Tuesday, May 26, 2020

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් හරහා අපේ ප්‍රජා වගකීම මතක් කරන්නට වරම් ලැබුනා..



Braodcast on SBS Sinhala service on 26th May 2020.



SBS සිංහල සේවයෙන් ඇමතුමක් ලැබුනා අපගේ සාමාජීය වගකීම ගැන කෙටියෙන් අදහසක් ප්‍රකාශ කරන්න කියලා..
මේ එම වැඩසටහන..

මම pitch කරේ " With great freedom comes great responsibility" කියන කාරනය මොකද මේ කරපු ඔක්කොම කැපවීම වතුරේ නීති ලිහිල් කරද්දි ආපහු හැල්මෙ දුවන්න පටන් ගත්තොත්..


"ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්අපත් සමග කතා බහට එක් වුයේ ඇඩිලේඩ් හි වෛද්‍ය සරත් සේනාදීර , ක්වීන්ස්ලන්තයේ මහාචාර්ය ජේ වීරවර්ධන , NT හි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමේ සභාපතිනි ඉනෝකා පින්තූ , මෙල්බන් නුවරින් චම්පික යටගම , සිඩ්නි නුවරින් කැලුම් ඉනාමලුව"

වැඩසටහන් සම්පාදනය: චරිතා අධිකාරි

Friday, May 22, 2020

Episode 59: තණමල්විල කොල්ලෙක් සහ Virtual Autism

<<Broadcasted on 3ZZZ Radio on 17th May 2020>>

මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. '
ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්‍යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ ,  වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්‍යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස චිත්‍රනය කරනවා.
කතා නායකයා, කොලඹ සිට යුරෝපයට සංක්‍රමනය වෙන්නේ ඉතා සාර්ථක කලා කරුවෙක් විදියට- ඔහුට එතනට එන්නට ඔහු මහ පොලොවේ කල සටනත්, තමාගේ ආදරණිය පවුල විසින් ඔහු වෙනුවෙන් කල කැපවීම සහ ආදරය පදනම සැපයූ අයුරුත් එහි  අපි දකිනවා.

අද සයිබර් සටහනට මම කතා කරන්න යන්නෙ මේ ටෙලි නාට්‍යය ගැන නම් නොවේ.. අද දවසෙ මම කතා කරන්න යන ප්‍රස්තුතයට මේ කතාව හරහා ප්‍රවේශයක් ගත්තා පමණයි. 

මම  අද කතා කරන්නෙ ඔබ බොහෝ දෙනෙක් අසාවත් නැති, ලෙඩක් ගැන - ඒකට කියන්නෙ Virtual Autism කියලා. 

ඔබ Autism හෙවත් Autistic Spectrum Syndrome (ASD) ගැන සහ එහි රෝගී ලක්ශණ ගැන හොඳටම දන්නවා.. එනිසා ඔබ කල්පනා කරනවා ඇති මොකක්ද මේ අලුත් Virtual Autism ලෙඩේ කියලා.
Virtual Autism” May Explain Explosive Rise in ASD DiagnosesThe testimony of two families that have escaped Virtual Autism


සරලව කිවහොත් වයස අවුරුදු 4ට අඩු දරුවන්, ඉතා වැඩි වේලාවක් ඉලෙක්ට්‍රොනික තිර වෙතට යොමු  වී සිටීම නිසා ඔවුන්ගේ මොළයේ වර්ධනයත්, සමාජීය හැකියාවන් වර්ධනය නොවීමත් නිසා නිසා ඒ දරුවන් Autism වලට සමාන රෝග ලක්ශණ පෙන්වන්නට ගැනීම තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ ගැන මේ මොහොත වෙනකොට වසර ගණනාවක් පුරා රටවල් කිහිපයක සිදු කරන ලද අධ්‍යයනයන් වල වාර්තා ලැබෙනවා. ඒ හැම දේකින්ම අපේ අනාගත දරු පරපුර ඉදි‍රියේැථි භයානක ව්‍යසනය ගැන අනතුරු හඟවනවා.

