන්. බොහෝ දෙනෙක් එම ඇප් එක තමන්ගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් වැනි සමාජ ජාලා ගිනුම් සමඟ සම්බන්ධ කර ගත්තේ හැකි ඉක්මනින් තම මිතුරු කවයන් සමඟ මේ අපූරු වයසට යවන ලද චායාරූප ශෙයා කර ගන්නටයි.
නමුත් දවසක්, දෙකක් යන්නටත් කලින් බටහිර මාධ්‍ය මෙම රැල්ල සම්බන්ධයෙන් අතිශයින් විමසිලිමත් වන ලෙසින් උපදෙස් දුන්නා. ඇප් එක ඉන්ස්ටෝල් කරද්දී, බොහෝ දෙනෙක් නොකියවා එකඟ වෙන කොන්දේසි (Terms of Service) අතරේ එය භාවිතා කරන අයගේ චායාරූප සහ වෙනත් විස්තර සමබන්ධව පූර්ණ අයිතිය එම ඇප් නිර්මාපකයන්ට ලැබෙන බවක් හැඟ වුනා. එහි සඳහන් වූ වචන කිහිපයක් මේ.
"perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide" ownership of images -  සහ එලෙස ලැබෙන පුද්ගලික විස්තර වෙනුවෙන් "use, reproduce, modify, adapt, publish [and] translate" පූර්ණ අයිතිය ඔවුන්ට ලැබෙනවා.
බටහිර මාධ්‍ය මින් වඩාත් කලබල කරේ මෙම ඇප් නිර්මාපකයන් රුසියාවේ වීම. මෙම ඇප් එක හරහා බටහිර ලොවේ සතුරන් ඉතා උපක්‍රමශීලිව මිලියන ගනන් මිනිසුන්ගේ මුහුනේ විස්තර සහ නම් ගම් එකතු කර ගත්තාදැයි ඔවුන් සැක පහල කරා. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයකින් ලබා ගන්නා රූපයක, එම රූපයට අදාල බොහෝ තොරතුරු තියෙන බව ඔබ බොහෝ දෙනෙක් දන්නෙ නෑ.. එම රූපය ගත් ස්ථානය (geo-spatial information), ජංගම දුරකථන පද්ධතිය කුමක්ද වැනි තොරතුරුත්, ෆේස්බුක් වැනි සමාජ ජාලා සමඟ එම ඇප් එක සමබන්ධ කිරීම මඟින් නම, ගම සමඟ සියලුම රූප, වීඩියෝ ආදිය වෙත පිවිසුම් අයිතිය (access privileges) මෙවැනි ඇප් වලට ලැබෙනවා. එනිසා නම, ස්ථානය, මුහුන අඩංගු චායාරූප, කැමරාවට පිවිසුම් හැකියාව සහ නෛතිකව ඒවා භාවිතා කිරීමට පූර්ණ බලතල ලැබෙන මෙම තත්වය ඉතා පැහැදිලිවම භයානකයි බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.

නමුත් මෙය රුසියාවට සම්බන්ධ ඇප් එකක් නිසා, බටහිර මාධ්‍ය මෙලෙසින් ඉතා විශාල ලෙස එහි අඳුරු පැත්ත කතා කරත්, මෙලෙසින්ම අපගේ පුද්ගලික විස්තර බටහිර ලෝකයේ තාක්ශනික දැවැන්තයන් වෙන ෆේස්බුක්, ගූගල් සහ වෙනත් සමාජ ජාලා එම සේවා භාවිතා කිරීමේදීත් මීටත් වඩා පුළුල්ව  ඇදී යනවා. කුප්‍රකට Cambridge Anlytica සිදුවීමේදී, මිලියන පනහක පිරිසකගේ දත්ත ඇමරිකානු ජනාධිපතිවරනයේ ප්‍රචාරක වැඩ සඳහා අවසරයකින් තොරව යොදා ගත්තේ "This is your digital life" නම් ෆේස්බුක් ඇප් එකක් හරහා එකතු කරගත් විස්තර යොදා ගනියි. මේ සමඟ ඇමරිකානු සෙනෙට් මන්ඩලයේ ප්‍රශ්න කිරීම හමුවේ, ෆේස්බුක් ප්‍රධනි මාක් සකර්බර්ග් විසින් පිලිගත්තේ, දත්ත ආරක්ශාකිරීම සම්බන්ධ ප්‍රමානවත් විධි විධාන ඔවුන් ක්‍රියාත්මක නොකල බවත්, ඒ සඳහා ඉදිරියේදී බරපතල ලෙස මැදිහත් වෙන වගත්.
එනිසා මෙය පැහැදිලිවම එක ඇප් එකක් සම්බන්ධ ගැටලුවක් නොවේ. එනිසා  ෆේස ඇප් එක ගැන එය රුසියන් වීම නිසා මෙලෙසින් මාධ්‍ය උලුප්පා කතා කිරීම  එක්තරා විදියකින්සැඟවුනු ආශිර්වාදයක්. ඒ හරහා ඇප් එකතු කර ගනිද්දී ඒවා ඇත්තටම අවශ්‍යද, එයට access ඉල්ලන්නේ මොනවාටද, අපගේ පුද්ගලික විස්තර අනවශ්‍ය ලෙසෙයට ලබා දෙනවාද ආදිය ගැන තරමක දැණුවත් වීමක් බොහෝ දෙනෙකුට ලැබුනා.
සයිබර් අවකාශය තුල අපගේ පුද්ගලිකත්වය විකිනෙන වග සත්‍යයක්..

නමුත් හරි දැනුවත්වීමක් අවශ්‍ය වන්නේ, සිල්ලර විනෝදයක් වෙනුවෙන්, අපගේ පුද්ගලිකත්වය තොග පිටින් විකුනනන්නේ නැති හෙට දිනයේ ගනුදෙනුවක් වෙනුවෙන්..

Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු!

Broadcast on 3ZZZ radio on 10 Nov 2018

මීට සති දෙක තුනකට පමන කලින්, සිඩ්නි නුවර Epping ප්‍රදේශයේ නිවසකට නිව් සවුත් වේල්ස් පොලිසිය කඩා පැන්නේ වයස 23ක කාන්තාවක් අත් අඩංගුවට ගන්න. ඒ සමගම ඇය සතුව තිබූ පරිගණක, දුරකථන, දත්ත ගබඩා උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ආදියත් පොලීසිය භාරයට ගැනුනා.
A Sydney woman has been charged after almost $500,000 of cryptocurrency was allegedly stolen through high-tech identity fraud.
A Sydney woman has been charged after almost $500,000 of cryptocurrency was allegedly stolen through high-tech identity fraud.CREDIT:NSW POLICE
ඇයට තිබුනු චෝදනාව සුලු පටු නැහැ. වයස 56 ක පුද්ගල්‍යෙක්ගෙ ඊමේල් ගිනුම හැක් කර, එය තම සන්තයට ගෙන ඒ මාර්ගයෙන් එම පුද්ගලයාගේ crypto-currency ගිනුමට ඇතුලු වී එහි තිබුනු රිපල් ලක්ශයක සම්පුර්‍ර්ණ මුදලම චීන මුදල් හුවමාරුවක් හරහා bitcoin cypto-currency (BTC) ලෙස සොරා ගැනීම. මෙම හුවමාරු වු ක්‍රිප්ටො මුදල් ඒකක ගණනේ ව්‍යවහාර වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 450, 000 ක්.
පොලිසිය මේ සොරකම කල තරුණිය සොයා මාස නමයක් පරීක්ශණ කටයුතු සිදු කලා.

මේ සිදුවීම අද මම මතක් කලේ විශේෂ කාරනා දෙකකට. පළමු කාරනය ඔබගේ ඊමේල් ගිනුම ආරක්ශා කර ගැනීමේ වැදගත්කම. ඔබ ගැන අති විශාල තොරතුරු ප්‍රමානයක් ඔබගේ ඊමේල් ගිනුමෙ අන්තර්ගතයි. ඔබගේ ඩිජිටල් අයිඩෙන්ටිටි එකේ කේන්දර්ස්ථානය එයයි. ඔබ භාවිතා කරන වෙනත් අන්තර්ජාල සේවාවක password එක වෙනස් කරත් එය එන්නෙ ඔබේ ඊමේල් ගිනුමට.
ඊමේල් ගිනුම ආරශාක්ශා කර ගැනීම වෙනුවෙන් ඉතා පහසු ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධාන කිහිපයක් සඳහන් කරන්නම්, ඔබ ඒ ගැන දැණුවත්ද, එලෙසින් ආරක්ශිතද කියලා ඔබ ම තීරනය කරන්න.

Two Factor Authentication (2FA)
ඔබේ ඊමේල් ගිනුම සහ වෙනත් ෆේස්බුක් වැනි ගිනුම් 2 Factor Authentication වලින් ආරක්ශා කර ගන්න. මෙයින් වෙන්නේ, ඔබ අලුත් තැනකින් හෝ උපාංගයකින් ලොග් වෙන වෙලාවට ඔබේ පාස්වඩ් එකට අමතරව ඔබේ ෆෝන් එකට එන කෝඩ් එකක් හෝ notification එකක් හරහා එම login උත්සාහය තහවුරු කිරීම. ඉතින් ඔබේ පාස්වඩ් එක වෙන කෙනෙක් අතට ගියත් ඔබේ ගිනුමට ඔවුන්ට login වෙන්න බැහැ ඔබේ ෆෝන් එක ඔවුන් සන්තකයේ නැති නිසා.

