Sunday, November 17, 2019

BREAKING NEWS: සයිබර් විපරම podcasts අවකාශයට

ඊයේ සයිබර් සටහන 50 වෙනි විකාශය ගුවන් විදුලියේ ගියා.. ඒ සමඟම මම හිතුවා මේ දක්වා කරපු හැම එපිසෝඩ් එකක්ම පොඩ් කාස්ට් අවකාශයට එකතු කරන්න..
ලංකාවෙ පොඩ්කාස්ට් තාම එතරම් ජනප්‍රිය නොවුනත්, මේ වගේ දැනුම ප්‍රචාරය කරන්න ඉතාමත් හොඳම මාධ්‍ය තමා පොඩ් කාස්ට්.
මේක හරියට තමන්ගෙම රේඩියෝ එකක් වගේ (වීඩියොත් පුලුවන් නමුත් වීඩියෝ පැත්ත යූටියුබ් කප් ගහල ඉන්නෙ)
කාර් එකේ යද්දි, ගෙදර වැඩක් කරන ගමන් අහද්දි, ජංගම දුරකථන පාවිච්චි කරලා, ඉතාම දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවයක් එක්ක වුනත්, වැඩිය data භාවිතා නොකර අහන්න, ඉතා පහසුවෙන් ස්මාජ ජාලා එක්ක බෙදා ගන්න, මෙන්න මේ පහල තියෙන විදියට stand alone player එකක් විදියට ඔබගේ web අඩවියට හෝ blog එකට එකතු කර ගන්න පුලුවන්..

මේ වෙලාව වෙන කොට එකතු කරලා තියෙන්නෙ, මුල් එපිසෝඩ් 20 විතරයි.. පුලුවන් ඉක්මනටම ඉතිරි ටිකත් එකතු කරනවා.. (ඒවත් එකතු කරා)

අහලා බලන්න.. යෝජනා, විවේචන තියේ නම් කියන්න..

ඔබට පේනවා ඇති, මේ බ්ලොග් එක එක තැන වගේ තිබුනට මම රේඩියෝ එකේ මේ වැඩේ දිගටම කරගෙන ගියා කියලා.. නමුත් ඒ අත හැරුනු හැම එපිසෝඩ් එකම මම මේ බ්ලොග් එකටත් එකතු කරනවා මොකද සමහරු ආස අහන්න, සමහරු ආස කියවන්න, සමහරු ආස යූ ටියුබ් හරහා අහන්න, සමහරු ආස පොඩ්කාස්ට් විදියට අහන්න..
මගේ අභියෝගෙ තමා ඔය හැම වේදිකාවටම මේ දේවල් දීල, මේ දන්න දෙයින් කරන්න පුලුවන් සේවයක් කරන්න.. ඉතින් ඒකට මට හයියට ඉන්නෙ මේක කියවන ඔබ..

එකතු වෙලා යමක් කරමු...
සුබ අනාගතයක්!