කොහොමද තිර නිසා බිළින්දන් මේ තත්වයට ගොදුරු වෙන්නෙ?
තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ඒ තරුණ කැල ජීවිතය ඉගෙන ගන්නෙ වැටී වැටී, වැරදි වැරදි.. ඒ තුලින් ඔවුන් ජීවිතය පරිචය ලබා ගන්නවා. අපි හැමෝම එහෙමයි.. හැමදාම.

නමුත් බිලිඳෙකුගේ මුල අවුරුදු කිහිපය මේ ක්‍රියාවලියේ අතිශය වැදගත්ම අවධිය.. 
How To Entertain Your Kids Without Screens - everymum
දේවල් අතට අරගෙන, ඒ දේවල් නිරීක්ශනය කරන එක, ඒවා එක මත එක තබද්දි ඒවා කැඩෙන හැටි, වැටෙන හැටි  දකිද්දි, පැන්සලක් අතේ රුවා ගෙන යමක් අඳින විටදී  ඔවුන්ගේ චාලක හැකියාවන් (motor skills) මොළයේ වර්ධනය වෙනවා..
තවත් අය එක්ක ඇසට ඇස බැලීම, දුක සතුට තරහා ආදී සංවේදනයන් ප්‍රකාශ කිරීම හරහා ඔවුන් සාමාජීය සත්ත්වයෙක් වෙන්න ඉගෙන ගන්නවා.. 
ඔවුන් වැඩුනු දරුවන් වෙන්න, පසුව අංග සම්පූර්ණ මිනිසුන් වෙන්න මේ වේදනාකාරී, වැරදි වැරදි ඉගෙනා ගන්නා ක්‍රමවේදයන් මූලික අඩි තාලම දමනවා..
ස්ක්‍රීන් වෙත දවසේම මුහුන හොවාගෙන වැඩෙන දරුවන්ට මේ අත්‍යාවශ්‍ය පදනම වැඩෙන්න අවස්ථාවක් ලබන්නෙ නැහැ.
Virtual Autism ගැන අද ඊයෙ කතා කරත්, අතීත දත්ත බලද්දි, ළමා වෛද්‍ය විශේෂඥඥයින් පවසනෙ පසු ගිය දශක ගනනාවක් පුරා ASD ආශ්‍රිත දරුවන් ප්‍රමාණයේ ඝාතීය වර්ධනයට මෙම ඉලෙක්ට්‍රොනික තිර සම්බන්ධ වෙන හැටි දැන් ඉතා පැහැදිලි කියලා.
1975 දි ඇමරිකාවට පලවෙනි VCR එනම් වීඩියෝ තිර එද්දි,  ASD රෝග අනුපාතය දරුවන් 5000 ට එකයි.  2016 වෙද්දි ලමයි 68ට එක ලමයෙක් දක්වා ඒ අගය අඩු වෙලා.  2018 වෙද්දි එය ලමයි 40 දෙනෙක්ගෙන් එක්කෙනෙක් දක්වා අඩු වෙලා. කොරෝනා වසංගතය නිසා ඇති කල තත්වය තුල මෙය අනිවාරයෙන්ම ඉතා භායනක අගයක් දක්වා අඩු වී ඇතැයි අපට සැක කරන්න පුලුවන්.
මේ සම්බන්ධව පසුගිය් වසර 5 තුල පර්‍යේශන කල ප්‍රංශයේ වෛදය වෘත්තිකයන් දෙදෙනෙක්, වර්චුවල් ඕටිසම් සම්බන්ධව සුවිශේෂ දැණුවත් කිරීමක් මේ කාලෙ වෙන කොට කරන ගෙන යනවා.  ඔවුන්ගේ නිරීක්ශණ යුටියුබ් හරහා ඔවුන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ ගැන ලොව වටා දෙමාපියන් දැනුවත් කිරීමටයි. 