Password Manager and avoiding scam emails
මීට අමතරව අපි කවදත් සඳහන් කරනවා වගේ ආරක්ශිතව පාස්වඩ් කලමනාකරනය කර ගන්න Password Manager එකක් භාවිතා කිරීම සහ සැක සහිත scam ඊමේල් වලට click කිරීම වැනි ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටීම ඉතා වැදගත්.

මේ සිදුවීම හා බැඳුනු අනික් කාරනය තමා බිට්කොයින් කොයින් වැනි ක්‍රිප්ටො කරන්සි ගැන සමාජයේ තියෙන අඩු දැනුවත්භාවය.
" අනේ අපි නම් මේ ක්‍රිප්ටො කරන්සි භාවිතයක් නැති නිසා අපිට ඉන් බලපෑමක් නැහැනෙ" කියා ඔබ දැන් හිතනවත් ඇති.

නමුත් ඔබ දන්නවාද මීට සති කිහිපයකට කලින් මෙල්බර්න් නගරයේ පුද්ගලයන් හතර දෙනෙක් ලවා ඩොලර් 50,000 ට අධික මුදලක් බිට්කොයින් ATM යන්ත්‍ර හරහා සොරකම් කියලා වාර්තා වුන වග. ඔවුන් බිට් කොයින් යනු කුමක්දවත් නොදන්නා ඩැන්ඩනොන්ග් ප්‍රදේශයට මෑතකදි පැමිණි අහිංසක සංක්‍රමනිකයන්. රජයේ නිලදාරීන් විදියට පෙනී සිටි සොරුන් ඉමේල් හරහා හෝ දුරකතන හරහා ඔවුන්ට පවසා සිටියේ රජයට ගෙවිය යුතු විශාල ණය ප්‍රමානය ඉතා එක්මනින් ගෙවුයේ නැත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන වගයි. මින් තැති ගත් මේ සංක්‍රමනිකයන් ඉතා එකමනින් ඔවුන්ගේ උප්දෙස් පරිදි තමන්ගේ මුදල් විශාල ප්‍රමානයක් බිට් කොයින් ඒ ටී එම් හරහා සොරුන්ට යවා තිබෙනවා. ඔබ දන්නවා බිට් කොයින් කියන්නේ නිර්නාමික මුදල් ඒකකයක්. එහි මුදල් ලැබෙන්නා හොයා ගන්න බැහැ. එනිසයි මේ ක්‍රමයෙන් මුදල් සොරකම් කිරීම සුලභ.

Image result for bitcoinඔස්ටේලියානු රජයේ වාර්තාවලට අනුව වසරකට ඩොලර් මිලියන 2ක පමණ ක්‍රිප්ටො කරන්සි ආශ්‍රිත සොරා ගැනීම් වාර්තා වෙනවා.
එනිසා ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඉතා වැදගත්. රජයෙන්, බැංකුවෙන් හෝ වෙනත් පාලනාධිකරයකින් ඔබව හදිස්සි කරවා හෝ තැති ගන්වා email එකකට ප්‍රතිචාර දැක්වීම, යම් වෙබ් අඩවියක් වෙතට යාමට හෝ හදිසි මුදල් තැන්පතුවකට ඔබව යොමු කරනවා නම් ඊට ප්‍රතිචාර නොදක්වන්න.
ඒ ගැන අදාල ආයතනයෙන් කෙලින්ම විමසා සිටින්න.

සයිබර් සොරුන් විවිධ ක්‍රම හරහා කුරුමානම් අල්ලද්දී, අපි ඊට පියවරක් ඉස්සරහින් නොසිටියොත් අපි අනතුරේ.

Sources
1.Sydney-woman-charged-over-450k-cryptocurrency-theft

2. victims-lose-50k-in-bitcoin-scam-in-melbourne-s-west

Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක

Broadcast on 3ZZZ radio on 14 Jul 2019
(podcast ලෙස අසන්නට පහත audio player එක play කරන්න)

කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙලුම් දෙකකින් යුක්ත වුනා. මින් නිර්මාන්‍ය කරන ලද රූපවල කාන්තාවන් කෙතරම් තාත්වික ලෙස ඔවුන් නග්න කලේද යන්න සහ කෙතරම් පහසුවෙන් සහ අඩු කාලයකින් එම ඇප් එක භාවිතා කරන්නෙකුට එය කල හැකි වුයේද ය්නාදිය ගැන ගැන මේ විෂයේ කෙළ පැමිණි විද්වතුන් පවා මවිතයට පත් වුනා.
මෙය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල විවේචන මාධ්‍ය හරහා එල්ල වෙද්දී ඔවුන් එම ඇප් එක විකිනීම මේ වන විට නවතා තිබුනත් ඉදිරියේදී මෙය මීට වඩා දියුනු කර වෙනත් නමකින් නැවත මතුවීමත්, ඇප් එක හරහා නිර්මානය කරන ලද රූප සංසරනය වීම නැවත්වීමත් කල නොහැක්කක්.
මේ ව්‍යසනයේ පරිමාව තේරුම් ගන්නට මෙහි පිටුපස ඇති තාක්ශණික පසුබුම ගැන ඉතා කෙටියෙන් සහ සරලව තේරුම් ගැණීමත් අත්‍යවශ්‍යයයි.


Artificial Intelligence යන්න ගැන ඔබ බොහෝ දෙනක් දැනටමත් අසා ඇති. පරිගණක පද්ධතිවලට, එකින් එකට දේවල් කියා දෙන්නේ නැතිව, ඒවාට ඉගෙන ගන්ට උගන්වන ලෙස සංකේත ලබා දීම -  ඒ කියන්නේ Learning Algorithms හරහා පරිගණක පද්ධති වලට ඉගෙන ගන්නා ශක්‍යතාවය ලබා දීමෙන් පෙර නොවී විරූ ලෙස විවිධ කාර්‍යයන් කර ගැනීමට සහ තීරන ගැණීම වෙනුවෙන් එම දැණුම ප්‍රායෝගිකව යොදා ගැණීම. ඔබ දැනටමත් නොදැනම Artificial Intelligence හි ප්‍රයෝජන ලබනවා එය ඒ තරම්ම ප්‍රචලිතව ඇති නිසා. ජංගම දුරකථන ඇප් හරහා වෙනත් භාශාවල වචන ස්ව්‍යංක්‍රීයව පරිවර්තනය කිරීම, හඬ හරහා කාලගුනය අසා දැන ගැනීම, ඔබ ඊමේල් ටයිප් කරද්දී එම වාක්‍යය සම්පූර්ණ කිරීමට උපකාර කිරීම යනාදිය ඉතා සරල උදාහරන කිහිපයක් පමණයි.
මෙම ක්ශේස්ත්‍රයේ මේ වන විට ඉතා විශාල දියුනුවලක් වෙමින් පවතිනවා. එහි උපකුලකයක් ලෙස Machine Learning සහ එහි තවත් දිගුවක් ලෙස, තෝරා ගත් එක් කාර්‍යයක් වෙනුවෙන් ඉතා ගැබුරට Learning Algorithm දියුනු කරන ලද Deep Learning දැන් විශාල අවධන්‍යක් අර ගන්නවා. Deep Learning වලින් කල හැකි අතිශය ප්‍රයෝජනවත් වැඩ වලට ාමතරව එය අඳුරු පැතිවලට යොමු කරන්නත් පුලුවන්. අසත්‍ය එහෙමත් නැත්නම් Fake content නිර්මාන්‍යක් කිරීම එවැනි ඉතාම හානිකර පරවනතාවයක්. Deep Learning සහ Fake වචන එකතු කරලා DeepFake නමින් දැන් තනි වචන‍යක් පවා නිර්මාන්‍ය වෙලා තියෙනවා මේ භයානක නැබුරුව හඳුන්වන්න.

DeepFake තාක්ශනය හරහා ඉතා පහසුවෙන් එක් පුද්ගලයෙක්ගෙ සිරුරට තවත් කෙනෙක්ගෙ මුහුනක් බද්ධ කරන්නට, එම පුද්ගලයාගේ කටහඬින් ඔහු නොකියූ යමක් ඉතා තාත්විකව තොල් චලනය කරමින් කියන අයුරින් Fake Video නිර්මාණය කිරීමට යන්නේ ඉතා සුලු වෙලාවක්, අඩු පරිශ්‍රමයක්. මේ වගේ ඇප් නිර්මාණය කිරීමට සුවිශේෂී තාක්ශනික දැනුමක් තිබෙන්නට ඔනෑ යැයි ඔබ සමහර විට හිතනවා ඇති. නමුත් එය එසේ නොවේ. මෙහි මූලික ඉගෙනීමේ කාර්‍යය කරන ම්ෘදුකාංග පවතින්නේ open-source software framework විදියට. ඒ කියන්නේ ඔනෑම කෙනෙකුට එය භාගත කරගෙන තමන්ට අවශ්‍ය කාර්‍ය්‍යන් සඳහා වෙනස් කොට භාවිතා කරන්න පුලුවන් සාමාන්‍ය තාක්ශනික දැණුමක් සහිතව.

මා මුලින් සඳහන් කල DeepNude ඇප් එක නිර්මාන්‍ය වෙන්නෙත් එලෙසින්. 2017 වසරේදී කැලිෆෝර්නියානු විශ්විද්‍යාලය විසින් pix2pix නමැති ඇල්ගොරිතමයක් නිර්මානය කලා - එයින් කලේ ඉතා විශාල රූප ප්‍රමානයක් යොදාගෙන වෙනත් රූපයක් නිර්මානය කිරීම එනම් an implementation of a generic image-to-image translation using conditional adversarial networks. මෙය බොහෝ විට චිත්‍ර ශිල්පීන්ට තම නිර්මාණ කාර්‍යය පහසු කර ගැණීමට නිම වුවක්.
නමුත් DeepNude නිර්මාපකයා කලේ එම ඇල්ගොරිත්මය යොදාගෙන සත්‍ය නිරුවත් කාන්තා රූප 10,000 ක පමන ප්‍රමානයක් එයට යොදාගෙන ඇප් එක භාවිතා කරන ඔනෑම අයෙක් සපයන නිරුවත් නොවූ කාන්තාවකගේ රූපයක, ඉතාම තාත්වික ලෙස නිරුවත මතු කරන එක.
මෙය කෙතරම් භයානක ප්‍රවනතාවක්දැයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය පැහැදිලිවම ලිංගික බලහත්කාරකමක්. දනටමත් Revenge Porn යටතේ සමහර කාන්තාවන් සියදිවි නසා ගන්නා තත්වයක් යටතේ, අන්තර්ජාලයට නිකුත්වෙන නිරුවත් ඡායාරුපයක් තමන්ගේ නොවන වග කියන්නට හෙට දිනයේ ඔවුන්ට සිදු වෙනු ඇත. සමාජ ජාලා වලට සහ Public Forums වලට තමන්ගේ ඡායාරූප එක් කිරිමේදී විශේෂයෙන්ම තරුණ ගැහැනු දරුවන් ප්‍රවේශම් විය යුත්තේ එහෙයිනි. තමන් හොඳින්ම දන්න අය පමනක් සමාජ ජාලාවලට එකතු කර ගන්නටත්, පුද්ගලික විස්තර, ඡායාරූප ආදිය එකතු කරද්දී ඒවා ඒ ායට පමනක් දර්ශනය වෙන ලෙස Privacy Settings යටතේ සීමා කිරීමටත් අප හැම වග බලා ගත යුතුයි.

අපි කුඩා කාලයේදී චිත්‍රපට වල දුටුවේ අනාගතයේදී මිනිසා නිර්මාන්‍ය කරන රොබෝවරු සමඟ පැවැත්ම වෙනුවෙන් මිනිසා සටන් කරන අනාගතයක්. නමුත් මේ වනවිට ඉතා පැහැදිලියි, නුදුරේම සටන තියෙන්නේ මිනිසා සහ යන්ත්‍ර අතර නොව, මිනිසාගේම හොඳ සහ අඳුරු මනොභාවයන් අතර වග.
මෙම ඇප් ගැන කියද්දි බොහෝ දෙනෙක් නළල රැලි කරගත්තත්, ඒ ගැන කට කොනකින් සිනා සෙන පිරිසක් සිටින වගත් ඇත්ත. නමුත් ඒ අයට අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. කිසි ලෙසකින් මෙවැනි ඇප් එකක් භාගත කර එහි නිර්මාපකයන්ට අනුබල නොදෙන්න. එස්දේ කලහොත්, අද දවසේ ඉන් නිරුවත් වන්නේ ඔබගේ මව, පෙම්වතිය හෝ බිරිඳ වෙන අතර, හෙට දවසේ මීටත් වඩා දියුනු මට්ටමකින් ඉන් නිරුවත් කරන්නේ ඔබගේම දියණියයි.


Please click on 'Follow' on the right handside bar to get updates on my future posts.


Episode 43: නව වසරේ පාසල් ලමුන්ට ජංගම දුරකථන තහනම්..

Broadcast on 3ZZZ radio on 30 June 2019

මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන.
ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්‍රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වාරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන පාසලක් වන Mackinnon Secondary College හි පැවති වැඩටහනකදි. එදිනම ප්‍රාන්ත රජයේ නිල වෙන් අඩවියේ මාධ්‍ය නිවේදනයක් ලෙසද එය ප්‍රසිද්ධ කරන ලදී. එම නිවේදනය ආරම්භ වනේ මෙලෙසිනි.

Mobile phones will be banned for all students at Victorian state primary and secondary schools from Term 1 2020, to help reduce distraction, tackle cyber bullying and improve learning outcomes for students.

එම නිවේදනයේ වැඩි දුරටත් රජය සඳහන් කලේ , පාසල් කාල වේලාවේදී ජංගම දුරකතන භාවිතය හරහා දරුවන්ගේ අවධානය විසිරීම සම්බන්ධ දෙමාපිය සහ පාසල් ප්‍රජාවන් නිතර මැසිවිලි නැගීම මෙම තීරනයට හේතු වූ වගයි.
පාසල් ආරම්භයේ සීනුව නාද වීම සමඟ දරුවන් තම ජංගම දුරකථන ලොකර්වල දමා ආ යුතු අතර, ඔවුන්ට එය නැවත් අතට ගත හැක්කේ අවසාන සීනුව නාද වීමෙන් පසුවය. අද්‍යාපනික කටයුතු සඳහා ගුරු භවතුන් ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර දෙන අවස්ථාවලට මෙම වාරණැය අදාල නොවන බව එම නිවේදනයේ තව දුරටත් සඳහන් විය.

මේ හරහා පාසල් වේලාවේදී දරුවන්ගේ අවධානය වැඩිපුර අද්‍යාපන කටයුතු කෙරෙහි රඳවා ගැනීම සහ සයිබර් බුලීන් ආදිය නතර කර ගැනීමෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට යහපතක් වෙන බව රජය පෙන්වා දෙනවා. නමුත් මෙම තීන්දුව තරමක් විවාද සම්පන්න බව ඔබට පැහැදිලි ඇති.

විශේෂයෙන්ම මේ නීතිය පාසල් ක්‍රියාත්මක කිරීමේදී, එය කෙතරම් දුරට ප්‍රයෝගික වෙයිද යන කාරනයත්, පාසල් කාල වේලාවේදී දුරකථනවලින් ඈත් කල පමණින් සයිබර් බුලීන් ආදිය සිදුවීම එසේ පහසුවෙන් නතර කල හැකිද යන කාරනා සම්බන්ධව. මෙලෙසින් සම්පූර්ණයෙන් භාවිතය තහනම් කිරීම හරහා තක්කශනය යොදා ගෙන දරුවන් අද්‍ය්‍යපනයේ නව මං සාදා ගැනීමටත් ඉන් වැට බැඳෙන බවත් සමහරුන් පෙන්වා දෙනවා.
උදාහරනයක් විදියට මෙවැනි වාරනයක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අද්‍යයනයක් කල නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය, අවසානයේ එය ක්‍රියාත්මක කරන්න තීරනය කලේ ප්‍රාථමික පාසල් වල පමණයි. ද්විතීයික පාසල්වලට එවැනි වාරනයක් ක්‍රියාත්මක නොකරන්නට හේතුව ඔවුන් සඳහන් කලේ මෙසේයි.

We recognise that technology plays an important and increasing role as students progress through their education […] We want to give secondary schools the flexibility to balance the benefits and risks of technology in the way that best supports their students.

ඇමරිකාවේ නිව් යෝක් ප්‍රාන්තයේත් වසර 2006 සිට ක්‍රියාත්මක වූ මෙම වාරනය ඔවුන්ට 2015 වසරේදී ඉවත් කරන්නට සිදු වුනා. වික්ටෝරියානු රජයත් ලබන වසර අවසානයේ මෙම තීන්දුව ගැන නැවත සළකා බැලීමක් කරන බවත් ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයෙ සඳහන් වුනා.

එනිසා ඉතාම වැදගත් කාරනය වන්නේ දරුවා අත උපාංගය තියෙනවාද, ගන්නවාද කියන කාරනයට වඩා එය ආරක්ශාකාරීව සහ වගකීමකින් යුතුව විනෝදය/දැණුම අතර සමතුලිතතාවයක් සමඟ භාවිතා කරන්නේ කෙසේදැයි යන්න ගැන දරුවාට ලබා දෙන අවබෝධය මතයි.

Episode 31: තිරවලින් එන නිල් ආලෝකය ඇස් වල සෛල විනාශ කරනවා

Broadcast on 3ZZZ radio on 01 Sep 2018

පරිගණක තිර හෝ ස්මාට් දුරකථනවලින් නිකුත් කරන නිල් ආලෝකය ඇස් වලට හානිකර බව සාමාන්‍යයෙන් පිලිගෙන තිබුන මතයක් වුනත්, මේ සම්බන්ධව විධිමත් පර්‍යේශනාත්මක අනාවරණයක් සිදු කෙරුනේ ඉතා මෑතකය.
මෙම පර්‍යේශණය පිටුපස සිටි කන්ඩායමේ නියමු මහාචාර්‍යවරයා ඇතුලුව කන්ඩායමෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීමත් මේ සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී කාරනයක්. 
මේ පර්‍යේශන වාර්තාව වෙත බටහිර මාධ්‍ය ඉතා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ නිල් ආලෝකයෙන් ඇස්වල දෘශ්ටි විතානයට කරන බලපෑම ඔවුන්ගේ පර්‍යේශන හරහා කරුනු සහිතව සායනිකව සනාථ කල නිසයි.

එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ටොලීඩෝ සරසවියේ මහාචාර්‍ය අජිත් කරුනාරත්න මහතා සහ ඔහුගේ පර්‍යේශන කන්ඩායම හෙලි කරන පරිදි මෙම එලෙක්ට්‍රොනික තිර මගින් නිකුත් කරන කෙටි තර්ංග ආයාමයක් සහිත් නිල් ආලෝකය වැඩි වශයෙන් නිරාවරනය වීමෙන් ද්ෘශ්ටි විතානයේ macular degeneration  රෝගී තත්වයක් ඇති කරනවා. මෙය බොඳ වූ දර්ශනයක් හෝ අන්ධභාවයක් දක්වා වර්ධනය විය හැකි බවයි ඔවුන් පවසන්නෙ.   

Scientific Reports සඟරාවේ ඔවුන් ප්‍රකාශ කරම ලද පර්‍යේශන වාර්තාවට අනුව නිල් ආලෝකය මගින් ඇත්තටම කරන්නේ ද්ෘශ්ටි විතානයේ ඇති, අපේ පෙනීමට අදාල ප්‍රකාශ සෛල හෙවත් ලයිට් සෙන්සිටිව් සෙල්ස් විනාශ වී යාමෙන්. එම සෛල වල ද්ෘශ්ටියට අදාල සංවේදනය ඇති කර, මොළැයට අදාල පනිවිඩය යැවීමට අත්වශ්‍යම සංඝැටකය තමයි   විටමින් ඊ අඩංගු රෙටිනල් අනුක (retinal molecules). නිල් ආලෝකය මගින් මෙම රෙටිනල් මොලකියුල්ස් විනාශ වෙන ආකාරය මෙම වාර්තාවේ සවිස්තරව පෙන්වා දී තිබෙනවා.

මේ ගැන තව දුරටත් කරුනු පැහැදිලි කරන පර්‍යේශන කන්ඩායමේ ශිෂ්‍ය කසුන් රත්නායක පෙන්වා දෙන්නේ& ද්ෘශ්ටි විතානය මතට නිල් ආලෝකය එල්ල කරද්දී මෙම රෙටිනල් අණුක දියවෙන අතරේ, ාඅලෝකප්‍රතිග්‍රාහක සෛල එනම් ෆොටෝරෙසෙප්ටර් සයිල විනාශ වෙන ආකාරය ඔවුන් නිරීක්ශනය කල බවයි. මෙම විනාශ වෙන සෛල නැවත කිසිලෙසකින් ප්‍රතිනිර්මානය නොවන බව කසුන් වැඩිදුරටත් සඳහන් කලා. nbsp;

මහාචාර්‍ය කරුනාරත්නට අනුව අමෙරිකාවේ පමනක් වසරකට මැකියුලර් ඩිගෙනෙරේශන් ආශිත ‍රෝගී තත්ව මිලියන දෙකකට වඩා වාර්තා වෙනවා. අතිශය වැඩි වශයෙන් තාකශනය දෙසට යොමුවන දරුවන්ගේ ඇස් ආරක්ශා කරන්නට යොදා ගත හැකි ප්‍රතිකාරක වෙනුවෙන් මෙම පර්‍යේශන් තමන් යොමු කරන වගයි මහාචාර්‍යවරය සඳහන් කරන්නේ..

මෙම හානිකර ත්ත්වයන්ගෙන් වැලකීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මහාචාර්‍ය කරුනාරත්න මේ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එලි මහනේදී නම් නිල් ආලෝකය සහ යූවී ආලෝකය කපා දැමිය හැකි අව් කන්නාඩි භාවිතා කල යුතු බවත් විශේෂයෙන්ම අඳුරේ පරිගණැක තිර හෝ ජංගම දුරකථන තිර නොබලන ලෙසත්ය.
ඒ සමගම මින් නින්දට කරන බලපෑම නිසා නින්දට පැයකට කලින්වත් මෙම තිර වලින් දෑස් ඉවත් කර ගැනීම සහ එය ඔබේ දරුවන්ටත් හුරු කරවීම දෛනිකව සිදු විය යුතුම කාරනයක්.
කොහොම වුනත් දරුවන්ගේ නිදන කාමරයෙන් ඔවුන් නින්දට යාමට කලින්ම ඉවත් කර තැබීම නුවණට හුරුයි..

Episode 42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක්

Broadcast on 3ZZZ radio on 12th May 2019

අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා අති විශාල අන්තර්ජාතික අවධානයක් අපේ මව් රට වෙත යොමු වුනා. ලොව සියලුම බලගතු රජයන් පාහේ විවිධ ක්‍රමවලින් උදව් කරන්නට ඉදිරිපත් වුනා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විමර්ශන කටයුතු සඳහා ෆෙඩරල් පොලීසිය (AFP) පවා ලංකාව වෙත යවන්නට ඉදිරිපත් වුනා.
ඒ හැමෝටම වඩා වෙනස් නමුත් අන්තර්ජාතිකව ප්‍රබල කන්ඩායමක් මෙම ප්‍රහාරය හෙලා දකිමින් එහි වගකීම භාරගත් අයිසිස් ත්‍රස්තයන්ට එරෙහිව තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කලා. මේ තමයි ලෝ ප්‍රකට Anonymous නම් හැකර් කන්ඩායම.
සුපුරුදු පරිදි, වෙස් මුහුනක් පැලඳ, කටහඬ ඩිජිටල් ක්‍රම අනුසාරයෙන් වෙනස් කල නිර්නාමික පුද්ගලයෙක් මෙම අනතුරු හැඟවීම සිදු කරනවා. එය ආරම්භ වන්නෙ මෙලෙසයි.

Greeting citizens of the world. We are Anonymous.
This is an important message to the ISIS extremists who are behind this weekend’s Easter Sunday attacks in Sri Lanka. This is a message from anonymous.

මේ තව දුරටත් සඳහන් කලේ කුමක්ද කියන්න කලින් අපි තේරුම් අරන් ඉන්න ඕනෙ ඇනොනිමස් කියන්නෙ කව්ද කියලා? නමුත් ඊට කලින් පැහැදිලි කර ගන්න ඕනෙ හැකර් කෙනෙක් කියන්නෙ කව්ද කියලා - මොකද ගොඩාක් දෙනාට තියෙන්නෙ ඒ ගැන සීමාසහිත දැනුමක්.
මාධ්‍යවලින් අපි නිතර හැකින් කියල අහන්නෙ අනවසරයෙන් වෙන්ත් අයගේ පරරිගනක පද්ධති තමන්ගෙ පාලනයට අරගෙන වටිනා විස්තර සොරා ගැනීම හෝ ඒ පද්ධති අඩපණ කිරීම්, විනාශ කිරීම් වගේ දේ වුනාට හැකින් කියන්නෙ ඊට වඩා පුලුල් අවකාශයක් හොඳට සහ නරකට යොදාගන්න පුලුවන් වෙන.
උදාහරණයක් විදියට අපි අපේ පරිගණක පද්ධතියේ අඩු පාඩු සොයා ගන්න ඒ කාර්‍ය භාරදෙනවා වයිට් හැට් හැකර් කෙනෙකුට.. එයා කරන්නෙත් හැක් කරන එක... නරක අය යොදා ගන්න ක්‍රමවේදම තමයි එයත් භාවිතා කරන්නෙ.. නමුත් අවසරය ඇතිව සහ ව්ෘත්තීමය සදාචාරය (professional ethics) ඇතිව. ඒ නිසා එයාට වයිට් හැට් හැකර් හෝ එතිකල් හැකර් කියලා කියනවා. එතිකල් හැකින් පාඨමාලා පවා තියෙනවා ඒ ක්ශේස්ත්‍රයෙන් රැකියා කරන්න කැමති අයට.
අනික් අන්තෙන් ඉන්නවා බ්ලැක් හැට් හැකර්ලා.. ඔවුන් තමයි කිසිම අවසරයක් නැතිව වෙනත් අයගෙ වෙබ් අඩවි හෝ පරිගනක පද්ධති ඉලක්ක කරන්නෙ. මේ දෙගොල්ලන්ගෙ අතරෙ තව ග්‍රේ හැට් කියලා කන්ඩායමක් ඉන්නවා, මොකද ඒ අය අවසරයකින් තොරව පරිගණක පද්ධතිවල අඩුපාඩු හොයාගෙන, එයින් විනාශයක් කරන්න කලින් ඒ ගැන අයිතිකරුවන්ට දැනුම් දෙනවා සමහර විට යම්කිසි මූල්‍යමය වාසියක් හෝ තමන්ට ලොකු පිලිගැනීමක් ලැබීම බලපොරොත්තුවෙන්.
දැන් ඔය ගොඩෙන් ඇනොනිමස් කන්ඩායම අයිති වෙන්නෙ පැහැදිලිවම බ්ලැක් හැට් පැත්තකට. හැබැයි ඔවුන්ගෙ අරමුන වෙනස් එකක්. ඔවුන් නිවැරදි කියලා හිතන දර්ශනයකට අනුව ලෝකයේ වෙනස්ක් කරන්න හැකින් යොදා ගන්නවා, මේකට කියන්නෙ හැක්ටිවිසම් කියලා. හැකින් සහ ඇක්ටිවිසම් කියන වචන දෙකේ එකතුවක් - සරල ව කිව්වොත් ඔවුන් සමාජ ක්‍රියාකාරීන්.
නමුත් හැක්ටිවිස්ට් කෙනෙක් කිව්ව පලියට ඔවුන්ට බලපෑමක් කරන්න නම් ඔවුන්ගෙ බලය පෙන්නන්න වෙනවා.. ඒකට වෙන වෙනම හුදකලා මැදිහත්වීම් කරලා බැහැ.
අනික හැකින් කියන තාක්ශනික හැකියාව පවා ඉතා විශාල පරාසයක විහිදෙනවා.. යන්තම් අන්තර්ජාලෙන් පොඩ්ඩක් ඉගෙන ගෙන විනෝදෙට හැක් කරන පොඩි එකාගෙ ඉඳලා තවත් රටක රහස් සොරා ගන්න ඉතා විශාල මුදලක් ආයෝජනය කරලා, හොඳම හැකර්ස්ලා යොදා ගෙන රාජ්‍යයන් විසින් මෙහෙයවන අති ප්‍රබල හැකර් කන්ඩායම් (nation state actors) ඉන්නවා.
මේකෙන් ඇනොනිමස් වැටෙන්නෙ අර ප්‍රබලම කන්ඩායම පැත්තට හැකියාව පැත්තෙන්. ඔවුන්ගෙ ශක්තිය තමා ලොව වටා පැතිර ඉන්න ඔවුන්ගේ නිර්නාමික සාමාජිකයන් - ඔවුන්ට කියන්නෙ ඇනොන්ස්ලා කියලා .. මේ කන්ඩායමට නායකයෙක් නැහැ.. එනිසා ඔවුන් මද්‍යගත නොවූ එකතුවක් ඒ කියන්නෙ decentralized international hacktivist group එකක්..ඔවුන්ගේ ප්‍රහාර වලින් මට්ටු වුනේ පොඩි පොඩි අය නෙවෙයි.. ඇමරිකාව, ඊස්‍රායලය වගේ රටවල රජයේ ආයතන, PayPal, MasterCard, Visa, and Sony වගේ යෝධ ව්‍යාපාර ඒවයින් කිහිපයක් පමණයි.

