Saturday, December 23, 2017

Password manager සහ තවත් කතා





Episode  8 - Password Manager  (duration 5 mins)


Transcript
password භාවිතා කරන්න අකමැති අය අත උස්සන්න කිව්වොත් මම නම් අත් දෙකම උස්සනවා.

 දැන් මේ password එක කාහෙ හරි අතට පත් වුනොත්, තමන්ගෙ අති බහුතරයක් online ගිනුම් ආදිය අනතුරේ.. හරියට හැම වටින සේප්පුවම ලොක් කරන්න එකම යතුරක් පාවිච්චි කරන කෙනෙකුගේ යතුර හොරු අතට පත් වුනා වගේ.
දැන් තියෙන තාක්ශනයත් එක්ක සමහර පාස්වඩ් crack කරන්න, ඒ කියන්නෙ නිවැරදිව අනුමාන කරන්න යන්නෙ තත්පරයකටත් අඩු කාලයක්. ඒ නිසා ඔබ භාවිතා කරන පාස්වඩ් එක අකුරු 12වත් තියෙන, සංකීර්ණ එකක් වෙනවාට අමතරව මාස කිහිපයකට සැරයක්වත් වෙනස් කරනවා නම් එය ඉතාම යෝග්‍යයි ඔබේ ආරක්ශාවට.


ඇත්තටම මම නම් හිතන්නෙ නැහැ කවුරුවත් කැමැත්තෙන් password පාවිච්චි කරනවා ඇති කියලා, ඇත්තටම අපේ ආරක්ශාවට අපිට පාස්වඩ් යොදා ගන්න වෙනවා.. නමුත් ඒ භාවිතාවත් එක්කම එන ප්‍රායෝගික අපහසුකම් නිසාම අපි කී දෙනෙක්, හැම තැනටම එකම සරල password එකක් භාවිතා කරනවද? 
දැන් ඔබට හිතෙන්න පුලුවන්, පාස්වඩ් එක සංකීර්ණ වෙන්නත් ඕනෙලු. එකම password එක භාවිතා කරන්නත් එපාලු. හැකි නම් ඒ passwordනිතර වෙනස් කරන්නත්ලු. මේ කියන දේවල් ඇත්තටම ප්‍රායෝගිකද කියලා.
ඇත්තෙන්ම ඒකට ඉතා පහසු තාක්ශණයක් තියෙනවා.. ඒකට කියන්නෙ password manager කියලා. අද අපි ඒ ගැන කෙටියෙන් නමුත් වැදගත් කාරනා ටිකක් කතා කරමු.
password manager එකක්  හරියට ඔබේ සියලු යතුරු ආරක්ශිතව ගබඩා කරන සේප්පුවක් (vault) එකක් කියලා හිතන්න. එ කියන්නෙ කෙටියෙන් කිව්වොත් ඔබ ඒ එක password එකක්වත් මතක තියා ගන්න ඕනෙ නැහැ. නමුත් ඒ මුලු සේප්පුව වෙනුවෙන් එක password එකක් ඒ කියන්නෙ master password එකක් විතරක් මතක තියා ගන්න වෙනවා.

උදාහරනයක් විදියට මගේ Facebook ගිනුමෙ password එක මට මතක නැහැ. මතක තියා ගන්න ඕනෙත් නැහැ. password manager එකට  අදාල ඉල්ලීම කරාම, එය ස්වයංක්‍රීයව Facebook අඩවියට ගිහින් මගේ password එක ආරක්ශිතව එන්ටර් කරලා මගේ ගිනුම මා ඉස්සරහ විවෘත කරනවා.
කොතරම් අපූරුද නේද? 

ඒ එක්කම හිතන්න මට අලුතෙන් online ගිනුමක් හදාගන්න ඕනෙ කියලා වෙනත් වෙබ් අඩවියක. දැන් වෙනදා නම් අර හැම තැනටම යොදන password එකනෙ මෙතනටත් යොදා ගන්නෙ. නමුත් password manager එකක් භාවිතා කරනවා නම්, ඔය අලුත් password එක එය විසින් යෝජනා කරලා ඉදිරි පාවිච්චිය වෙනුවෙන් ආරක්ශිතව ඔබේ සේප්පුවෙ ගබඩාත් කරනවා. ඔබ හෙට වෙනම තැනක වෙනම පරිගණකයක් ඉදිරියේ මෙම වෙබ් අඩවියට පිවිසෙන්න සූදානම් වෙන විට, මේ වෙබ් අඩවිය ඔබ ඉදිරියේ ස්වයන්ක්‍රීයව විවෘත කරන්න පුලුවන් ඔබේ password manager ගිනුම විවෘත කල සැනින්.
දැන් ඔබට පැහැදිලි ඇති ඔබට කිසිම ලෙසකින් password එකක් type කරන්නවත්, මතක තියා ගන්නවත් සිදු නොවී ඒ සියල්ල password manager එක ක්‍රියාත්මක වෙලා සිදු කරනවා කියලා.
මෙය සංකීර්න තාක්ශනික ක්‍රියාවලියක්ද, කෙතරම් ආරක්ශිතද සහ මෙයට මුදල් වැයවෙනවද? මම දන්නවා ඔබට මෙවැනි ප්‍රශ්න රාශියක් දැන් හිතට එනවා ඇති.
මෙය ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.  කොහෙත්ම සංකීර්ණ නැහැ. මෙයට හුරු වුනාම මෙය නැතිවම බැරිතරම් ප්‍රයෝජනවත් උපාංගයක්. ඒ එක්කම කිසිම මුදලක් වැය නොකර භාවිතා කර හැකි ඉතා හොඳ මට්ටමේ මෘදුකාංග තියෙනවා.