දෙමාපියන්ට මේ ගැන කුමක්ද කල හැක්කේ?
මේ සම්බන්ධ පර්‍යේශනවලදී සොයා ගත් දේ තමා මෙම තිර ඉවත් කර සති කිහිපයක් ඇතුලත ඔවුන්ගේ රෝගී තත්වයේ පැහැදිලි අඩුවක් තියෙන වග.  දරුවන් ඒ සම්බන්ධව මුලදී ඉතා කලබල වෙනු ඇත, විටෙක ප්‍රචන්ඩ වෙනු ඇත. නමුත් ඔවුන්ගේම හොඳට ඔවුන්ගෙන්, විශේෂයෙන්ම බිලිඳන්ගෙන් මෙම තිර ඈත කර තබන්නම වෙනවා. 
අපි දන්නවා බොහෝ දෙමාපියන් තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න මෙම තිර දරුවන් අතට දෙනවා බොහෝ විට එය නැවත ලැබෙන්නේ උපාංගයේ බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගියාටත් පසුවයි.  උදේ වරුවම එකක් පස්සෙ එකක් කාටුන් බලන්නට සමහර නිවෙස්වල රූපවාහිනිය ක්‍රියාත්මකයි. දැන් ඒ රූපවාහිනි තිරත් බිත්තියම ප්‍රමානෙටම විශාලයි.
ඔබට වැටහෙනවා ඇති බිලිඳන් මේ උවදුරට යොමු කරන්නෙම වැඝිටියන් වෙන අපි.
දරුවන් එක්ක චිත්‍ර අඳින්න, Play Doh හෝ වැලි වගේ දේවලින් නිර්මාන කරන්න, HAnd Paint කරන්න, පොත් කියවන්න හෝ දරුවා එක්ක එලිමහනේ ඇවිදිමින්  අවට ලෝකය පෙන්වන්න අපිට පුලුවන්. අප ඒ ලේසි වැඩ ටික කරොත් ස්වාභාව ධර්මය දරුවා බලා ගනීවි.


තණමල්විල කොල්ලෙක් ටෙලි නාටකයේ තේමාව තමා 'යෞවනයේ අප්‍රකාශිත පරිච්චේදය'. අපි අද දවසේ මේ ගැන ක්‍රියාත්මක නොවුනහොත්, අප මේ ගෙවන්නේ අපේ දරුවන්ගේ අඳුරු අනාගතයක අප්‍රකාශිත වත්මන් පරිච්චේදයයි..



sources
https://durablehuman.com/virtual-autism-new-threat-toddlers-too-much-screen-time/
 https://www.sciencedirect.com/science/article/abs/pii/S2211949319300109?via%3Dihub

Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!



<<Broadcast on 3ZZZ Radio on 10th May>>

Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූප‍යක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතන‍යේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.
මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින්  Microsoft Teams කියන  Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන. 
Your Whole Company's Microsoft Teams Data Could've Been Stolen ...
මීට මාස 4ට විතර කලින්  Zoom, Webex වගේ Video Conferencing Platform අහලවත් තිබ්බෙ නැති අය, දැන් රැකියාව, අධ්‍යාපනික කටයුතු වලට ඒවා භාවිතා කරන්නෙ දෛනික චර්‍යාවේ අත්‍යවශ්‍ය අංගයක් විදියට..  Microsoft Teams කියන්නේ මේ තාක්ශණයෙ ඉදිරියෙන්ම ඉන්න දැවැන්තයෙක්..
 Teams බොහෝ විට භාවිතා වෙන්නෙ විශාල සේවා ආයතනවල හෝ  අද්‍යාපනික ආයතනවල සමස්ත ජාලයේම අයව වීඩියෝ හරහා සම්බන්ධ කර ගත හැකි  Enterprise Solution වෙන ලෙසින්..

Cyber Ark ආයතනයේ පර්‍යේශයකයන් මේ ලඟකදි හොයා ගත්තා මේ පද්දතියෙ ලොකු සිදුරක්.. ඒ කියන්නෙ vulnerability එකක්.. ඒ තමයි බොහොම අහිංසක ලෙස පේන animated රූපයක් හරහා හැකර් කෙනෙකුට අදාල පරිගණක ජාලයට ඇතුලු වෙන්න හැකි බව. 

