Wednesday, December 18, 2019

Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක

Broadcast on 3ZZZ radio on 14 Jul 2019
(podcast ලෙස අසන්නට පහත audio player එක play කරන්න)

කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙලුම් දෙකකින් යුක්ත වුනා. මින් නිර්මාන්‍ය කරන ලද රූපවල කාන්තාවන් කෙතරම් තාත්වික ලෙස ඔවුන් නග්න කලේද යන්න සහ කෙතරම් පහසුවෙන් සහ අඩු කාලයකින් එම ඇප් එක භාවිතා කරන්නෙකුට එය කල හැකි වුයේද ය්නාදිය ගැන ගැන මේ විෂයේ කෙළ පැමිණි විද්වතුන් පවා මවිතයට පත් වුනා.
මෙය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල විවේචන මාධ්‍ය හරහා එල්ල වෙද්දී ඔවුන් එම ඇප් එක විකිනීම මේ වන විට නවතා තිබුනත් ඉදිරියේදී මෙය මීට වඩා දියුනු කර වෙනත් නමකින් නැවත මතුවීමත්, ඇප් එක හරහා නිර්මානය කරන ලද රූප සංසරනය වීම නැවත්වීමත් කල නොහැක්කක්.
මේ ව්‍යසනයේ පරිමාව තේරුම් ගන්නට මෙහි පිටුපස ඇති තාක්ශණික පසුබුම ගැන ඉතා කෙටියෙන් සහ සරලව තේරුම් ගැණීමත් අත්‍යවශ්‍යයයි.


Artificial Intelligence යන්න ගැන ඔබ බොහෝ දෙනක් දැනටමත් අසා ඇති. පරිගණක පද්ධතිවලට, එකින් එකට දේවල් කියා දෙන්නේ නැතිව, ඒවාට ඉගෙන ගන්ට උගන්වන ලෙස සංකේත ලබා දීම -  ඒ කියන්නේ Learning Algorithms හරහා පරිගණක පද්ධති වලට ඉගෙන ගන්නා ශක්‍යතාවය ලබා දීමෙන් පෙර නොවී විරූ ලෙස විවිධ කාර්‍යයන් කර ගැනීමට සහ තීරන ගැණීම වෙනුවෙන් එම දැණුම ප්‍රායෝගිකව යොදා ගැණීම. ඔබ දැනටමත් නොදැනම Artificial Intelligence හි ප්‍රයෝජන ලබනවා එය ඒ තරම්ම ප්‍රචලිතව ඇති නිසා. ජංගම දුරකථන ඇප් හරහා වෙනත් භාශාවල වචන ස්ව්‍යංක්‍රීයව පරිවර්තනය කිරීම, හඬ හරහා කාලගුනය අසා දැන ගැනීම, ඔබ ඊමේල් ටයිප් කරද්දී එම වාක්‍යය සම්පූර්ණ කිරීමට උපකාර කිරීම යනාදිය ඉතා සරල උදාහරන කිහිපයක් පමණයි.
මෙම ක්ශේස්ත්‍රයේ මේ වන විට ඉතා විශාල දියුනුවලක් වෙමින් පවතිනවා. එහි උපකුලකයක් ලෙස Machine Learning සහ එහි තවත් දිගුවක් ලෙස, තෝරා ගත් එක් කාර්‍යයක් වෙනුවෙන් ඉතා ගැබුරට Learning Algorithm දියුනු කරන ලද Deep Learning දැන් විශාල අවධන්‍යක් අර ගන්නවා. Deep Learning වලින් කල හැකි අතිශය ප්‍රයෝජනවත් වැඩ වලට ාමතරව එය අඳුරු පැතිවලට යොමු කරන්නත් පුලුවන්. අසත්‍ය එහෙමත් නැත්නම් Fake content නිර්මාන්‍යක් කිරීම එවැනි ඉතාම හානිකර පරවනතාවයක්. Deep Learning සහ Fake වචන එකතු කරලා DeepFake නමින් දැන් තනි වචන‍යක් පවා නිර්මාන්‍ය වෙලා තියෙනවා මේ භයානක නැබුරුව හඳුන්වන්න.