අයිසිස් ත්‍රස්තයන්ට අර අභියෝගය කරන්නෙ කෙතරම් ප්‍රබල හැකින් කන්ඩායමක්ද කියලා දැන් ඔබට පැහැදිලි ඇති. ඔවුන් කරපු අනතුරු ඇඟවීම කුමක්ද? මෙ ප්‍රහාරයට වග කිව යුත්තන් ලංකාවේ මූල්‍යමය සහ දේශපාලනමය පැත්තෙන් ඉතා ඉහල තැන්වල සිටපු අය නිසාත්, කලින් පැහැදිලි අනතුරු හැඟවීම් තිබෙද්දිත් ක්‍රියාත්මක නොවුනු පාලකයන් සහ මාධ්‍ය ගැන තව දුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවිනුත්, මේ විමර්ශන වලදී සත්‍යය මුදලට සහ බලයට යට වීමේ අවධානම ඉදිරියේ ඒ සත්‍යය මතු කර ගන්නට තම ක්‍රියාත්මක වෙන බවයි. ඉදිරියේදී මෙවැනි ප්‍රහාර සම්බන්ධ තොරතුරු සොයාගෙන ප්‍රහාර වලට කලින් අනතුරු හැඟවීමත්, රජය තුලට සූක්ශම ලෙසින් රිංගා මෙවැනි ප්‍රහාර සඳහා අනුබල දුන් අයිසිස් හා සම්බන්ධකම් පවත්වන ඉහල දේශපාලකයින් සහ නිලධාරීන් හෙලි කරන්නයටත් ඔවුන් අරමුනු කරගෙන සිටින වගත් සඳහන් විය.

රටේ දේශපාලන නායකයන් වරද එකිනෙකා වෙත යොමු කර ගනිමින්, ප්‍රබල අමාත්‍යවරුන් මාධ්‍ය ඉදිරියේ විහිලු සංදර්ශන පවත්වන මොහොතක, අපගේ ආදරණීය මාත්ෲභූමියේ අපගේ නෑ හිත මිතුරන් මර බියෙන් මේ ගෙවන පැයේ, ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන නමක් රටක් නොදන්නා නිර්නාමික කන්ඩායමක් අපිට අපේම පාලකයන්ට වඩා මෙලෙසින් විශ්වාසවන්ත සහ මානුශික වීම කෙතරම් දෛවෝපගතද?

Episode 41: මගෙ මව් රට ඇවිලෙන ගිනි එයින් නිවාලිය හැකි නම්...

Broadcast on 3ZZZ radio on 28 Apr 2019

දශකයකට පස්සෙ අපේ මව් රට නැවතත් මරාගෙන මරෙන බෝම්බ බියෙන් සහ ත්‍රස්තවාදයෙන් ඇලලී ගිහින්. පාස්කු ඉරිදා දේව මෙහෙයවලට සහභාගී වූ සහෝදර කිතුනු බැතිමතුන් සහ අගනුවර සුපිරි හෝටල් කිහිපයක උදෑසන ආහාර ගනිමින් සිටි අහින්සකයන් තුන්සීයකට වඩා වැඩි පිරිසක් සිති පිත් නැති අයිසිස් ත්‍රස්තයන්ගේ ගොදුරු වුනා.

මව් රටේ නොහිටියත්, ශ්‍රී ලාංකිකයන් විදියට අප සැම මේ ගෙවන නිමේශයේ ශෝකය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාලයි. මෙය වැලැක්විය හැකිව තිබූ ප්‍රහාර මාලාවක් බව දැන ගනිද්දි සහ අනතුර තවම පහව ගියේ නැති නිසා අපේ ආදරණීයන් තවමත් භීශණ‍යෙන් ජීවිත බියෙන් සිටිනා වග සිහි කරද්දි අතිශය කළකිරීමක් සහ වේදනාවක් අපට දැනෙන එක නවත්තන්න බැහැ.

රජය මේ මොහොත වෙන විට සමාජ ජාලා වාරණයක් ක්‍රියාත්මක කරනවා, ඒ කියන්නේ Facebook, Twitter, Whatsapp, Viber, Snapchat වැනි social media and messaging apps ලංකාව තුල ඉඳලා භාවිතා කරන්න බැරි විදියට අවහිර කරලා තියෙන්නෙ. මේකට හේතුව විදියට සඳහන් වෙන්නේ, අසත්‍ය තොරතුරු සමාජගතවීම නිසා, මිනිසුන් ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යොමු වෙන එක වළක්වන්න කියලා. Fake News සංසරණය වීම ගැන සමාජ ජාලාවලට චෝදනා එල්ල වෙන්නෙ බොහෝ කාලෙක ඉඳලා - එනිසා සමාජ ජාල භාවිතයෙදි ඒ අනතුර ගැන, විශේෂයෙන්ම හදිසි අවස්ථාවලදී ඉන් විය හැකි හානි කලමනාකරනය කිරීම කල යුතුව තිබෙනවා.

මේ ඛේදනීය තත්ත්වය වළක්වා ගන්නට රජය අසමත් වීම සහ එය හරහා හෙලි වෙන කරුනු අනුව ජාතික ආරක්ශාව සම්බන්ධයෙන් ඉතා බරපතල හිඩැස් විශේෂයෙන්ම අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරනවා. එනිසා මෙම සමාජ ජාලා වාරණය හරහා රජයේ අසමත්කම ජනගත වීම පාලනය කර ගන්නට සහ සමහර තොරතුරු ජනතාවට දැන ගැනීමෙන් වලක්වා ගන්න ෞත්සාහ ගන්න බවට දේශපාලන විචාරකයන් චෝදනා කරනවා.

කොහොම වුනත් මෙම වාරණය 100% සාර්ථක නැහැ.. විශේෂයෙන්ම තරුණ කොටස් VPN නම් තාක්ශණය යොදාගෙන, තමන් සම්බන්ධ වන්නේ වෙනත් රටකින් ලෙස පෙන්වා මෙම වාරණය මඟ හරින්න දන්නවා.

සාධනීය නැඹුරුතාවයක් ලෙස ගත්තොත්, මේ දිනවල WatchDog Sri Lanka නමින් ඇප් එකක් ජනප්‍රිය වෙමින් යනවා - ඉන් කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධව පල වෙන පුවත්වල සත්‍ය අසත්‍යභාවය වෙනුවෙන්, ප්‍රජාව විසිම් මෙහෙයවන වගකිවයුතු මූලාශ්‍රයක් එනම් credible source එකක් ලෙස ක්‍රියාත්මක වෙන්න. උදාහරනයක් ලෙස රජය ත්‍රස්තවාදයට සම්බන්ධ අය ලෙස ප්‍රසිද්ධ කල මුහුනු අතර වැරදීමකින් අහිංසක මුස්ලිම් කාන්තාවගේ රූප‍යක් පලකිර්‍රිම ඔවුන් පෙන්වා දී තිබුනා.