මෙතනදි තාක්ශණික පැත්ත ඉතා සරලව කිව්වොත් වෙන්නෙ මේ වගේ දෙයක්.
ඕනෑම පද්ධතියක අදාල කෙනාව අඳුර ගන්න ක්‍රමවේද තියෙනවා. මෙහිදී භාවිතා වෙන ක්‍රම වේදය තමා authentication token..  මගේ authentication token එක කියන්නෙ මගේ යතුර කියලා ගත්තොත් හැකර් කෙනෙකුට අවශ්‍ය වෙන්නෙ මේ යතුර මගෙන් හො‍රකම් කරන්න. මේක හොරකම් කරන්න පුලුවන් සාම්ප්‍රදයික ක්‍රමය තමා ඊමේල් එක. නමුත් ඒ සමබන්ධ දැණුවත් බාවයත්,  තාක්ශනිකව ඒ වගේ සැක කට‍යුතු ඉමේල් බ්ලොක් වෙන නිසාත් මේ පර්‍යේශයකයන් අලුත් දෙයක් අත් හදා බැලුවා.
ඒ අය කරේ ඩොනල්ඩ් ඩක්ගෙ රූප‍යක් GIF එවා, එය විවෘත කරද්දි ඔබ නොදැණුවත්වම ඔබගේ පද්ධතිය ඔවුන් ඒ වෙනකොටත් hijack කරලා තියෙන Microsoft Team subdomain එකකට ඔබව සමබන්ධ කරලා ඔබේ token එක සොරකම් කරන එක. 
Lavi Lazarovitz on Twitter: "An evil gif 😈 within @MicrosoftTeams ...
ඉතාම සරලව කියනවා නම් රූපය බලද්දි ඔබට හොරා ඔබේ යතුර හොරකම් කරනවා වගේ වැඩක් මේක. 

මේක ආරම්භය පමනයි. මොකද මෙලෙසින් token එක හොරකම් කරාට පස්සෙ, මේ රූපය ස්ව්‍යංක්‍රීයව ඔබේ ජාලයේ පැතිරෙමින් අනෙක් ගිනුම්වල විස්තර එකතු කිරීමත් එය විසින් කරනවා. මෙලෙස ස්ව්‍යංක්‍රීයව පැතිරිමට අපි කියන්නෙ worm behaviour කියලා.. එය අතිශයින් විනාශකාරී මොකද කොරෝනා වසංගතය පැති‍රෙනවා වගේම, මෙහිදිත් මෙයට ගොදුරු වූ ගිනුම්  ආයතනයේ අනෙක් Teams ගිනුම් සවයංක්‍රීයව සොයා යමින්, ඒවා ගොදුරු කර ගැනීම නිසා ඉතා කෙටි කාලයක් ඇතුලත, සමස්ත ආයතනයේම Teams ගිනුම්වලට අදාල විස්තර, ඒවායේ passwords, පුද්ගලික විස්තර, ආයතනයේ රහසිගත විස්තර ආක්‍රමනිකයා අතට යනවා. 
ඒ විතරක් නෙවෙයි, ටෝකන්  සියල්ලම වගේ සොරකම් කල කෙනාට පුලුවන් ආයතනයටම බොරු පනිවිඩ යවන්න ඒ ඕනෑම ගිනුමකින් එන විදියට, මෙහි භයානක කම ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.
Your Whole Company's Microsoft Teams Data Could've Been Stolen ...

නමුත් වෙලාවට මේ අඩු පාඩුව හැකර්ස්ලාට කලින් පර්‍යේශකයන් සොයා ගත් නිසා ඒ අය ඒ සමබන්ධ සියලු විස්තර Microsoft ආයතනයට ලබා දුන්නා (Responsible Disclosure). 
වහාම ක්‍රියාත්මක වූ Microsodt ආයතනය, මාර්තු 23 දා මෙලෙසින් ඔවුන්ගේ subdomain hijack කිරීමේ හැකියාව ඉවත් කර මේ අනතුර නිශ්ක්‍රීය කලා. එලෙසින්ම අප්‍රේල් 20 මේ වෙනුවෙන් ස්ථිර patch එකක් නිකුත් කර ඒ සිදුර වසා දැම්මා.

