Cyber Security මගේ රස්සාව. IT ක්ශේස්ත්‍රයේ අවුරුදු 17 විතර හිටියත් ඉන් අන්තිම අවුරුදු 10 මම කරේ Security.
ඒ කාලය තුල මම අදාල වෘත්තීමය සහතික කරන කිහිපයකුත්, ඒ හැම එකකටම වඩා වටිනා අතිශය වටිනා අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා විවිධ කන්ඩායම් වල වැඩ කරලා.
ඒ කාලය තුල මම අදාල වෘත්තීමය සහතික කරන කිහිපයකුත්, ඒ හැම එකකටම වඩා වටිනා අතිශය වටිනා අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා විවිධ කන්ඩායම් වල වැඩ කරලා.
මම වැඩ කරන කන්ඩායම සෙකියුරිටි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවෙ ජාතික මට්ටමෙන් සම්මාන ගත්ත කන්ඩායමක්. එහි අප සමග වැඩ කරන අති දක්ශ වෘත්තිකයන් සමග උරෙනුර ගැටී රස්සාව කරන්න ලැබෙන එක වාසනාවක්. ඉස්සරම IT Security කියන්නෙ සයිට් එකක් හැක් වෙන එකට අදාල තාක්ශණික දෙයක් කියලා හිතා ගෙන හිටපු මට, දැන් එහි තාක්ශනික පැත්ත අතික්‍රමනය කරලා තියෙන people, process ගැනත් වෙනත් හැම threat එකක් ගැන වගේම මෙය තුලත් risk assessment පැත්තෙන් බලන්න ඕනෙ කියන කාරනා ටිකෙන් ටික වැටහිලා තියෙන්නෙ.
නමුත් මම මගේ රැකියාව ගැන හෝ අපි දෛනිකව කරන දේ ගැන මීට වඩා විස්තර ලියන්න බලාපොරොත්තුවක් නැහැ. මේ පිටුව පසු පස සිටින බ්ලොග්කරු ගැන දළ අවබෝධයක් ගන්නයි මේ ටික ලිව්වෙ.
නමුත් මම මගේ රැකියාව ගැන හෝ අපි දෛනිකව කරන දේ ගැන මීට වඩා විස්තර ලියන්න බලාපොරොත්තුවක් නැහැ. මේ පිටුව පසු පස සිටින බ්ලොග්කරු ගැන දළ අවබෝධයක් ගන්නයි මේ ටික ලිව්වෙ.

ඔය අතරෙ මේ ගැන මෙල්බර්න් නගරයේ ප්‍රජා ගුවන් විදුලි සේවා නිශ්පාදකයෙකුට දැන ගන්න ලැබිලා මට ආරාධනා කරා ඉරිදා උදේ වැඩසටහනෙ පොඩි segment එකක් කරන්න. එහි ප්‍රතිපලයක් විදියට තමා සයිබර් සටහන ආරම්භ වුනේ.
සයිබර් සටහනට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ එක්ක මට ඉල්ලීම් ආවා ඒවා පසුව අසන්නට ක්‍රමයක් සලසන්න කියලා. ඒ වෙනුවෙන් සයිබර් සටහන youtube channel එක හදලා සතිපතා යන හැම වැඩසටහනම එකතු කරන්න තීරනය කරා අන්තර්ජාලය හරහා එන ඕනෙම කෙනෙකුට පරිහරනය කරන්න පුලුවන් වෙන්න.
නමුත් මම වගේ අතිශය කම්මැලි සරීරෙකට සතිපතා මේක කරන එක ලේසි වුනේ නැහැ. රස්සාවයි, දරු පවුලයි, කෙල කෝටියක් බාහිර වැඩයි එක්ක මේක භාර ගත්ත හින්දම කරන්න පටන් ගත්තට ලොකු අභියෝගයක් මැද්දෙ, ගොඩාක් දවස්වල නිදි වර්ජිතව වුනත් මම එයින් අතිශය සතුටක් ලැබුවා. එනිසා තව පියවරක් ඉදිරියට එය ගෙන යන්න හිතුවා.
සිංහලෙන් තාක්ශනික කටයුතු කතා කරන්න බ්ලොග් හෝ වෙනත් පිටු තිබුනට අන්තර්ජාල ආරක්ශණය ගැන කතා කරන පිටු ඇත්තෙම නැති තරම්. නමුත් ක්ශේස්ත්‍රයේ ඉන්න නිසාම අපි දන්නවා යකා ගැන නොදැන කට්ටිය චන්ඩි වගේ හිටියට, හෙට දවසේ යකා මීට වඩා රෞද්‍ර වෙන වග. එනිසා මේ ගැන බ්ලොග් පිටුවක් කරා නම් එය වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මේක පටන් ගත්තෙ.
මෙයින් මම අමතන audience ගැන මට හොඳ තක්සේරුවක් තියෙනවා.
මගේ අනුමානය අනුව 10% සයිබර් අවකාශය ගැන ඉතා අඩු දැනුමක් තියෙන්න. ඒ අයට ඉතා මූලික කාර්‍ය ටිකක් විතරක් කර ගන්න එන්නෙ, ඔවුන්ගේ අත්දැකීම් ඉතා අඩුයි. ඔවුන් මේ කාලයේ වෙන ස්කෑම් ආදියෙ අතිශය පහසු ගොදුරු වෙනවා.
