කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.
රැකියාව කරන්න, පාසල් අද්යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්.
කොරෝනා සම්බන්ධව ම අපි උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදිරියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා..
දවස පුරා ස්මාට් දුරකථනයක් හෝ පරිගණක, රූපවාහිනී තිර වෙත නෙත් යොමාගෙන සිටීම නිසා ඇස් නිරන්තරයෙන් ද්ෘශ්ය ආතතියකට (Digital eye strain) ලක් වෙනවා.. මේකට හේතුව අඩු දුරක් වෙත ඇසේ කාචිය නාභිගත කරන්නට පැය ගානක් තිස්සේ ගන්නා වෙහෙස නිසා අක්ශි පේශි විඩාවට පත් වීම. මෙයින් ඇසේ දැවිල්ල, වියලි බව, තෙහෙට්ටුව සහ ඇස් බොඳ වීම ඇති වෙන බව වෛද්‍යවරුන් පවසනවා.
මේ බොහෝ තිරවලින් නිකුත් වෙන නිල් ආලෝකය හඳුන්වන්නේ High Energy Visible Light Wavelength - එය කාලාන්තරයක් තිස්සේ ඇසට වැටුනොත්, විශේෂයෙන්ම අඳුරේ මේ තිර දෙස නිතර බලන්නේ නම්, ඒ නිසා ද්ෘශ්ටි විතානයට ස්ථිර හානි හා අන්ධභාවය පවා ඇති කල හැකි බව පරීක්ශන වලින් සොයා ගෙන තිබෙනවා.
නිදිමත ඇති කරන මෙලටොනින් හෝමෝනයට නිල් ආලෝකය නිසා කරන බලපෑම නිසා නිදිමත නැති වී, අනේක විධ සෞඛ්‍ය ගැටලු ඇති කරනවා.
ඒ සමඟම තිර දෙස නිමග්න වෙන දෑස් වල ඇසි පිය ගසන සාමාන්‍ය වේගය අඩකින් පමන අඩු වීමෙන් ඇස් වල තෙතමනය නැති වී ඇස් ඉතා ඉක්මනින් වියලී ගොස් ඇස් රතු වීම, බොඳ වීම, දැවිල්ල ආදී රෝග ලක්ශන මතු කරනවා.
මේ සියල්ලටම වඩා භයානක වන්නේ, අවිදුර ද්රිශ්ටිකත්වය හෙවත් myopia රෝගී තත්වයෙන් පීඩා විදින මිනිස් පරම්පරාවක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පැවතීම. Short-sightedness කියන්නෙත් මේ තත්ත්වයමයි. මෙය අලුත් රෝගී තත්ත්වයක් නොවේ, නමුත් වත්මනේ මේ ද්ර්ශ්යාබාධ තත්වයේ ශීග්‍ර වර්ධන්යක් තියෙනවා.
එයට ප්‍රදාන හේතුවක් විදියට අනුමාන කරන්නේ ඇස්වලට ස්වභාවික ආලෝකයට වෙනුවට මෙලෙස තිරවලින් ලැබෙන ආලෝකය මතින් අඩු දුරක් නිතර නාභිගත කිරීමට සිදුවන නිසා, දුර නොපෙනී යාම වේගවත් වීමයි. මෙය ඇස් වලට දීර්ඝකාලීන් බලපෑමක් කලහොත්, දුර සම්පූර්ණයෙන්ම නොපෙනී ගොස් ඉතා ලඟ දේව්ල් පමණක් පෙනීම දක්වා මෙය අහිතකර වෙනවා. මෙය හඳුන්වන්නේ myopic shift නමින්.
එනිසා මෙය ඉතා භයානක නැබුරුවක් බව කියන්න අවශ්‍ය නැහැනෙ.
මින් වැලකෙන්න අපි මොනවද කල යුත්තේ?
මේ computer vision syndrome එකට සරල ප්‍රතිකර්මයක් අක්ශි වෛද්‍යවරුන් යෝජනා කරනවා, එයට කියන්නෙ 20-20-20 rule කියලා.
මින් වැලකෙන්න අපි මොනවද කල යුත්තේ?
මේ computer vision syndrome එකට සරල ප්‍රතිකර්මයක් අක්ශි වෛද්‍යවරුන් යෝජනා කරනවා, එයට කියන්නෙ 20-20-20 rule කියලා.
ඔබ විනාඩි 20ක් තිරයක් වෙත එක දිගට ඇස් යොමා ගෙන සිටියහොත්, අඩි 20ක් ඈතින් තියෙන දෙයක් දෙස බලන්නට ඇස් අඩුම ගානෙ තත්පර 20 යොමු කරවන්න. මින් ඒ අක්ශි පේශි ලිහිල් වීමක් කරන බව ඔවුන් පෙන්වා දෙනවා.
ඒ සමඟම එලි මහනේ, ස්වභාවික ආලෝකය විඳිමින් ඇවිද යාමෙන් මේ තිර වලින් ඇස් වලට හැකි සෑම විටම විවේකයක් දෙන්න. ඔබ තට්ටු නිවාසෙක සිටිනවා නම්, විශේෂයෙන්ම ඔබේ දරුවන් මේ අක්ශි ව්‍යායාමයට යොමු කරවීමට ඔබට පුලුවන් ඔවුන් සමඟ මේ වගේ ගේම් එකක් කරන්න, නිතර එලිමහන යෑම ප්‍රායෝගිකව අපහසු නිසා. - ඔබට දරුවාගෙන් අහන්න පුලුවන් ඈත පාරෙ නවත්වා තියෙන වාහනවල පාට කියන්නට හෝ නොම්බර තඩු කියවීමට හැකිද කියලා. ඔවුන් iPad එක නිතර ඉලා සිටිනවා නම්, එහි කොන්දේසියක් විදියට මෙවැනි ක්‍රියාකාරකමක් එක් කරන්නට පුලුවන්.
නිවසේ රූපවාහිනිය මීටර් තුනක් වත් ඈතින් තබන්න, ප්‍රායෝගිකව එය අපහසු නම්, දිග හරින ලදතේ දුරින්වත් රූපවාහිනී තිරය තිබිය යුතුයි.
මේ ඉලෙක්ට්‍රොනික තිර වලින් තොර අනාගතයක් නැහැ, ඒවා අතිශය ප්‍රයෝජනවත් සහ ජීවිතේ අත්‍යවශ්‍ය අංග වෙලා. නමුත් අපි වග බලා ගමු භාවිතය තුල බුද්ධිමත් වී නිසි සීමා පනවා ගන්නට.
කොරෝනා වලට බෙහෙතක් සොයා ගත් පසු හෝ සියලුම රෝගීන් සුව වූ පසු ඒ වසංගතය අවසන් වේවි.
හැබැයි, අපි ආරක්ශාකාරී නොවුනහොත්, ඒ වෙද්දි මුලු මහත් මිනිස් සංහතියේම ඊලඟ පරම්පරාවෙ ඇස් සුව කල නොහැකි උවදුරක හෙලා තමයි කොරෝනා කවද හරි යන්නෙ..
![]() |
iTunes |
![]() |
Google Podcasts |