ඒ නිසා ඒ කරදරෙත් ඉවරයි කියා සිතුවොත් ඔබ ඉක්මන් වැඩි‍යි. මින් අපිට ඉගෙන ගන්න දේවල් කිහිපයක් තියෙනවා අනාගතයේ එන මෙවැනි සයිබර් උවදුරුවල නොවැටී ඉන්න.
කිසි විටෙක ඔබ නොදන්නා කෙනෙක් එවන link එකක්, වීඩියෝ එකක් පමනක් නොවේ රූපයක් වත් විවෘත නොකරන්න. මෙය Email, message පමනක් නොව දැන් වැඩි වැඩියෙන් chat හරහා එන බවත් මතක තබා ගන්න. ඒවා සැනින් මකා දමන්න.
අනෙක මේ තාක්ශන භාවිතා කරන්නෙ නම්, ඒවායේ updates නිකුත් වූ විගස install කර ගන්න, මෙලෙසින් හඳුනා ගත් සිදුරු වසා දමනා ක්‍රියාවලය එය නිසාවෙන්, එය අතිශය වැදගත් කාරනාවක්.

මේ කාරනා නිසා අනවශ්‍ය ලෙස කලබල වී මෙම තාක්ශනයන් භාවිතයෙන් ඈත් වීම නොවේ සිදු විය යුත්තේ..
අනවශ්‍ය කලබලයත්, නොසැලකිල්ල වගේම හානිකරයි. 
අවශ්‍ය වන්නේ අවදානමක් ඇති වග තේරුම් ගෙන, ඒ ගැන නිරන්තර දැනුවත්බවෙන් හා විමසිල්ලෙන් සිටීමයි.

Source: Forbes

Saturday, May 9, 2020

Episode 57: COVIDSafe Australia App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!

Coronavirus: Employers want power over COVIDSafe app

අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත ‍යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ.

මෙම ඇප් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්‍ය නැහැ නමුත් රජය පසු ගිය සතිය පුරාවට මේ වෙනුවෙන් ජනතාව උනන්දු කිරීමට විශේෂ වෙහෙසක් ගත්තා. එවැනි ඇප් එකක් හරහා ඉතා සක්‍රිය ලෙස ප්‍රජා ව්‍යාප්ති‍ය (community transmission)  හඳුනා ගත හැකි වීමෙන්, අදාල අංශවලට රෝගයට ගොදුරු වූ සහ ගොදුරු වූ අය සමීපයට පැමිනි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා.

ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?
ඔබ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන සිටිනවා නම් එය ඔබ අවට මීටර් 1.5 ක් සමීපයට පැමිණ විනාඩි 15ට වඩා වැඩි වෙලාවක් සිටින අයගෙන් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අය ගැන යම් සටහනක් එන්ක්‍රිප්ට් වීමක් සහිතව ගබඩා වෙනවා. මෙලෙස ගබඩා වෙන්නෙ පුද්ගලික විස්තර නොවේ, එම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත් කෙනාට අදාල ඇප් එක විතරක් දන්නා encrypted ID එකක් පමණයි. මෙලෙසම ඔබ ගැනද ඔබ සමීපයේ සිටි ඇප් එක සහිත අනෙක් පුද්ගලයාගෙ දුරකථන‍යේ සටහන් වෙනවා.

දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද?
නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට  ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා.

