Saturday, December 23, 2017

ඔබේ ගෙදර බිත්ති වීදුරුවලින් හදමුද?


Episode 13 Privacy Settings
Duration: 5 mins

Transcript:
මීට මාස ගානකට කලින්, තරුණ දරුවන් අතර අතිශය ජනප්‍රිය Smart Phone App එකක් වෙන SnapChat අලුත්ම අංගයක් එකතු කරා SnapMap කියලා. මින් ඒ අය ඉන්න තැන තිතටම එයාලගෙ මිතුරන්ට බලා ගන්න පුලුවන් වෙනවා.
මෙය කෙතරම් ජනප්‍රිය වුනාද කිවහොත් ලොව වටා පොලීසිවලට සිද්ධ වුනා, දරුවන් සහ දෙමාපියන් දැනුවත් කරන්න තමන් ඉන්න ස්ථානය මේ විදියට පෙනෙන්නට සැලැස්වීමෙන් ඒ සමග නිසඟයෙන්ම එන අවධානම ගැන. ඔවුන් SnapChat භාවිතා කරන අයගෙන් ඉල්ලා සිටියා මතක ඇතිව ඒ ඇප් එකේ Privacy Settings වලට ගිහිල්ලා, අනෙක් අයට තමන්ගේ Location එක නොපෙනීම සහතික කරන 'Ghost Mode' එක තෝරා ගන්න කියලා.
ඇයි මේ පොලිසි වලට සිද්ධ වුනේ, වඩා ප්‍රවේසම් Privacy Settings මොනවද කියලා මතක් කරන්න, විශේෂයෙන්ම තාක්ශණික පැත්ත ගැන හොඳටම දන්න තරුණ දරුවන්ට?
අපි ගිය සතියෙත් කතා කරා වගේ, තාක්ශණය හරහා ඉන් ප්‍රයෝජනය ගන්න හැමෝම මහන්සි වෙන අතරේ, ඒ හරහා තමන්ගේ සංවේදී තොරතුරු එලියට කාන්දු වීම, විශේෂයෙන්ම තමන් නොදන්න ආගන්තුකයන්ට තමන් ගැන කෙතරම් තොරතුරු ලබා දෙනවාද ගැන තියෙන්නෙ ඉතා අඩු අවධානයක්.

Privacy Settings ඔබට තේරුම් කරන්න මට හිතුනා පොඩි උදාහරණයකින්.
ඔබේ ගෙදර නාන කාමර, නිදන කාමර හැර අනික් හැම තැනක්ම එලියට පේන විදියට, බිත්ති ගඩොල්වලින් හදන්නෙ නැතිව වීදුරු වලින් හැදුවා නම් කොහොමද? ඔබ කියාවි එහම් කවදාවත් වෙන්නෙ නැහැනෙ කියලා. නමුත් මම කියනවා, නොදන්න කමට බොහෝ දෙනෙක් තමන්ගේ Facebook Profile එකේ Privacy Setting ගැන අවධනයක් නැති කමෙන් කරලා තියෙන්නෙ මීට සමාන දෙයක් කියලා.
ඇයි මම එහෙම කියන්නෙ?

අපි ගෙදර බිත්ති ගඩොලෙන් හෝ වෙනත් පාරද්ෘශ්‍යැ නොවන ශක්තිමත් දෙයකින් හදලා, දොර ලොක් කරන්නෙ හේතුවක් ඇතිව. ඒ අපේ මූලික ආරක්ශාවටත් අපේ පුද්ගලිකත්වයෙත් ආරක්ශාවට. කෙනෙක් දොරට තට්ටු කරාම, ඒ කව්ද කියලා බලලා, දන්න කෙනෙක් නම් අපි ගෙට ගන්නවා. අනෙක් අයට දොර ලොක් වෙලා තියෙන්නෙ. අර ඇතුලට එන අපි දන්න කට්ටිය එක්ක අපේ ජීවිතය අපි බෙදා ගන්නවා. අපි කන්නෙ මොනවද, අපේ දවස සතුටුද, දුකද, අපේ දරුවන්ගේ දක්ෂතා විතරක් නෙවෙයි අපි කොහෙද නිවාඩුවට යන්නෙ, ගිහින් කවද්ද එන්නෙ ආදී අතිශය පුද්ගලික මට්ටමේ කාරනා. ාපිට අවශ්‍ය නැහැ පාරෙ යන කෙනෙක් මේ දේවල් දකිනවටවත් අහනවටවත්.
නමුත් විශ්වාස කරන්න ෆේස්බුක් වල Privacy Setting එක Public කරලා තියෙන හැමෝම කරන්නෙ ඔය දේ. ඒ අය ගෙදර බිත්ති වීදුරු වලින් හැදුවටත් වඩා භයානක දෙයක් කරලා තියෙන්නෙ.

