Saturday, December 23, 2017

අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ - Identity Crimes



Episode 12  Duration; 4 mins 50 sec

Transcript
ගිය වසරෙ ඔස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමේන්තුව අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ (Identity Crimes) සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ඉදිරිපත් කරා. ඉන් හෙලි කරනා කාරනා කිසි ලෙසකින්වත් ඔස්ට්‍රේලියාවට විතරක් අදාල කාරනා නෙවෙයි මොකද මේ අපරාධ බොහෝ විට අන්තර්ජාතික මට්ටමේ සංවිධනාත්මකව සිදු වෙන අපරාධ. ඒ නිසා අද අපි සයිබර් සටහනෙන් කතා කරමු  Identity Crimes ගැනත් ෛන් වැලකෙන්න අපිට ගත හැකි ආරක්ශිත ක්‍රියා මාර්ග මොනවද කියන කාරනාත් ගැන.

මෙම වාර්තාවට අනුව, 2016 වස‍රට විතරක් මින් වූ සමස්ත පාඩුව ඩොලර් බිලියන 2.2ක්. ඔස්ට්‍රේලියානුවන් 5 දෙනක් ගත්තොත් ඉන් 1 කෙනෙක් මෙයට කවදා හෝ ගොදුරු වෙලා තියෙනවා, ඒ කියන්නෙ ඔස්ට්‍රේලියාවේ අපරාධ පැත්තෙන් ගත්තොත් වාහන සොරකම, නිවාස සොරකම් හෝ පහරදීම් ආදිය ඉක්මවා මේ අපරාධය ඉහලටම ඇවිල්ල තියෙනවා.
සෑම තත්පර විස්සක් ඇතුලත, ඔස්ට්‍රේලියාව තුල කවුරු හරි කෙනෙක් මේ අපරාධයට ගොදුරු වෙනවා. ගොදුරු වෙන අයගෙන් හතරෙන් එකකට, ඒ කියන්නෙ ඔස්ට්‍රේලියානුවන් 5%ක් , මේ නිසා ආර්ථික පාඩු ලබනවා.
ආර්ථික නොවන පාඩුත් සුලුපටු නැහැ. ඒ අයගෙන් 10% මානසිකව කඩා වැටීම්වලට ලක්වෙන අතරෙ ඉතා භයානකම කාරනෙ 7% තමන් නොකල අපරාධවලට සම්බන්ධයි කියලා වැරදියට චෝදනා ලබනවා.
ඇත්ත දත්ත මීටත් වඩා දරුනු වෙන්න ඕනෙ මොකද සමීක්ශණ වාර්තාවලට අනුව මෙයට ගොදුරු වෙන අයගෙන් 38% විවිධ හේතු නිසා මේ ගැන පැමිනිලි කරෙ නැහැ කියලා පිලිගෙන තියෙන නිසා.

ඇයි Identity Crimes මෙතරම් ප්‍රධාන අපරාධයක් මට්ටමට වැටුනෙ?
ප්‍රදානම හේතුව තමා දැනුවත් කම අඩු කමින් මීට පහසුවෙන් මිනිසුන් ගොදුරු වීම. එලෙසින් සොරා ගන්නා තොරතුරු යොදාගෙන, ඉතා කෙටි කාලයක් තුල ඉතා විශාල ආර්ථකමය ලාභ ඔවුන්ට ලබන්න පුලුවන්. ඒ වගේම අනුන්ගේ තොරතුරු යොදාගෙන මුදල් විශද්ධිකරණය (Money Laundering), මත්ද්‍රව්‍ය ප්‍රවාහනය (Drug Trafficking) විතරක් නෙවෙයි ත්‍රස්තවාදී කටයුතු ඉතා සූක්ශමව සහ සංවිධනාත්මකව සිදු වෙනවා.
මේ සියල්ල ඉතා සවිස්තරව මෙම වාර්තාවෙ අන්තර්ගත වෙනවා.

අපි සත්‍ය උදාහරණ කිහිපයක් ඇසුරෙන් මේ ගැන තව ටිකක් පැහැදිලි කර ගමු.
රස්සා හොය හොය ඉන්න ඔබට ඇමතුමක් එනවා ඔබගේ සීවී එක බලපු පිට රට ආයතනයක් ඔබට හොඳ රස්සාවක් පිරි නමන්න ලෑස්තියි කියලා. ඒ වෙනුවෙන් ඔබ ඔවුන්ට පාස්පෝට්,පේස්ලිප්, බැංකු ගිනුම් විස්තර ආදිය ලබා දෙනවා. එතනින් පස්සෙ ඒ අයගෙන් කිසිම ආරංචියක් නැහැ. දවසකින් දෙකකින් ඔබ දැන ගන්නවා ඔබේ ගිනුමෙන් මුදල් අතුරුදහන් වෙලා කියලා.

