Duration: 3.36 mins
** Transcript **
පසුගිය වසර 14ක කාලය තුල, ඔබට ස්කෑම් වංචාවකට අහු වෙලා වෙස්ටර්න් යුනියන් හරහා වංචනිකයන්ට මුදල් යවන්න වී තිබේද? උත්තරය ඔව් නම් මේ තොරතුරු ඔබට බොහෝ විට සුබ ආරංචියක් වේවි.
ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව වෙස්ටර්න් යුනියන් සමාගමට එරෙහිව පැවරූ නඩුවකින් එම ආයතනය පරාජය වුනා. එහි ප්‍රතිපලයක් ලෙස එම සමාගමට සිදු වුනා ඩොලර් මිලියන් 586ක දඩ මුදලක් ගෙවන්න. ඇමරිකානු නීති දෙපාර්ත්මේන්තුව මේ මුදලින් ලොව වටා අගතියට පත් වූ පාර්ශව වලට වන්දි ගෙවන්න තීරනය කරලා තියෙනවා.
මුලින්ම අපි මතක් කර ගමු ස්කෑම් එකක් කියන්නෙ කුමක්ද කියලා? බොහෝ විට ඊමේල් හරහා හෝ අන්තර්ජාල අඩවි හරහා වංචනිකයන් විසින් විවිධ උපක්‍රම යොදාගෙන මුදල් සොරා ගැනීමට උත්සාහ කරනවා. සමහර විට විදෙස් ගත පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට කරදරයක් හෝ ඔබට ඇදුනු හදිසි ලොතරැයියක ත්‍යාග මුදල ලබාගැනීමට පෙර කරන ගෙවීමක්, රැකියා අවස්ථා, අන්තර්ජාල ප්‍රේම සම්බන්ධතා (online dating/romance) ආදී ඕනෑම ක්‍රමයකින් ක්ශණික මුදල් හුවමාරුවක් කර ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. මේ සඳහා ඔවුන් බොහෝ දුරට භාවිතා කරන්නේ වෙස්ටර්න් යුනියන් වැනි ආයතනයක් හරහා කරන මුදල් හුවමාරු (wire transfer).
අදාළ නඩුවෙන් වෙස්ට්‍රන් යුනියන් සමාගම පැරදුනේ එලෙසින් මුදල් වංචා කිරීමට එරෙහිව ඔවුන් ප්‍රමාණවත් ආරක්ශණ ක්‍රියාමාර්ග ඔවුන්ගේ පාර්ශවයෙන් ගෙන නැති බවට ඔප්පු වූ නිසා.
ලෙස. එම වන්දි අයදුම්පත තැපෑලෙන් හෝ අන්තර්ජාල පෝරමයක් ලෙස යොමු කල හැකියි.
මීට සම්බන්ධ සියලු විස්තර ඔස්ට්‍රේලියාන් රජයේ ස්කෑම් දැනුවත් කිරීම සම්බන්ධ පිටුව වෙන www.scamwatch.gov.au අඩවිය හරහා ඔබට දැනගත හැකිය. නැතහොත් වන්දි ගෙවීම සම්බන්ධයෙන්ම පිහිටුවා ඇති ඇමෙරිකානු වෙබ් අඩවිය වන http://www.westernunionremission.com/ හරහා මීට අදාල සියලු විස්තර ඔබට දැනගත හැකිය.
මතක තබා ගන්න මේ සම්බන්ධ අයදුම්පත භාර ගන්නා අවසාන දිනය මැයි 31 දා. ඔබේ හිත මිතුරනුත් මේ ගැන දැනුවත් කරන්න.
මෙවැනි ස්කෑම් හරහා වසරකට ඩොලර් මිලියන 5ක පමණ මුදලක් ඔස්ට්‍රේලියානුවන් නැති කර ගන්නවා. බලදාරීන් කියන්නෙ බොහෝ දෙනෙක් මෙවැනි සිදුවීම් වාර්තා නොකරන නිසා ඇත්ත පාඩුවට මීටත් ව අති විශාලයි කියලා.
එනිසා අවදියෙන් ඉන්න. ඔබ අපේක්ශා නොකරන ත්‍යාග, ණය දීමනා, රැකියා අවස්ථා, විශාල මිල අඩු කිරීම් සහිත නිශ්පාදන සඳහන් කොට ඒ වෙනුවෙන් ඉල්ලා සිටින ගෙවීමක් හෝ පවුලේ කෙනෙක්ගෙන් එන හදිසි මුදල් අවශ්‍යතාවයක්, පොලීසියෙන් එන දඩ මුදල් ඉල්ලා සිටීමක් වැනි රැවටීම හරහා මුදල් වංචා කිරීම සම්බන්ධව අතිශය පරෙස්සම් වෙන්න.
ඒ නැතිවෙන මුදල් ගියේ කාටදවත් සොයා ගන්න බැහැ මෙවැනි wire transfer හරහා ඔවුන්ට මුදල් ලැබුනු පසු.
මෙවැනි වන්දි වැඩස්ටහනකින් පවා ඔබේ නැති වූ මුදල් සියල්ල ලැබේ යැයි සහතිකයක් නැහැ. එනිසා ඒ ගැන දැනුවත් වී එවැනි වංචාවලට හසු නොවීමට තමයි ඔබ ඉටා ගත යුත්තේ.
End transcript
අදාල සබැඳි..
ඔස්ට්‍රේලියානු රජයේ නිවේදනය
ScamWatch
Western Union Remission page
No comments:
Post a Comment