Thursday, March 19, 2020

Episode 54: Coronavirus සහ Working From Home



(Broadcast on 3ZZZ Melbourne Community Radio on 15th March.  Stats mentioned were accurate at the time of recording the episode)

කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්.  ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා.
පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා. 
Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා.
නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක්  ගෙන එන අයුරු ගැන..
අද මම කතා කරන්නෙ Working From Home කියන ප්‍රවනතාවයේ නැගුම ගැන..
Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්‍යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ.

නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්.. 
අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing  අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා.
උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා. 
මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා. 
විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍ය‍යන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි.
මා දන්නා එක් පාසලක,  බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්‍රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි.

සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ. 
එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න.

ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්. 
නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්.  මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත.
ඒ අවකාශයම අඳුරු බලවේග නි‍ර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු.

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.

iTunes 
Google Podcasts



Episode 53: ඔලු ගෙඩි පලන ටික් ටොක් පිස්සුව


"මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ..
තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ    තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්.

අද මම කතා කරන්නෙ, මේ දිනවල ටික්ටොක් කියන සමාජ ජාලාවකාශ‍යේ, තරුන දරුවන් අතර පැතිර යන එවැනි භයානක සෙල්ලමක් ගැන 
මේකට කියන්නෙ TikTok Skull Breaker Challenge කියලා. 
මෙහිදී සිදු වන්නේ මේ ගැන නොදන්නා මිතුරෙක්ට උඩ පනින්නට උපදෙස් දී, දෙපසින් සිටින මිතුරන් දෙදෙනෙක් උඩ පනින පුද්ගලයාගේ දෙපාවලට එක විට පහර දී බිම හෙලීමයි. බිමට වැටෙන පුද්ගලයාගේ කොන්ද සහ හිසේ පසුපස මේ හේතුවෙන් තදින් පොලොවේ වැදීමක් සිදු වෙනවා. මෙය වීඩියෝ ගත කරන හතර වෙනියා එය සමාජ ජාලා අවකශයට එකතු කරනවා. 
ලොව වටා මෙය රැල්ලක් ලෙස පැතිරීම හේතුවෙන්, මේ prank විනෝදයේ ගොදුරු වූ තරුණ ලමයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තියෙනවා. 
පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේදි මීට සම්බන්ධ පලමු මරණය වාර්තා වුනා..ඒ දහසය හැවිරිදි ගැහැනු ළමයෙක්. 
අන්තර්ජාලයේ මේ දිනවල වේගයෙන් පැතිර යන එක් වීඩි‍යෝවකට අනුව, වෙනිසියුලාවේ පාසලක තරුණ දරුවෙක් හිස කෙලින්ම කොන්ක්‍රීට් පොලොවෙ වදින ලෙස මින් අනතුරට පත් වෙනවා. පසුව වාර්තා වුනේ මේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවත්, එම පාසල මේ ගැන විශේෂ පරීක්ශනයක් පවත්වන බවත්ය. 

මේ බිහිසුනු ක්‍රීඩාව ගැන ලොව වටා වෛද්‍යවරුන් දැඩි අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව හිස් කබල බරපතල ලෙස් තුවාල වීම නිසා ජීවිත කාලයටම බලපාන දුබලතා, අංශභාගය හෝ මරණයට පවා මින් ගොදුරු විය හැකියි. එසේම වේගයෙන් බිම වැටෙන කෙනෙක් අවසන් මොහොතේ ඉන් ගැලවීමට දෑත් යොදා ගැනීමට උත්සාහ දැරීමෙන් අස්ථි බිඳී යාම්ද විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

දරුවන් ස්වභාවයෙන්ම අවදානම සහගත වැඩ කරනවා,   ත්‍රාසය, උද්වේගය පාලනය කිරීමට අවශ්‍ය මොලයේ ක්‍රියාකාරිත්වය (impulse management) මූලික තරුණ වයසේ දරුවන්ගේ සම්පූර්ණැයෙන්ම ව‍ර්ධනය නොවීම මීට හේතුවයි. ඒ හේතුවෙන් අන් අයගේ අවධානයට පාත්‍ර වෙන සුලු, ත්‍රාසජනක (thrill-seeking) ක්‍රියාවන් වෙත ඔවුන් නිතැතින්ම ආකර්ශනය වෙනු අපිට දක්නට ලැබෙනවා. සමාජ ජාලා හරහා වැඩියෙන් ෆල්ලොවර්ස්ලා, ලයික්ස් ආදියෙන් දෙන උත්තේජනයට ඔවුන් ලොබ බඳින්නේ එනිසයි.

දෙමාපියන් සහ වැඩිහිටියන් විදියට ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම, කරුණාවෙන් එහි අවධානම පැහැදිලි කිරීම අනිවාර්‍යෙන්ම විය යුත්තක්. ටික් ටොක් වැනි සමාජ ජාලා හරහා මීට කලිනුත් මේ වගේ භයානක් ප්‍රවනතා වාර්තා වුනා.. බොහෝ විට වයස අවුරුදු 13ට අඩු දරුවන් විශාල ප්‍රමානයක්, දෙමාපියන්ගෙ අනුදැණුමකින් තොරව ටික් ටොක් වෙත තමන්ගේ නිදන කාමරයේදි හෝ , පාසලේ මිතුරන් සමග ගන්නා වීඩියෝ ආදිය එකතු කරනවා. කාමාතුරයන් සැරිසරන අන්තර්ජාලය තුල මෙහි අවධානම ගැන ඔබට අමුතුවෙන් කියන්නෙ ඕනෙ නැහැ නෙ..

පෙබරවාරි 11 වෙනිදා Safer Internet Day ලොව පුර සැමරුවා.. එහිදී බොහෝ විට කතා වුනේ Cyber Security පැත්ත ගැන.
නමුත් මෙතරම ප්‍රයෝජනවත් සයිබර් අවකාශයම, අපේ දරුවන්ගේ ජීවිත පවා බිලි ගත හැකි  Skull Breaker Challenge වැනි පිලිල සහිත අවදානම් කලාපයක් වෙද්දි, Security පැත්ත අභිබවා Safety ගැන දැඩි අවධනයක් යොමු කරන්න අපට වෙලා තියෙනවා. 
මෙතනදි ඇත්තටම තාක්ශණයෙන් කල හැකි දේ හරිම අල්පයි.. 
ඔබ අප දැනුවත් වීමත්, දරුවන්ට ආදර‍යෙන් ම  මේ කාරනාවලට මැදිහත් වීමත් හරහා අපට පුලුවන් වෙනසක් කරන්න. 
හෙට දවසේ ලෝකය හිමි දරුවන්ගේ ඔලු ගෙඩි  මහ පොලොවේ වදින්නට නොදී රැක ගැනීම අද දවසේ ඔබත්, මාත් වෙත පැවෘනු වගකීමක් බව අප මතක තබා ගත යුතු වෙනවා.