තව උදාහරණයක්.
Tax Office එකෙන් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් කතා කරලා ඔබේ උපන් දිනය, ලිපිනය, නම ආදිය හරියටම සඳහන් කරලා ඔබේ විශ්වාසය තහවුරු කර ගන්නවා. කලින් අවුරුද්දෙ බදු වාර්තාවෙ වෙනසක් වෙලා නිසා ඔබට රිෆන්ඩ් එකක් ලබා දෙන්න ඔබේ අනන්‍යතාවය තහවුරු කර ගන්න කියලා කලින් වාර්තාවට අදල විස්තර ටිකක් අහ ගන්නවා. සති ගානක් යද්දිත් කිසිම මුදලක් ලැබෙන්නෙ නැහැ.. ඔබට තාම සැකයක් නැහැ මොකද එයාම කිව්වා සල්ලි ලැබෙන්න සති ගානක් යයි කියල.
නමුත් මේ අවුරුද්දෙ Tax Return එක දාන්න යද්දි පද්ධතිය කියනවා, ඔබ අදාල Assessment එක ඒ වෙනකොටත් කරලා ඉවරයි කියලා. කලබල වෙලා Tax Office එකට කතා කර්ද්දි එයාලා කියනවා අපි ඔබට කතා කරේ නැහැ, ඒ අනිවාර්‍යෙන්ම scammer කෙනෙක් කියලා. ඒ පුද්ගලයා ඔබගේ Tax Return එක හොරකම් කරලා.

තවත් දවසක, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් අලුත්ම දුරකථනයකට පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න ඉල්ලුම් කරද්දි, සිස්ටම් එක කියනවා ඔබගේ Bad Credit History එක නිසා ඔබට ඒ contract එක අනුමත කරන්න බැහැ කියලා. ඇය කිසි දිනෙක් ණයක් ලබා ගත්ත කෙනෙක් නෙවෙයි, වෙන කෙනෙක් ඇයගේ නමින් ණය අරගෙන.

තවත් කෙනෙක්, Facebook එකේ දානවා මුලු පවුලම ලංකාවට යනවා කියලා මාසෙකට. ඒ විස්තර යාලුවන්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට පේන විදියට Public දාලා තියෙන්නෙ. ඒ අතරම එයාගෙ Facebook Profile එක පිරිලා තියෙන්නෙ එයාගෙ ගෙදර ගත්තු ෆොටෝ වලින්, ගෙදර තියෙන බඩු මොනවද, තියෙන්නෙ කොහේද ඕනම කෙනෙකුට බලා ගන්න පුලුවන් වෙන විදියට. මේ පින්තූර ඔක්කොම Location එකත් එක්ක ගත්ත නිසා, ඒ ලිපිනයත් තිතටම අනුමාන කරන එක සුලු දෙයක් මේ ගෙදර හොරකම් කරන්න හිතා ගෙන මේ විස්තර බලන කෙනෙකුට.

ඒ එක්කම, මේ Profile එකේ උපන්දිනය දාන තැන ඉපදුන අවුරුද්දත් එක්ක දාල තියෙන්නෙ. දැන් ලිපිනය, උපන් දිනය විතරක් නෙවෙයි පවුලේ සියලුම අයගෙ නම්, වයස සියල්ල ඒ අයම මුලු විශ්වයම එක්ක බෙදා ගෙන තියෙන්නෙ. ඒ අය නිවාඩුව ගත් කරන අතරෙ, යන යන තැන ඒ අය ස්තුටින් ඉන්න පින්තූර Facebook එකේ update කරන අතරෙ, ඔවුන්ගෙ Identity එක මෙහේ වෙන කෙනෙක් පාවිච්චි කරනවා වෙන්න පුලුවන්.

ඒ නිසා ඔබගේ පුද්ගලික තොරතුරු ආදිය ලබා දෙද්දි, හෝ සමාජ ජාලාවල සටහන් කරද්දි අතිශය පරෙස්සම් වන්න. ඔබගේ වාහනය හොරකම් කරොත්, වෙනත් වාහනයක් ගන්න පුලුවන්. ගේ සොරකමකට ලක් වුනොත්, ඒ නැති වුන බඩු ආපසු මිලදී ගන්න පුලුවන්. නමුත් ඔබගේ අනන්‍යතාවය හොරකමකට ලක් වුනොත් ඔබට අලුත් Identity එකක් ගන්න බැහැ.. මොකද ඔබේ අනන්‍යතාවය .....  ඔබම නිසා.

End Transcript

Resources:
  අදාළ වාර්තාව
මෙතන ක්ලික් කරන්න

වැඩි විස්තර පහත
ක්ලික් කරන්න

No comments:

Post a Comment