DeepFake තාක්ශනය හරහා ඉතා පහසුවෙන් එක් පුද්ගලයෙක්ගෙ සිරුරට තවත් කෙනෙක්ගෙ මුහුනක් බද්ධ කරන්නට, එම පුද්ගලයාගේ කටහඬින් ඔහු නොකියූ යමක් ඉතා තාත්විකව තොල් චලනය කරමින් කියන අයුරින් Fake Video නිර්මාණය කිරීමට යන්නේ ඉතා සුලු වෙලාවක්, අඩු පරිශ්‍රමයක්. මේ වගේ ඇප් නිර්මාණය කිරීමට සුවිශේෂී තාක්ශනික දැනුමක් තිබෙන්නට ඔනෑ යැයි ඔබ සමහර විට හිතනවා ඇති. නමුත් එය එසේ නොවේ. මෙහි මූලික ඉගෙනීමේ කාර්‍යය කරන ම්ෘදුකාංග පවතින්නේ open-source software framework විදියට. ඒ කියන්නේ ඔනෑම කෙනෙකුට එය භාගත කරගෙන තමන්ට අවශ්‍ය කාර්‍ය්‍යන් සඳහා වෙනස් කොට භාවිතා කරන්න පුලුවන් සාමාන්‍ය තාක්ශනික දැණුමක් සහිතව.

මා මුලින් සඳහන් කල DeepNude ඇප් එක නිර්මාන්‍ය වෙන්නෙත් එලෙසින්. 2017 වසරේදී කැලිෆෝර්නියානු විශ්විද්‍යාලය විසින් pix2pix නමැති ඇල්ගොරිතමයක් නිර්මානය කලා - එයින් කලේ ඉතා විශාල රූප ප්‍රමානයක් යොදාගෙන වෙනත් රූපයක් නිර්මානය කිරීම එනම් an implementation of a generic image-to-image translation using conditional adversarial networks. මෙය බොහෝ විට චිත්‍ර ශිල්පීන්ට තම නිර්මාණ කාර්‍යය පහසු කර ගැණීමට නිම වුවක්.
නමුත් DeepNude නිර්මාපකයා කලේ එම ඇල්ගොරිත්මය යොදාගෙන සත්‍ය නිරුවත් කාන්තා රූප 10,000 ක පමන ප්‍රමානයක් එයට යොදාගෙන ඇප් එක භාවිතා කරන ඔනෑම අයෙක් සපයන නිරුවත් නොවූ කාන්තාවකගේ රූපයක, ඉතාම තාත්වික ලෙස නිරුවත මතු කරන එක.
මෙය කෙතරම් භයානක ප්‍රවනතාවක්දැයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය පැහැදිලිවම ලිංගික බලහත්කාරකමක්. දනටමත් Revenge Porn යටතේ සමහර කාන්තාවන් සියදිවි නසා ගන්නා තත්වයක් යටතේ, අන්තර්ජාලයට නිකුත්වෙන නිරුවත් ඡායාරුපයක් තමන්ගේ නොවන වග කියන්නට හෙට දිනයේ ඔවුන්ට සිදු වෙනු ඇත. සමාජ ජාලා වලට සහ Public Forums වලට තමන්ගේ ඡායාරූප එක් කිරිමේදී විශේෂයෙන්ම තරුණ ගැහැනු දරුවන් ප්‍රවේශම් විය යුත්තේ එහෙයිනි. තමන් හොඳින්ම දන්න අය පමනක් සමාජ ජාලාවලට එකතු කර ගන්නටත්, පුද්ගලික විස්තර, ඡායාරූප ආදිය එකතු කරද්දී ඒවා ඒ ායට පමනක් දර්ශනය වෙන ලෙස Privacy Settings යටතේ සීමා කිරීමටත් අප හැම වග බලා ගත යුතුයි.

අපි කුඩා කාලයේදී චිත්‍රපට වල දුටුවේ අනාගතයේදී මිනිසා නිර්මාන්‍ය කරන රොබෝවරු සමඟ පැවැත්ම වෙනුවෙන් මිනිසා සටන් කරන අනාගතයක්. නමුත් මේ වනවිට ඉතා පැහැදිලියි, නුදුරේම සටන තියෙන්නේ මිනිසා සහ යන්ත්‍ර අතර නොව, මිනිසාගේම හොඳ සහ අඳුරු මනොභාවයන් අතර වග.
මෙම ඇප් ගැන කියද්දි බොහෝ දෙනෙක් නළල රැලි කරගත්තත්, ඒ ගැන කට කොනකින් සිනා සෙන පිරිසක් සිටින වගත් ඇත්ත. නමුත් ඒ අයට අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. කිසි ලෙසකින් මෙවැනි ඇප් එකක් භාගත කර එහි නිර්මාපකයන්ට අනුබල නොදෙන්න. එස්දේ කලහොත්, අද දවසේ ඉන් නිරුවත් වන්නේ ඔබගේ මව, පෙම්වතිය හෝ බිරිඳ වෙන අතර, හෙට දවසේ මීටත් වඩා දියුනු මට්ටමකින් ඉන් නිරුවත් කරන්නේ ඔබගේම දියණියයි.


Please click on 'Follow' on the right handside bar to get updates on my future posts.


2 comments: