අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ.
මේ ගැන Cyber Safety විශ්ලේශකයන් සමඟ මා ව්ෘත්තීය මට්ටමෙන් කල සාකච්ඡාවලදී ඔවුන් වැඩි දෙනා සිටියේත් මා සිටින මතයේම තමයි. එනම්, ඇප් එකේ Security සහ Privacy යන කාරන සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමක සැලකිලිමත් වීමක් (due diligence) නිර්මාපකයන් පෙන්නුම් කර තිබෙන බවත්, මේ ඇප් එක විසින් ඉදිරියේදී කරන සේවයට සාපේක්ශව මේ පුද්ගලිකත්ව කාරනා නොගිනිය හැකි තරමින් අල්පතර බවත්. (Health benefits outweigh the privacy related concerns).
මෙම ඇප් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්‍ය නැහැ නමුත් රජය පසු ගිය සතිය පුරාවට මේ වෙනුවෙන් ජනතාව උනන්දු කිරීමට විශේෂ වෙහෙසක් ගත්තා. එවැනි ඇප් එකක් හරහා ඉතා සක්‍රිය ලෙස ප්‍රජා ව්‍යාප්තිය (community transmission) හඳුනා ගත හැකි වීමෙන්, අදාල අංශවලට රෝගයට ගොදුරු වූ සහ ගොදුරු වූ අය සමීපයට පැමිනි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා.
ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?
ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?
ඔබ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන සිටිනවා නම් එය ඔබ අවට මීටර් 1.5 ක් සමීපයට පැමිණ විනාඩි 15ට වඩා වැඩි වෙලාවක් සිටින අයගෙන් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අය ගැන යම් සටහනක් එන්ක්‍රිප්ට් වීමක් සහිතව ගබඩා වෙනවා. මෙලෙස ගබඩා වෙන්නෙ පුද්ගලික විස්තර නොවේ, එම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත් කෙනාට අදාල ඇප් එක විතරක් දන්නා encrypted ID එකක් පමණයි. මෙලෙසම ඔබ ගැනද ඔබ සමීපයේ සිටි ඇප් එක සහිත අනෙක් පුද්ගලයාගෙ දුරකථනයේ සටහන් වෙනවා.
දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද?
නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා.

මේකෙන් කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නෙ?
අපි හිතමු මේ ඇප් එක භාවිතා කරන මට යම් මොහොතක රෝගය වැලඳුනා කියලා. එවිට සෞඛ්‍ය නිලධරීන් මගෙන් අවසර ඉල්ලනවා මගේ ෆෝන් එකේ දත්ත ඔවුන්ගේ මධ්‍යම දත්ත ගබඩාවට ගන්න පුලුවන්ද කියලා. මම අනුමැතිය දුන්නොත්, ඒ දත්ත මධ්‍යම ගබ්ඩාවට යනවා, එහිදී පද්ධතිය විසින් මා අවට පසුගිය දින 21ක කාලය මා නිසා අවධානමට ලක් වූ ඇප් එක භාවිතා කරන අයට ඒ ගැන දැණුවත් කරනවා වහාම පරීක්ශාවකට ලක් වෙන ලෙස. ඒ සමඟම ඔවුන්ගෙන් අවසර ඉල්ලනවා ඔවුන්ගේ දත්තත් මධ්‍යම ගබ්ඩාවට ගෙන දින 21ක කාලය තුල ඔවුන්ගේ සමීපයේ සිටි අය හඳුනා ගෙන ඒ අයටත් පරීක්ශාවට ලක් වෙන්න දැණුවත් වීම් කරන්න.
මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව.
මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව.
මෙය ලේසි පාසු කටයුත්තක් නොවන බව දැන ගෙන සිටි රජය මේ ගැන විශේෂ ප්‍රචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිපලයක් ලෙස මුල් පැය 24 ඇතුලත වාර්තාගත ලෙස මිලියන 2 ඉක්මවූ ප්‍රමානයක් ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.
මේ ඇප් එක මෙච්චර හොඳ නම්, ඇයි හැමෝම ඉන්ස්ටෝල් කර ගන්නෙ නැත්තෙ කියල හෝ ඇයි රජයට මේක අනිවාර්‍ය කරන්න බැරි කියලා ඔබට සමහරවිට හිතෙන්න පුලුවන්.
බටහිර රටවල civil liberty කියන කතිකාව තුල රජයක් විසින් මහජනතාවගෙ කටයුතු ගැන උකුසු ඇස් ගසා ගෙන සිටීම ගැන එනම් state surveillance ගැන තියෙන්නෙ දැඩි විවේචනයක්.
ඇමරිකාවේ NSA රහස් ඔත්තු සේවය කාලයක් තිස්සේ ජනතාවගේ දුරකථන ඇම්තුම් සම්බන්ධ විස්තර, අන්තර්ජාල භාවිතය සම්බන්ධ තොරතුරු රහසේ එකතු කිරීම් සම්බන්ධව 2014 වසරේදී Edward Snowden නම් NSA ආයතනයේම සේවය කල පුද්ගලයා මතභේදාත්මක හෙලිදරව්වක් කලා. මේ හරහා රාජ්‍යයක් විසින් ජනතාවගේ පුද්ගලිකත්වයට කරන ලද බලපෑමේ අදුරු පැථි කඩක් එදා හෙලි දරව් වුනා.