මේකෙන් කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නෙ?
අපි හිතමු මේ ඇප් එක භාවිතා කරන මට යම් මොහොතක රෝගය වැලඳුනා කියලා. එවිට සෞඛ්‍ය නිලධරීන් මගෙන් අවසර ඉල්ලනවා මගේ ෆෝන් එකේ දත්ත ඔවුන්ගේ මධ්‍යම දත්ත ගබඩාවට ගන්න පුලුවන්ද කියලා. මම අනුමැතිය දුන්නොත්, ඒ දත්ත මධ්‍යම ගබ්ඩාවට යනවා, එහිදී පද්ධතිය විසින් මා අවට පසුගිය දින 21ක කාලය මා නිසා අවධානමට ලක් වූ ඇප් එක භාවිතා කරන අයට ඒ ගැන දැණුවත් කරනවා වහාම පරීක්ශාවකට ලක් වෙන ලෙස.  ඒ සමඟම ඔවුන්ගෙන් අවසර ඉල්ලනවා ඔවුන්ගේ දත්තත් මධ්‍යම ගබ්ඩාවට ගෙන දින 21ක කාලය තුල ඔවුන්ගේ සමීපයේ සිටි අය හඳුනා ගෙන ඒ අයටත් පරීක්ශාවට ලක් වෙන්න දැණුවත් වීම් කරන්න.
මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව. 
මෙය ලේසි පාසු කටයුත්තක් නොවන බව දැන ගෙන සිටි රජය මේ ගැන විශේෂ ප්‍රචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිපලයක් ලෙස මුල් පැය 24 ඇතුලත වාර්තාගත ලෙස මිලියන 2 ඉක්මවූ ප්‍රමානයක් ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.

මේ ඇප් එක මෙච්චර හොඳ නම්, ඇයි හැමෝම ඉන්ස්ටෝල් කර ගන්නෙ නැත්තෙ කියල හෝ ඇයි රජයට මේක අනිවාර්‍ය කරන්න බැරි කියලා ඔබට සමහරවිට හිතෙන්න පුලුවන්.

බටහිර රටවල civil liberty කියන කතිකාව තුල රජයක් විසින් මහජනතාවගෙ කටයුතු ගැන උකුසු ඇස් ගසා ගෙන සිටීම ගැන එනම් state surveillance ගැන තියෙන්නෙ දැඩි විවේචනයක්.
ඇම‍රිකාවේ NSA රහස් ඔත්තු සේවය ‍කාලයක් තිස්සේ ජනතාවගේ දුරකථන ඇම්තුම් සම්බන්ධ විස්තර, අන්තර්ජාල භාවිතය සම්බන්ධ  තොරතුරු රහසේ එකතු කිරීම් සම්බන්ධව 2014 වසරේදී  Edward Snowden නම් NSA ආයතනයේම සේවය කල පුද්ගලයා  මතභේදාත්මක හෙලිද‍රව්වක් කලා. මේ හරහා  රාජ්‍යයක් විසින් ජනතාවගේ පුද්ගලිකත්වයට කරන ලද බලපෑමේ අදුරු පැථි කඩක් එදා හෙලි දරව් වුනා.
Snowden claims NSA hacking computers in Asia - CBS News

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණා මැඳිරි එලියටත් බයයි කිව්වා වගේ, ‍රජයක් විසින් රෝගය මර්ධනය වෙනුවෙන් පවා ගෙනෙන  පුද්ගලික විස්තර එකතු කරන ඇප් එකක් දිහා, පුද්ගලිකත්ව අයිතීන් වෙනුවෙන් සංවේදී බටහිර ජනතාව කුකුසකින් යුතුව බැලීමේ සාධාරණ‍යක් තියෙනවා. ඒ සමඟම දුර්වල ආරක්ශක ක්‍රම වේද නිසා පද්ධතිය හැක් වීමකට ලක් වුනහොත් ඉන් වෙන හානිය ගැනත් ඔවුන් විමසිලිමත් වෙනවා.
නමුත් මේ ඇප් එක හරහා අත‍යවශ්‍ය තොරතුරු පමණක් එකතු වෙන ලෙසින් එය සැලසුම් කරන ලද බව රජය පෙන්වා දුන්නා. එලෙසම එහි ආරක්ශණ ක්‍රම වේද සම්බන්ධව ඉතා ඉහල ප්‍රමිතියකින් පරීක්ශන කරන Australian Signals Directorate හි අනුමැතියද එයට ලැබී තිබෙනවා. ඇප් එක තාක්ශණිකව ක්‍රියාත්මක වන්නේ Bluetooth හරහා වෙන Digital Handshake ලෙසින් නිසා අතිශය සංවේදී පුද්ගලික කාරනාවක් වෙන අප යන එන ස්ථානය (Location)  මේ හරහා ගබඩා කිරීමක් වෙන්නෙ නෑ. අනික මේ දත්ත මධ්‍යම ගබඩාවට යන්නෙ භාවිතා කරන්නගේ අනුමැතිය (consent) ඇතිව පමනයි. එලෙස යන දත්තවල පවා අඩංගු වන්නේ  දුරකථනන අංකය, නම හෝ අන්වර්ථ නාමය, වයස් කාන්ඩය සහ suburb එකත් අප සමීපයට ආ අයගෙ ඇප් එකට පමනක් අදාල  'encrypted reference code' ත්   පමනයි.