නමුත් Facebook Setting වලින් මෙය විනාඩියකටත් අඩු කාලෙකින් නවතන්න පුලුවන්. බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් නැත්තෙ තාක්ශනික පැත්තෙ කාරනයක් නිසා නෙවෙයි, ඒ ගැන අවධනයක් නැති කමෙන්.
ඒ නිසා ඔබට ඉතාමත් අවධරනය කරලා මම කියන්නෙ ඔබ සමාජ ජාලා භාවිතා කරනවා නම් අනිවාර්‍යෙන්ම එහි Privacy Review එකක් කරන්න. මෙය ඕනෑම App එකකටත් අදාලයි නමුත් Facebook ගැණ කතා කරපු නිසා සහ මෙය වැඩියෙන්ම අදාල වෙන්නෙ Facebook වලට නිසා මේ Privacy Checkup එක Facebook එකේ කරන්නෙ කොහොමද කියලා මතක් කරන්නම්.
Facebook මෙහි වැදගත්කම වැඩිකම නිසාම, Quick Help කියලා එය Settings ලග වෙනම ස්ථානගත කරලා තියෙනවා. එහි තියෙනවා Privacy Check Up කියලා ඉතා කෙටි පියවර තුනකින් තමන්ගේ Profile එක පරීක්ශා කරන එක. ඔවුන් මෙය ඉතා සරලව ඉදිරිපත් කරලා තියෙනවා ඔනැම කෙනෙකුට වැටහෙන විදියට.
උදාහරනයක් විදියට එහි පෙන්නනවා ඔබගේ උපන්දිනයෙ දවස සහ වසර වෙන වෙනම

කාටද දකින්න පුලුවන් කියලා. ඔබට පුලුවන් දවස අනෙක් අයට දකින්න සලස්වල, අවුරුද්ද ඔබට විතරක් දකින්න සලස්වන්න. ඒ ක්‍රමයෙන් ඔබට උපන්දිනේට යාලුවන්ගෙන් ලැබෙන සුබ පැතුම් අත හැරෙන්නෙත් නැහැ ඔබේ සම්පූර්ණ උපන්දිනය කිසි කෙනෙකුට බලා ගන්නත් බැහැ. නමුත් කිසිම් ලෙසකින් ඒ එකක්වත් පබ්ලික් දකින්න පුලුවන් විදියට තියන්නත් එපා.
අනික් ඉතා වටින Tool එක තමා Privacy Shortcuts - එයත් එතනමයි තියෙන්නෙ. ඉන් ඔබට සියලුම Privacy Settings සහ Tools එකම සරල Screen එකකින් පෙන්නනවා. මෙතන ගොඩාක් අය නොදන්න Tool එකකුත් තියෙනවා. ඒ තමයි ඔබට පුලුවන් පිටස්තරයෙකුට ඔබේ Profile එක පේන හැටි ඔබටම බලා ගන්න. මේක හරියට අපිම ගෙදරින් එලියට බැහැලා අපේ ගේ දිහා බලනවා වගේ මොනවද පිටින් බලන අයට පේන්නෙ කියලා.
ඒ නොදන්න කෙනෙකුට පේන විදියනෙ. ඔබට පුලුවන් දන්න කෙනෙක්ගෙ නමක කියලා එයාට ඔබේ Profile එක පේන හැටිත් බලා ගන්න. මෙය නම් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එයත් තියෙන්නෙ මා කලින් කිව්ව Privacy Shortcuts වලම තමා.

සයිබර් අවකාශයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ පුද්ගලික තොරතුරු වලට. ඒ හරහා තමයි නිල විදියට වෙලඳ දැන්වීමුත්, නොනිල විදියට Cyber Crimes සිද්ධ වෙන්නෙ.
කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔබ දෙයක් විකුනන්නේ නැත්නම්, බොහෝ විට එතන විකිනෙන්නේ ඔබයි.

End Transcript

No comments:

Post a Comment