එය ඉතා හොඳ ප්‍රවනතාවයක්. සමාජ ජාලා හරහා සම්බන්ධ වෙන සැමගෙන් අප ඉල්ලා සිටින්නෙත් එයයි. කිසිම ජන කොටසක් වෙත වෛරය පතුරවන ප්‍රකාශ හෝ සහතික නොවුනු මිනිසුන් අනවශ්‍ය ලෙස කලබලයට පත් කරන තොරතුරු ප්‍රචාරයට සහය නොදක්වා ඒවාට විරෝධය දක්වන්න. තාක්ශනයට හිතක් පපුවක් නොතිබුනත්, එය භාවිතා කරන අප ක්‍රියාත්මක විය යුත්තේ මානව දයාව, මනුස්සකම මුල් කරගෙන නිසාවෙන්.

Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි..

Broadcast on 3ZZZ radio on 31 Mar 2019

මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා.
මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්‍ය භාවිතාව පැත්තෙන් ඉතා භයානක ප්‍රවනතාව‍යක් සනිටුහන් කලා. ඒ තමයි ඔහු එම සමූල ඝාතනය වෙනුවෙන් පැමිණීම සහ ඒ වෙඩි තැඹීම, හිස පැලඳි හෙල්මටයේ රඳවාතිබු Go Pro නම් ඉතා කුඩා නමුත් ප්‍රබල කැමරාවක් හරහා සජීවීව තමන්ගේ ෆේස්බුක් ගිනුමෙන් විකාශය කිරීම. ඝාතනයට සූදානමක් ලෙස 8chan forum නම් වූ වාරනයෙන් තොර  වෙබ් අවකාශයක ඉතා දීර්ඝ කරුනු දැක්වීමක් manifesto එකක් ලෙස එකතු කරමින් තමන්ගේ ෆේස්බුක් පිටුවේ යොමුවක්ද කරමින් අන්ත දක්ශිණාංශික පාර්ශ්වවලට මේ ගැන කලින්ම ඔහු ඉඟි කිරීමක් කර තිබුනා. එනිසා විනාඩි 17ක් තිස්සේ ඔහුගේ වෙඩි ප්‍රහාරය නිසා නිරායුධ අහිංසකයන් ඇද වැටෙද්දී, එය ඒ මොහොතේම ෛතා විශාල පිරිසකට දර්ශනය වුනා. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් යන ආයතන විනාඩි 20 ඇතුලත මෙම වීඩියෝව ඉවත් කලේ නවසීලන්ත පොලිසියේ ඉල්ලිම මතයි. නමුත් පැය 24ක් ඇතුලත මෙම වීඩීයෝවෙම, විවිධ ක්‍රම හරහා ජාල ගත කිරීම් මිලියන 1.5ක් ඔවුන්ට නැවත ඉවත් කරන්නට හෝ upload ප්‍රයත්නයන් අවහිර කරන්නට   සිද්ධ වුනා. කිසිම මාධ්‍ය ආයතනයක් මෙම සංවේදී දර්ශන විකාශය නොකරන්නට වග බලා ගත්තත් එලෙසින් සයිබර් අවකාශයට එකතු කරන ලද යමක් 100% ඉවත් කරන්නට බැහැ.. එහි භාගත කරන ලද දර්ශන හෝ වීඩියෝවේ නිස්චල චායාරූප හුවමාරු වීම නැවැත්වීම අතිශය අපහසු කටයුත්තක්.

මෙය තර්ස්තවාදයේ එක් බිහිසුනු ප්‍රවනතාවයක්. මෙලෙසින් අයිසිස් නම් ඉස්ලාමික අන්තවාදී සංවිධානයද තමන් සන්තකයේ සිටින සිරකරුවන් ඝාතනය කරන අයුරු සහ ඔවුන් හරහා සතුරු රටවලට අනතුරු ඇඟවීම කරන අයුරු අප දැක ඇත්තෙමු. අන්තර්ජාලයේ darkweb නම් අවකාශයේ නිර්නාමික ලෙස මෙම කල්ලි තමන්ගේ ප්‍රචාරක සහ ආයුධ හුවමාරු කටයුතු ජයටම කරගෙන යනවා. darkweb අවකාශයේ මෙලෙසින් රහසිගත කාරනා සංසරනයට ඔවුන් තාක්ශනය යොදා ගන්නා අතරේ, එහි අනෙක් අන්තය වෙන සැමටම විව්ෘත surface web අවකාශයේ Live Streaming, වෙබ් බ්ලොග් අඩවි, ට්විට‍ර්, යූටියුබ් යනාදිය යොදාගෙන තමන්ගේ පනිවිඩය ඉතා සැණින් සහ සාහසික ලෙස ජනගත කරන්නට මෙලෙසින් Performance Crimes සිදු කරනවා. උදාහරනයක් විදියට ඉහත ඝාතන සිදු කල පුද්ගලයා ප්‍රකාශයට පත් කල මැනෙෆෙස්ටෝවට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුනේ ඔහු ඒ වෙනුවෙන් කල අපරාධයේ පරිමානයේ ඉහලකම නිසාය.

අප ඉදිරියේ ඇති අභියෝගය මෙයයි. ඔබ හොඳින් නිරීක්ශනය කලොත් ෆේස්බුක්, යූටියුබ් යන මාධ්‍ය සහ රියලිටි ටීවී ආදියෙන් එක මොහොතෙන් සාමාන්‍ය මිනිසුන්, තරු බවට පත් කරනවා, ඊට හේතුව එය නරඹන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල ක්ශනිකබව සහ විසල්බව. මිනිසුන් අතරෙ ගැටුමක්, අපහාස කර ගැනීමක් පවා ෆේස්බුක් වගේ මාධ්‍ය හරහා ලැව් ගින්නක් විදියට ශෙයා වීම ඔබ දැක ඇති. තමන්ට කෙලින්ම නොදැනෙන දුක, වේදනාව සමාජ ජාලා හරහා උඩ පල්ලෙහා යන ඇස්වලට තවත් විනෝදාස්වාදයක් පමණයි. ත්‍රස්තවාදීන් යොදාගන්නේ මේ මිනිස් දුර්වලතාවයයි..

ඒ නිසා ඔබත් මින් පස්සෙ '' Share" බොත්තම ඔබද්දි ඔබෙන්ම අසන්න ඒ බෙදා හරින පනිවිඩයෙන් වෙනත් කෙනෙකුට සෙතක් වන්නේද, එහි සත්‍යබව ගැන ඔබට වගකිව හැකිද, ඉන් තවත් පාර්ශවයකට සිත් වේදනාවක්, අගතියක් නොවන වගට ඔබට සහතික විය හැකිද යන කාරනය ගැන..
හේතුව රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන් නොවේ, සමාජ ජාලා ක්‍රියාකාරිත්වයේ සාධනීය වෙනසක් විය යුතු නම්, එය ඇරඹිය යුත්තේ අපගෙන්ම නිසාවෙන්..


Episode 39: දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද?

Broadcast on 3ZZZ radio on 10 Mar 2019

ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර මාධ්‍ය වාර්තා කලේ "An evil suicide game" නමින්.. මෙයට කියන්නෙ මොමො චැලෙන්ජ් කියලා

අද දවසේ අපි කතා කරන්නෙ මේ ව්‍යසනයෙන් දරුවන් බේරා ගන්න ආකාරය කියලා ඔබ දැන් හිතනවා ඇති නේද? කොහෙත්ම නැහැ.. හේතුව මම ඒ කිව්ව ඔක්කොම බොරු. ඔව්, ඔබට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන්... ඇයි මම බොරුවක් නම් ඒ ගැන අද ඇයි මේ කතා කරන්නෙ.
එය බොරුවක් කියලා මාත්, දැන් ඔබත් දැන සිටියත්, එය සත්‍යයි කියලා තාම මිනිස්සු විශ්වාස කරනවා මේ මොහොතෙත්, අන්තර්ජාලයේ මේ ගැන මම මුලින් සඳහන් කල පදනමින් තොර කරුනු ශීග්‍රයෙන් හුවමාරු වෙන නිසා. 

මේවාට කියන්නෙ හෝක්ස් කියලා, ඒ කියන්නෙ තහවුරු නොවූ නමුත් මිනිසුන්ගේ අවධානය දිනා ගන්න, ඒ නිසාම මිනිසුන් වැඩි වැඩියෙන් එකිනෙකා අතර බෙදා ගන්නා විවිදාකාරයේ තොරතුරු ... හෝක්ස් කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි නමුත් මේ මොමො හෝක්ස් එක, හෝක්ස් ගැන දන්න අය පවා රැවට්ටුවා..
ඒ කොහොමද?