ඔබට මේ සඳහා කරන්න පුලුවන් පහසුම දේ තමයි youtube එකේ මේ ගැන තියෙන වීඩියෝවක් දෙකක් බලලා අවබෝධයක් අරගෙන ඔබගේ සියලුම වටිනා පාස්වඩ ඔබේ සේප්පුව තුල ගබඩා කරන එක. මෙවැනි ඉතා හොඳ පාස්වඩ් මැනේජර් අතර මම රෙකමදාරු කරන්නෙ lastpass කියන  පාස්වඩ් මැනේජර් එක. එහි free version එක හොඳටම ප්‍රමානවත් ඔබේ දෛනික පාස්වඩ් මැනේජර් කටයුතු වලට. ඒ ගැන youtube එකේ වැඩි විස්තර හොයා ගන්න පුලුවන්.
දැන් වැදගත් කාරනේ මෙය ආරක්ශිතද? මේ ගැන තොරතුරු තාක්ශණ ප්‍රවීනයන් ගැබුරින් හදාරලා කියන්නෙ මේ ප්‍රධාන පෙලේ මෘදුකාංග සියල්ල ඉතාම ආරක්ශිත ලෙස තම තමන්ගේ මාස්ටර් පාස්වඩ් වලින් පමණක් විවෘත කල හැකි ලෙස පමණක් මේ vault encrypt කරලා තියෙන්නෙ කියලා. ඒ නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා.
එතකොට මාස්ටර් පාස්වඩ් එක? ඔව් අන්න ඒක නම් මතක තියාගන්නම  වෙනවා. ඒ  වගේම  අතිශය පරෙස්සම් කර ගන්න වෙනවා. නමුත් මතක තියාගන්න තියෙන්නෙ ඔය පාස්වඩ් එක විතරක් නිසා ඔබට පුලුවන්  ටිකක් දිග වචන කිහිපයක එකතුවක්, අපි ඒවට කියනවා passphrase එකක් භාවිතා කරන්න. මතක තියා ගන්න මේ තමයි ඔබේ සියලුම යතුරු දාලා වහපු සේප්පුවෙ යතුර, මේක නැතිවුනොත් අර ඔක්කොම නැති වෙනවා.. කිසිම ලෙසකින් ඒවා ගන්න බැහැ මොකද මාස්ටර් පාස්වඩ් එකෙන් අර vault එක encrypt කරලා තියෙන නිසා.
ඒ එක්කම ඔබගේ වැදත්ම ගිනුම් වලට අපි කලින් කිහිප වතාවක් මතක් කරා වගේ two factor authentication ක්‍රියාත්මක කරන්න. මෙම තාක්ශණ දෙයක් දෙක ඒ කියන්නෙ password manager සහ 2 factor authentication ඔබ භාවිතා කරනවා නම් ඔබේ ගිනුම් වලට කෙනෙකුට හොරෙන් රිංගන්න ලේසි නම් වෙන්නෙ නැහැ කියලා.

End of Transcript

Blog Exclusive:

****



මේ බ්ලොග් එක පටන් ගන්න කලින් විකාශය වු ගුවන් විදුලි වැඩසටහන් කිහිපයක් තියෙනවා වෙනම පොස්ටුවක් විදියට එකතු නොකරපු. ඒවට වෙන වෙනම ලියන්න වෙලාවකුත් නැහැ.. මට කම්මැලිත් එක්ක..
ඒ නිසා ඒ ඔක්කොම මේ පොස්ටුවෙ අගට මේ විදියට එකතු කරන්නම් එතකොට කැමති කෙනෙකුට බ්ලොග් එකේ ඉඳලම මේවා බලන්න පුලුවන් වෙන්න


Episode 1 - කප්පම් වයිරස  Duration: 2 mins 26 seconds

මුලින්ම මම කරපු මුල්ම එපිසෝඩ් එක. මේ වැඩේ කොහොමද කියලවත් අවබෝධයක් නැතිව සෙනසුරාදා දවසක මගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා ඉරිදා වැඩසටහනට යැව්වෙ.. එයට ප්‍රතිචාරය හොඳ වීමත් එක්ක මට උනන්දුවක් ආවා මේ වැඩේ දිගටම කරන්න. ඒ ාතින් මට මේ එපිසෝඩ් එක ඉතා වැදගත්.







Episode 2 -  "Are You OK Day"  Duration: 3 mins 49 sec
















Episode 3 - Online Spambot  Duration: 5 mins
















Episode 9 - Youtube Kids  Duration: 4 mins 11 sec

No comments:

Post a Comment