මේ සම්බන්ධව විස්තර කිසිම ලෙසක මධ්‍යම රජයට හෝ ඇමරිකාව වැනි ලෝක බලවතෙකුට   කිසිම දිනෙක ලබා ගත නොහැකි ලෙසට දැනට නීති පවා සම්පාදනය වෙමින් පවතිනවා. ඔවුන් අවධරණයෙන් කියා සිටින්නේ මෙම දත්ත බලන්නට අවසර ඇත්තේ අදාල ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සෞඛ්‍ය අංශවලට පමනක් බවයි. එයත් contact tracing purposes වෙනුවෙන් පමණයි.
 ඒ සමඟම මේ ඇප් එකේ  අන්තර්ගතය ඕනෑම කෙනෙකුට බැලිය හැකි ලෙස එහි සම්පුර්ණ කේතය හෙවත් source code එක පවා නුදුරේම තාක්ශනික ක්ශේස්ත්‍රයේ අය වෙනුවෙන් පාර්ද්ෘශ්‍යභාවයේ අංගයක් ලෙසින් ඔවුන් එලි දක්වන බවට පොරොන්දු වී තිබෙනවා. 
දැනටත් තාක්ශනික සේවයේ මේ සම්බන්ධව ඉතාමත් සක්‍රිය සවාද විශ්ලේශන සිදු වෙනවා. 


මේ ගැන Cyber Safety විශ්ලේශකයන් සමඟ මා ව්ෘත්තීය මට්ටමෙන් කල සාකච්ඡාවලදී ඔවුන් වැඩි දෙනා සිටියේත් මා සිටින මතයේම තමයි. එනම්, ඇප් එකේ Security සහ Privacy යන කාරන සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමක සැලකිලිමත් වීමක් (due diligence) නිර්මාපකයන් පෙන්නුම් කර තිබෙන බවත්, මේ ඇප් එක විසින් ඉදිරියේදී කරන සේවයට සාපේක්ශව මේ පුද්ගලිකත්ව කාරනා නොගිනිය හැකි තරමින් අල්පතර බවත්. (Health benefits outweigh the privacy related concerns).
අනෙක අප විහිලුවට කතා වුනෙත්, මේ ඇප් එකෙන් එකතු කර ගන්නවට වඩා විස්තර ගූගල් සහ ෆේස්බුක් හරහා අපේ කැමැත්තෙන්ම, නිරන්තරයෙන් කොහොමත් ගබඩා කරන්න අපි ඉඩ දිල තියෙනවා නේද කියලා.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදියට Covidsafe App ඇප් එක install කිරීම් හෝ නොකිරීම ඔබේ අයිතියක්. වැදගත් වන්නේ ඔබ මොන තීරනය ගත්තත්, හොඳින් කරුනු සොයා බලා ඔබටත්, සමස්ත මානව ප්‍රජාවටත් වඩා යෝග්‍ය ආස්ථානයක සිට ඒ තීන්දුව ගැනීමයි.

sources:
https://www.health.gov.au/resources/apps-and-tools/covidsafe-app
https://www.gizmodo.com.au/2020/04/how-australias-covidsafe-app-actually-works/