මින් කතාකරන්නෙ දරුවන්ගේ ආරක්ශාව සහ සමහර විට ඔවුන්ගේ ජීවිතවලට තියෙන තර්ජනයක් ගැන.. එනිසා මේ මොමෝ අභියෝගය ගැන අසා ඉන් කලබල වෙන එය සත්‍යක් ලෙස සිතන හැමෝම, හොඳ අදහසින් එය තමන් දන්න හැමෝම එක්ක බෙදා ගන්නවා.පාසල්වලට දෙමාපියන්ගෙන් මේ ගැන කරන ඉල්ලීම් වැඩි වීම නිසා, පාසල් විසින් දෙමාපියන්ට මේ ගැන අවධානයෙන් සිටිනා ලෙස වෙනම නිවේදන යවනවා.. සමහර රටවල පොලිසිය විසින්ද මේ ගැන වීමසිලිමත් වෙන ලෙස ඔවුන්ගේ සමාජ ජාලාවල සටහන් කරන්නේ ඒ වෙන විටත් කරුනු ලෙස සනාථ නොවුනත්, ඒ ගැන ඉතා විශාල ලෙස විශේෂයෙන්ම  ලොව වටා දෙමාපියන්  කලබලයට පත් ව සිටි නිසා.. ඒ අතර මාධ්‍ය ආයතන විසිනුත් තමන්ගේ පුවත්වලට අවධානය ගන්නට මේ කටකතා තවත් උද්දීපනය කර සත්‍ය වාර්තා ලෙස හැඟෙන විදියට වාර්තා කලා.

ඒත්, ගින්නක් නැතිව දුමක් නගින්නෙ නෑනෙ..මේකෙත් මොකක් හරි ඇත්තක් ඇතිනේද කියලා ඔබට සමහර විට හිතෙනවා ඇති. මොමො කියන මේ චරිතය අන්තර්ජාලයේ මීට වසරකට වැඩි කාලයක් සංසරණය වුනා. ජපානයේෙක්තරා සමාගමක් වෙනුවෙන් නිර්මානය කල, විරූපි මුහුනක් සහිත මූර්ති නිර්මාණයක් කේන්ද්‍ර කරගෙන මේ පරිගණක රූපය කරලියට ආවත්, එය කිසිම පරිගණක ක්‍රීඩාවකට සම්බන්ධයක් තිබුනේ නැහැ. එම මුහුනේ ඇථි බියකරු බව නිසාම මෙම හෝක්සය නිර්මානය කල අය මෙම චරිතය මෙයට සම්බන්ධ කර ගෙන තියෙනවා. ඔය අතරෙ ආජන්ටිනාවෙ බුවනෝ අයර්ස් නගරයේ තරුණ දැරියක් සිය දිවි නසා ගත්තා. ඇය තමන්ගෙ දිවිතොර කරගන්නා ආකාරය වීඩියෝ කර තිබුනා. පසුව වාර්තා වුනේ අන්තර්ජාලය හරහා ඇයව ඒ සඳහා පොළඹවා ඇති වගට සැක කරන බවත් ඊට වග කිවයුතු පාර්ශවය අත් අඩංගුවට ගත් බවත්. මෙය කිසිම ලෙසකින් මොමො චරිතය හරහා දරුවන්ට ස්වයං හානි කරගන්නට බලකරන චැලන්ජ් එකක් නොවුනත්, පදනම් විරහිතව එවැන්නක් අන්තර්ජාලය හරහා නිර්මාණය වෙන්නට wuna.

ඉතා මෑතක මේ කටකතාව නිසා ඉතා කම්පනයට පත් වූ තම පුතා ගැන එක් මවක් ඉතා සංවේගයෙන් ෆේස්බුක් සමූහයක සංවේදී සටහනක් එක් කරමින් ඉල්ලා සිටියේ මෙවැනි අනතුරක් දරුවන් වෙනුවෙන් තිබෙන බවට ඉඟි කරමින් ඉන් දරුවන් මුදවා ගන්නා ලෙස ඉල්ලමින්. එය ලොව වටා ව්‍යාප්ත වන්නට ගියේ දින කිහිපයයි. යුටියුබ් වැනි තාක්ශණික සමාගම් මුල සිටම මෙවැන්නක් ඇති බවට තොරතුරු නැතැයි කියද්දිත් මාධ්‍ය එම ගින්නට පිදුරු දැම්මේ සත්‍යය මතු වෙන්නට තියෙන ඉඩ අහුරමින්.


.. .. 
මෙවැනි හෝක්ස් වල තියෙන භයානකකම තමයි, අනවශ්‍ය ප්‍රචාරයක් අසත්‍ය දේකට ලැබීමත් ඒ හරහා වක්‍ර ආකාරයෙන් එම හානිය දෙගුණ, තෙගුණ වී ඇති වීම. උදාහරණයක් විදියට මෙම චරිතය නිසා අනවශ්‍ය ලෙස දරුවන් දැනටමත් බියට පත් වෙන්නේ ඒ ගැන වාර්තා කරන මාධ්‍ය සහ වෙබ් අඩවි හරහා එම රූපය නැවත නැවත දරුවන්ට පෙනෙන්නට සැලැස්වීමෙන්. මෙය කෙතරම් මට්ටමකට පැමිණ ඇත්දැයි කිවහොත්, එම රූපයට මුල් වූ මූර්ති නිර්මාණය මීට දින දෙක තුනකට කලින් එම මූර්ති ශිල්පියා විසින්ම විනාශ karaa.  ඔහු පැවසූවේ දරුවන් තව දුරටත් බියට පත් නොවීමට ohu එසේ කල බවයි.

තල් අත්තට බෙලි ගෙඩියක් වැටුනු ශබ්දය නිසා අහස කඩං වැටෙනවා කියා දිවූ හාවා පසුපස අනික් සතුන්ද දිව ගියේ එහි කරුණු සොයා බලන්නට ඔවුන් උත්සුක නොවූ නිසාය. නමුත් තොරතුරු තාක්ශණය උසස් මේ යුගයේ එසේ කලබල වී තීන්දු ගැනීමට අවැසි නොවේ.. විමසිලිමත් වීමට ඕනවටත් වඩා uවදුරු ඇති සයිබර් ලෝකයේ අපට බොරුවට කලබල nowi හෝක්ස් වලට හසු නොවන්නට විමසිලිමත් විය යුත්තේ එහෙයිනි..
... 


Episode 38: මොනවද මේ SEXting කියන්නෙ?

Broadcast on 3ZZZ radio on 25 Feb 2019

මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ.
ඒ තමයි sexting ප්‍රවනතාවය.
මොනවද මේ sexting කියන්නෙ? මේ වචනෙ හැදෙන්නෙ sexසහ texting කියන වචන එකතු වෙලා. දැන් ඔබට ටිකක් පැහැදිලි ඇති. ටෙක්ස්ට් හෝ sms වෙනුවට තාක්ශනය යොදාගෙන තමන්ගේ නිරුවත්, අඩ නිරුවත් හෝ ලිංගිකත්වය මූලික කර ගත් වීඩියෝ, රූප, පනිවිඩ ආදිය (sexually explicit content) තාක්ශණය හරහා හුවමාරු කර ගැනීම තමයි මින් අදහස් වෙන්නෙ.
ඉහත කී සමීක්ශනයට අනුව, වයස අවු 14-17 දක්වා දරුවන්ගෙන් 4 න් 1ට මේ සම්බන්ධව යම් කිසි ආකාරෙක අත්දැකීමක් තියෙනවා. මෙතන ඇත්දැකීමක් ලෙස හැඳින්වූයේ එවැන්නක් එවන්න ඉල්ලීමක් ලැබීම, වෙනත් කෙනෙකු යැවූ එවැන්නක් සංසරනය වෙද්දි දකින්න ලැබීම හෝ දන්නා කෙනෙකුට එවැන්නක් සිදු වූ බව අසන්නට ලැබීම වැනි කාරනා. නමුත් ඇත්තටම තමන්ගේ නිරුවත් රූපයක් වෙන අය වෙත යැවූ බවට පිලිගෙන ඇත්තේ 14-17 වයස් කාන්ඩයේ දරුවන්ගෙන් 5% පමනයි, නමුත් ඒ දරුවන් 90% විශ්වාස කර තිබෙන්නේ මෙය ඔවුන්ගේ සමවයසේ සාමාන්‍යයෙන් ප්‍රචලිතව සිදුවන බවයි.

මෙහි භයානක කාරනාව මෙයයි. මේ ප්‍රවනතාවයේ අවධානම ගැන සහ ඉන් ඔවුන්ගේ ජීවිතයට දිගුකාලීන විය හැකි බලපෑම ගැන ඔවුන්ව දැනුවත් කල යුතු වන්නේ එනිසයි.

නීතිමය පැත්තෙන් ගත්තොත් වයස අවුරුදු 18ට අඩු කෙනෙක්ගෙ නිරුවත් රූප හෝ වීඩියෝ කෙනෙක් සන්තකයේ තබා ගැනීම වැටෙන්නේ Child Pornography ආශ්‍රිත අපරාධයක් විදියට. බාල වයස්කාරයෙක් වුනත් ඉන් ගැලවීමක් නැහැ.
නෛතිකමය කාරනා පැත්තකින් තිබ්බත්, සයිබර් අවකාශය හරහා මෙවැන්නක් මුදා හැරියාට පසුව එය ප්‍රතිනිර්මානය වෙමින්, නැවත නැවත අන් අය අතට යන එක පාලනය කිරීම කල නොහැක්කක්. එවැනි රූප ආදිය යොදා ගනිමින් අන්තර්ජාලය හරහා එයට ගොදුරු වූවනට නිරන්තර්‍යෙන් අපහාස/උපහාස    විඳින්නට සිදු වෙනවා. මෙය හඳුන්වන්නේ Image Based Abuse නමින්.
විශේෂයෙන්ම, මෙම සමීක්ශනයට අනුව, මෙලෙස රූප වීඩියෝ එවන ලෙසට ඉල්ලීම් වැඩිපුර ලැබෙන්නෙ ගැහැනු දරුවන්ට. ඔවුන් ඉල්ලීමක් නොකරත් ඔවුන් වෙතට අසැබි රූප/වීඩියෝ ලැබීමෙත් වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. වයස 15-17 අතර ගැහැනු දරුවන්ගෙන් 15% මෙලෙසින් Image Based ABuse වලට නතු වී ඇති බව ඔබ දන්නවාද?

යම් හෙයකින් සෙක්ස්ටින් ආශ්‍රිතව දරුවා දැනටමත් Image Based Abuse වීමකට ලක් වීමක් වෙලා තියෙනවා නම්, දරුවාට වැඩි වැඩියෙන් ආදරයෙන් උපකාර කලයුත්තේ එවිටයි. ඔවුන්ව තනි නැති බව පෙන්වා රජයෙන් එවැනි දරුවන් වෙනුවෙන් පිහිටවා ඇති image based abuse portal එක හරහා එම ගැටලුකාරී රූප හෝ වීඩියෝ ඉවත් කිරීමත්, පීඩනය එල්ල කරන පාර්ශව වෙත නීතිය ක්‍රියාත්මක කිරීමත් වෙනුවෙන් උපකාර ලබා ගැනීමත් කල හැකියි


මේ වයස ලිංගිකත්වය ගැන ඔවුන් විමසිලිමත් වෙන, තමන්ගේ ශරීරය ගැන උනන්දු වෙන වයස. එනිසා sexting ඔවුන් ඒ ආශ්‍රිත නිදහසේ නිම්වළලු පුලුල් කරන දෙයක් ලෙස  දකිනවා ඇති.
එනිසා වැඩිහිටියන් විදියට මේ ගැන ඔවුන් එක්ක කලින්ම කතා කිරීම ඉතා වැදගත්.
මේ ගැන අසා තිබුනේ නැහැ කියා ඔබට තවදුරටත් කියන්න බැහැ දැන්. එනිසා දැනුවත් වෙන්න. දැනුවත් කරන්න.
මේ මාත්ෘකාව සංස්කුතිකව අපට අපහසු බව ඇත්ත, නමුත් කරන්න දෙයක් නැහැ කාලයත්, තාක්ශණයත් අපට බල කර මතක් කරනවා, තරුන වයසේ දරුවන් එක්ක මේ කතිකාව අද දිනයේ අප කල යුතුම බව..


Sources



Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට...

Broadcast on 3ZZZ radio on 3 Feb 2019

පාසල් යන වයසේ දරුවෙක් ඔබෙන් ඇහුවොත්, රැකියා සුරක්ශිතභාවය වැඩිම රස්සාවක් කියන්න කියලා ඔබ යෝජනා කරන්නේ කුමන රැකියාවද? සමහර විට වෙනත ක්ශේස්ත්‍රයක දැනට රැකියාව කරන කෙනෙක්ට තමන්ගේ රැකියාව වෙනස් කරලා අලුත්ම ක්ශේස්ත්‍රයක රැකියාවක කරන්නට හිතුනොත්, ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිලාභ සහ සුරක්ශිතභාවයක් තියෙන රැකියාවක් නම් කරන්න ඔබට පුලුවන්ද?
මේ මොහොත වෙනකොට, සමහර දරුවන් ඉගෙන ගන්නා දේවල් පවා ඔවුන් රැකියාවක් කරන විට අවලංගු වෙන තත්ත්වයක් තුල, ඉතා ශීග්‍රයෙන් සමහර අලුත් රැකියා නිර්මානය වෙන පසුබිමක මෙවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සැපයීම පවා ඉතා අසීරු නොවෙදැයි ඔබ සමහර විට නැවත ප්‍රශන කරන්නට ඉඩ තියෙනවා.
ඒක ඇත්ත, නමුත් මේ අවිනිශ්චිත බව තුලින්ම ආශිර්වාදය ලැබූ, පුහුණු ශ්‍රම බලකායක් අවශ්‍ය ප්‍රමානයට නොමැති නිසාම ඉතා දීප්තිමත් අනාගතයකට හිමි කම් කියන ක්ශේස්ත්‍රයක් තියෙනවා.. ඒ තමයි Cyber Security අවකාශය..
කෙනෙක් මේ ක්ශේස්ත්‍රය පිවිසීමට කැමැත්තෙන් සිටිනවා නම්, අනිවාර්‍යෙන්ම ඒ වෙනුවෙන් දිරි ගන්වන්න..
ඇයි මම එහෙම කියන්නෙ?

ලොව වටා මේ ක්ශේස්ත්‍රයේ, ප්‍රමාණවත් සුදුසුකම් නැතිකම නිසා පුරවා ගත නොහැකි වූ රැකියා සංක්‍යාව (cybersecurity skills gap) මිලියන තුනට ලඟා වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ පමණක් ප්‍රමානවත් ව්ෘත්තිකයන් නොමැතිකමින් වූ පාඩුව වසරකට ඩොලර් මිලියන් 400ක් බවට ගණනය කරලා තියෙනවා.
ඉතා මෑතක සිට විශ්ව විද්‍යාල සහ ව්ෘත්තීය පුහුණු ආයතන පරිගණක ආරක්ශණයට අදාල පාඨමාලා වැඩි කලේ මේ නිසයි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල, රැකියා ස්ථාන සමග සමීප සම්බන්ධතාවයන් දැන් දැන් පවත්වන්න ගන්නවා ඔවුන්ගේ පාඨමාලාවලට වඩාත් උචිත සහ වැඩි වශයෙන් අවශ්‍ය වෙන විෂය කරුනු එකතු කරන්න.

මීට මාස කිහිපයකට කලින්, අපගේ සේවා ස්ථානයට RMIT විශ්ව විද්‍යාලයට පැමිණ ශිෂ්‍යයන් අමතන්න ඇරයුමක් ලැබුනා. එයට මා ඇතුලුව තුන් දෙනෙක් සහභාගි වුනා.
අපි එදා ඔවුන්ට කරුනු සහිතව පැහැදිලි කරලා දුන්නා මේ මොහොතේ Cyber Security ක්ශේස්ත්‍රයේ ඇති වී තිබෙන ඉතා විශාල ඉල්ලුම සහ එය ඇති වෙන්නට බලපා ඇති හේතු.
ඉන්පසුව අපි පැහැදිලි කරලා දුන්නා මේ මොහොතේ ඉතා දැඩි ඉල්ලුමක් ඇති නිපුනතා (skills in high demand)මොනවාද ආදියත්, තාක්ශණික හැකියාවන්ට අමතරව ම්ෘදු හැකියාවන් (soft skills) ආදිය ඉතා වැද්ගත් වෙන ආකාරයත්.
උදාහරණයක් විදියට මේ ක්ශේස්ත්‍රයේ අපි නිතර දකින දෙයක් තමා මෙවැනි තාක්ශණික කරුනු, තාක්ශණික වටපිටාවක නොමැති බොහෝ විට ඉහල නිල හොබවන අයට ඉතා සරලව පැහැදිලි කරන්නට සිදු වීම, මෙවනි අවස්ථාවල මෙම සන්නිවේදන හැකියාව සාම්ප්‍රදායික IT ක්ශේස්ත්‍රයේ එතරම් අවශ්‍ය නොවූ නමුත් Cyber Security ක්ශේස්ත්‍රයට අදාල වෙන එක් soft skill එකක්.

ඉන්පසු ව අප පැහැදිලි කලේ ඒ සඳහා දැනට තියෙන අධ්‍යාපන අවස්ථා සහ උනන්දුවක් තියෙන අයට බොහෝ විට ස්ව්‍යං හැදැරීම හරහා ලබා ගත හැකි ව්ෘත්තීමය සහතිකකරනයන්හි (Industry Certifications) වැදගත්කම.
ඒ සමගම ඉතා අධික වේගයෙන් වෙනස් වෙන ක්සේත්‍රයක් නිසා එහි යාවත්කාලීනව සිටීම වෙනුවෙන් ඉතා සක්‍රියව ව්ෘත්තීමය සංවර්ධනය (Professional Development) වෙනුවෙන් උනන්දුවිය යුතු බවත් අපි මතක් කලා.

අපගේ එදා දුන් පනිවිඩය ඉතා පැහැදිලි එකක්. සයිබර් සටහන් අසන ඔබටත් මම දෙන්නෙ ඒ පනිවිඩයමයි.

Cyber Security ක්ශේස්ත්‍රයට ප්‍රමානවත් ව්ෘත්තියන් හිඟය, අදට වඩා හෙට තදින් දැනේවි.. එනිසා උනන්දුවක් තියෙන අයට ඒ සඳහා අදම ලෑස්ති වෙන්නයි මතක් කරන්න.. ඔවුන් හෙට ඔබව ක්ෘතවේදීව සිහි කරනවා නොඅනුමානයි..