70% විතර ඉන්නෙ අන්තර්ජාල භාවිතය ගැන හොඳ දැනුමක් එක්ක. පරිගණක, ජංගම දුරකථන හරහා මූලික දේවල් ඉතා පහසුවෙන් කරන්න ඔවුන් දන්නවා. හැබයි ආරක්ශණය පැත්ත ගැන වැඩි අවධානයක් හෝ දැනුමක් ඔවුන්ට නැහැ. නමුත් ඔවුන් ඉතා පහසුවෙන් දැනුවත් කරන්න පුලුවන්.
අන්තිම 20% තාක්ශනික පැත්තෙන් හොඳ දැනුමක් තියෙන, අන්තර්ජාල ආරක්ශනය සම්බන්ධයෙනුත් හොඳ දැනුමක් තියෙන අය. ඒ අයට අවශ්‍ය දැනුම ඔනෙ තරම් අන්තර්ජාලයේ ඉංග්‍රීසි භාශාවෙන් තියෙනවා සහ ඔවුන් බොහෝ විට දැනටමත් ඒ ආකාරයෙන් update වෙලා ඉන්නෙ. අන්න ඒ අයට මේ බ්ලොග් එක වැඩක් වෙන්නෙ නැහැ.
මම ඉතාමත් සබුද්ධිකයි මේ පිටුවෙන් වැඩක් වෙන්නෙ අර මුලින් කියපු කාන්ඩ දෙකට අදාල 80% ට කියලා.
මම ලියද්දිත්, අර රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරද්දිත් අමතන්නෙ ඒ අයට.
අන්තිම 20 % ඉන්නෙ අයට පුලුවන් හැබයි මට උදව් කරන්න මෙතන කතා වෙන්න ඕනෙ topics මොනවද, තව නිවැරදි විය යුතු යමක් තියේද කියන කාරනා ගැන. ඒ නිසා ඒ අයටත් ආරාධනා කරනවා මේ පිටුව එක්ක රැඳී ඉන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ මේ පර්ශ්‍රමයෙ අග මට 'පොරක්' වෙන්න කිසි උවමනාවක් නැහැ. ඇත්තටම මේ ක්ශේස්ත්‍රයේ කෙළ පැමිණි අය එක්ක වැඩ කරන නිසා, මේ විසල් වපසරියෙ දන්න දේට වඩා නොදන්න දේට දවස තිස්සෙ අභිමුඛ වෙන අපට, මෙහි ප්‍රතිපලයක් විදියට 'සියල්ල දත්' පන්ඩිත ඔටුනු වැටෙනවට අවංකවම උවමනාවක් නැහැ. දන්න දෙයක් තියේ නම් කියන්නම්, නැත්නම් හොයල කියන්නම්, දන්නෙ නැත්නම් පැකිලීමකින් තොරව දන්නෙ නැහැ කියන්නම්.මේක මම පැහැදිලිවම කිව්වෙ, විශේෂයෙන්ම ෆේස්බුක් එකේ එහෙම මම දැකපු ප්‍රවනතාවයක් නිසා... හැමෝම නෙවෙයි නමුත් ගොඩාක් වෙලාවට තරුණ ගැටව්, නොමේරුකම් කමට දැනුම පස්සෙ යනවා වෙනුවට, ඒ දැනුම එන තැන එක්ක පුද්ගලික මට්ටමේ වැඩ්ඩන් සෙවීමේ ගනු දෙනුවලට යනවා. ඒ වගේම සයිබර් කලාප වල හැම ක්ශේස්ත්‍රයක් ගැනම ඉතා විශාල ලෙස දැනුවත් ලෙස වැජඹෙන සිවිල් චරිතත්, අලුතෙන් මේ වගේ දැනුම් එද්දි, පුරුද්දක් විදියට තමන්ගේ territory මාක් කරන්න පටන් ගන්නවා..
මම මේක ලීව්වෙ ඔය ගැන තියෙන රිඩින් එක නිසාම, ඔය වගේ පොරත්ව බලු පොර වගේ සිල්ලර වැඩ වලට යන්නෙ නැතිව තියෙන පොඩි වෙලාවෙ මම යමක් මෙතන එකතු කරනවා කියන්නයි.
ඉතින් යමක් තියෙනවා කියලා හිතනවා නම්, Subscribe වෙන්න. Share කරන්න.
යෝජනා තියේ නම්, ඕනෙම වෙලාවක මට ලියන්න.
මේ ක්‍රේෂ්තර්‍යේ ඉගෙන ගන්න කැමති නම්, අදාල පාඨමාලා පිලිබඳ විස්තර සහ මා ලඟ තියෙන material ආදිය අවශ්‍ය නම් කියන්න. මම ප්‍රෝග්‍රැමින්, කෝඩින් ආදිය රැකියාවට කරලා නැහැ එනිසා ඒ ආශ්‍රිත නම් උපදෙසක් දෙන්න තරම දැනුමක් නැහැ.. නමුත් දන්න දෙයක් තිබේ නම් මට පුලුවන් විදියට දැණුම බෙදා ගන්නම්.

No comments:
Post a Comment