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණා මැඳිරි එලියටත් බයයි කිව්වා වගේ, රජයක් විසින් රෝගය මර්ධනය වෙනුවෙන් පවා ගෙනෙන පුද්ගලික විස්තර එකතු කරන ඇප් එකක් දිහා, පුද්ගලිකත්ව අයිතීන් වෙනුවෙන් සංවේදී බටහිර ජනතාව කුකුසකින් යුතුව බැලීමේ සාධාරණයක් තියෙනවා. ඒ සමඟම දුර්වල ආරක්ශක ක්‍රම වේද නිසා පද්ධතිය හැක් වීමකට ලක් වුනහොත් ඉන් වෙන හානිය ගැනත් ඔවුන් විමසිලිමත් වෙනවා.
නමුත් මේ ඇප් එක හරහා අතයවශ්‍ය තොරතුරු පමණක් එකතු වෙන ලෙසින් එය සැලසුම් කරන ලද බව රජය පෙන්වා දුන්නා. එලෙසම එහි ආරක්ශණ ක්‍රම වේද සම්බන්ධව ඉතා ඉහල ප්‍රමිතියකින් පරීක්ශන කරන Australian Signals Directorate හි අනුමැතියද එයට ලැබී තිබෙනවා. ඇප් එක තාක්ශණිකව ක්‍රියාත්මක වන්නේ Bluetooth හරහා වෙන Digital Handshake ලෙසින් නිසා අතිශය සංවේදී පුද්ගලික කාරනාවක් වෙන අප යන එන ස්ථානය (Location) මේ හරහා ගබඩා කිරීමක් වෙන්නෙ නෑ. අනික මේ දත්ත මධ්‍යම ගබඩාවට යන්නෙ භාවිතා කරන්නගේ අනුමැතිය (consent) ඇතිව පමනයි. එලෙස යන දත්තවල පවා අඩංගු වන්නේ දුරකථනන අංකය, නම හෝ අන්වර්ථ නාමය, වයස් කාන්ඩය සහ suburb එකත් අප සමීපයට ආ අයගෙ ඇප් එකට පමනක් අදාල 'encrypted reference code' ත් පමනයි.
මේ සම්බන්ධව විස්තර කිසිම ලෙසක මධ්‍යම රජයට හෝ ඇමරිකාව වැනි ලෝක බලවතෙකුට කිසිම දිනෙක ලබා ගත නොහැකි ලෙසට දැනට නීති පවා සම්පාදනය වෙමින් පවතිනවා. ඔවුන් අවධරණයෙන් කියා සිටින්නේ මෙම දත්ත බලන්නට අවසර ඇත්තේ අදාල ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සෞඛ්‍ය අංශවලට පමනක් බවයි. එයත් contact tracing purposes වෙනුවෙන් පමණයි.
ඒ සමඟම මේ ඇප් එකේ අන්තර්ගතය ඕනෑම කෙනෙකුට බැලිය හැකි ලෙස එහි සම්පුර්ණ කේතය හෙවත් source code එක පවා නුදුරේම තාක්ශනික ක්ශේස්ත්‍රයේ අය වෙනුවෙන් පාර්ද්ෘශ්‍යභාවයේ අංගයක් ලෙසින් ඔවුන් එලි දක්වන බවට පොරොන්දු වී තිබෙනවා.

දැනටත් තාක්ශනික සේවයේ මේ සම්බන්ධව ඉතාමත් සක්‍රිය සවාද විශ්ලේශන සිදු වෙනවා.
මේ ගැන Cyber Safety විශ්ලේශකයන් සමඟ මා ව්ෘත්තීය මට්ටමෙන් කල සාකච්ඡාවලදී ඔවුන් වැඩි දෙනා සිටියේත් මා සිටින මතයේම තමයි. එනම්, ඇප් එකේ Security සහ Privacy යන කාරන සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමක සැලකිලිමත් වීමක් (due diligence) නිර්මාපකයන් පෙන්නුම් කර තිබෙන බවත්, මේ ඇප් එක විසින් ඉදිරියේදී කරන සේවයට සාපේක්ශව මේ පුද්ගලිකත්ව කාරනා නොගිනිය හැකි තරමින් අල්පතර බවත්. (Health benefits outweigh the privacy related concerns).
අනෙක අප විහිලුවට කතා වුනෙත්, මේ ඇප් එකෙන් එකතු කර ගන්නවට වඩා විස්තර ගූගල් සහ ෆේස්බුක් හරහා අපේ කැමැත්තෙන්ම, නිරන්තරයෙන් කොහොමත් ගබඩා කරන්න අපි ඉඩ දිල තියෙනවා නේද කියලා.
ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදියට Covidsafe App ඇප් එක install කිරීම් හෝ නොකිරීම ඔබේ අයිතියක්. වැදගත් වන්නේ ඔබ මොන තීරනය ගත්තත්, හොඳින් කරුනු සොයා බලා ඔබටත්, සමස්ත මානව ප්‍රජාවටත් වඩා යෝග්‍ය ආස්ථානයක සිට ඒ තීන්දුව ගැනීමයි.
sources:
https://www.health.gov.au/resources/apps-and-tools/covidsafe-app
https://www.gizmodo.com.au/2020/04/how-australias-covidsafe-app-actually-works/
sources:
https://www.health.gov.au/resources/apps-and-tools/covidsafe-app
https://www.gizmodo.com.au/2020/04/how-australias-covidsafe-app-actually-works/
No comments:
Post a Comment