Saturday, May 19, 2018

"කාගෙ කාගෙත් ෆයිල් මං ගාව, ඔයාල ෆේස්බුක් හිටියත්, නැතත්!" - මාක් සකර්බර්ග්

Episode 25 - Aired on 3ZZZ Melbourne Radio on 20th May 2018Duration: 7 mins

Facebook එකේ තියෙන්නෙ Facebook ඉන්න අයගෙ විස්තර විතරද?


ඔබ Facebook කවදාවත් භාවිතා නොකරත්, ඔබ ගැනත් ෆයිල් එකක් බොහෝ විට Facebook පද්ධතියෙ තියෙනවා කියලා මම කිව්වොත්, ඔබ බොහෝ විට එය විශ්වාස කරන එකක් නැහැ. නමුත් එය සත්‍යයක්.

Facebook ආයතනය මේ ගැන ප්‍රසිද්ධියේ පිලි නොගෙන සිටියත්, වසර කිහිපයක සිට මේ ගැන Privacy ක්ශේෂ්ත්‍රයේ විශේෂඤයන් සැක පහල කරා. පසුගිය අප්‍රේල් මාසෙ, ඇමෙරිකාවෙ කොන්ගරස් මන්ඩලය ඉදිරියේ දින දෙකක් පුරා මාක් සකර්බර්ග් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වෙද්දී, මේ Shadow Profiles සම්බන්ධ කාරනයත් මතු වුනා. එතනදි එය ගැන නොදන්නා බව පෙන්වීමට ඔහු උත්සාහ කරත්, නැවත නැවත ප්‍රශ්න කිරීමේදී ඔහු එයට කෙලින් පිලිතුරක් නොදී ප්‍රශ්නය මග හැරියා.

මෙම කොන්ග්‍රස් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කාරනා දෙකක් ලෝකය දැන ගත්තා.
පලවෙනි එක තමයි, මේ සම්බන්ධ නීති සම්පාදනය කරන් ආයතනවල මුල් පුටු හොබවන මේ කොන්ග්‍රස් සභිකයන් අන්තරජාල සම්බන්ධව කෙතරම් අඩු දැනුමක සිටියාද කියන කාරනය. මාක්ට වැඩි වේලාවක් අන්තර්ජාලය සම්බන්ධ පාඩම් කියා දෙන්නට සිදු වීම ඒ දිනවල, සයිබර් අවකාශයේ හාස්‍යයට පවා ලක් වුනා. ඇත්තටම ප්‍රයෝජනවත් ප්‍රශ්න ඇසුවේ කිහිප දෙනයි.
ඉන් කෙනෙක් බෙන් ලුජාන්. ඔහු ඇසුවෙ ඉහත සඳහන් කරපු Shadow Profiles සම්බන්ධ ප්‍රශ්නය. එය තමයි මම සඳහන් කරපු දෙවැනි කාරනය.

මොකක්ද මේ Shadow Profiles  කියන්නෙ?

Facebook ගිනුමක් නැති අයගේ විස්තර කොහොමද Facebook එකේ තියෙන්නෙ?

මෙය තේරුම් ගන්න අපිට සිද්ධ වෙනවා කෙටියෙන් පැහැදිලි කර ගන්න අපි ාන්තර්ජාලයේ සැරිසරද්දි ඒ වෙබ් අඩවි හරහා අපට පෙන්වන Ads එතනට එන විදිය තේරුම් ගන්න. මෙය වෙන්නෙ අපි වෙබ් අඩවියක් බලද්දි හෝ ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක් හරහා Search කරද්දි, තිරය පිටුපස cookie  කියලා file එකක් නිර්මානය වීමෙන් - මෙහි තියෙන්නෙ අපි ගැන, අපේ තෝරා ගැනීම් (preferences) ගැන විස්තර ටිකක්.. මේක තියෙන්නෙ අපේම හොඳට. මොකද අපි යම් පිටුවක් බලද්දි සිංහල තෝරා ගත්තොත් භාශාව විදියට, පස්සෙ දවසක ඒ වෙබ් අඩවියට යනකොට භාශාව නැවත තෝරන්න වෙන්නෙ නැතිව සිංහලම තියෙනවා නම් ඒක අපිට පහසුවක්.

Cookies තේරෙන සිංහලෙන්..

උදාහරනයක් විදියට ඔබේ ප්‍රියතම ආපන ශාලාවට වගේ යනකොට, එහි ඉන්න සේවකයා ඔබ දුටු සැනින් ඔබ සාමාන්‍යයෙන් ප්‍රිය කරන ජනේලේ ගාව තිබෙන මේසය ලෑස්ති කරලා, ඇන්වුම් කරන්නත් කලින් ඔබ කවදත් බොන අඩු සීනි තේ එක ඔබ වෙනුවෙන් සූදානම් කරනවා කියා සිතන්න. මෙයට අපිට කියන්න පුලුවන්න customised experience කියලා.
cookies  වලින් කරන්නෙත් අන්න ඒ වගේ දෙයක්. ඔබ එම අඩවියට එනකොට, එම කුකී එක මගින් අඩවියට මතක් කරනවා ඔබේ කලින් වතාවල තෝරා ගැනීම්.

මේ cookies වලට ඇහැ ගහ ගෙන ඉන්නෙ වෙලඳ දැන්වීම මෙහෙයවන අඩවි (Advertisers). මොකද මේ තියෙන විස්තර ඔවුන්ට ඉතා වැදගත්. ඔවුන් වෙබ් අඩවි වල ඉඳගෙන, එම cookies ඔබගේ පරිගනකයේ ගබ්ඩා නොකර තමන්ගේ ගාව තියා ගන්නවා. මේවට අපි කියන්නෙ Third Party Cookies කියලා. මේකෙ වාසිය තමයි ඔවුන්ට පුලුවන් ඔබ වෙනත් වෙබ් අඩවියකට ගියත්, ඔවුන් ඒ වෙබ් අඩවියෙත් ඇඩ්ස් පෙන්වනවානම්, ඔබව අඳුරගෙන ඔබට අදාලම වෙලඳ දැන්වීම් පමණක් ඉදිරිපත් කරන්න. මේකට අපි කියන්නෙ Re-targeting with relevant ads කියලා.

කලින් උදාහරනයෙන්ම කියනවා නම්, අපි කැමති ආපන ශාලාවේ ඉන්නවා කියලා හිතන්න සිසිල් බීම දෙන කෙනෙක්.. දැන් එයා මේ ආපන ශාලාවෙ කෙනෙක් නොවෙයි. එයා  සිසිල් බීම සමාගමේ සේවකයෙක්.. නමුත් එයා දන්නවා ඔබ කැමති බීම වර්ගය. එයා ඒ වග සිසිල් බීම සමාගමට දන්වනවා. දැන් ඔබ මේ ආපන ශාලවට කිසිම සමබන්ධයක් නැති ලී බඩු කඩයකට ගියා කියලා සිතන්න ටිකක් අව්ව තියෙන දවසක. ඒ ලී බඩු සමාගම ඇතුලෙ තියෙන සිසිල් බීම් කඩේ ඔබ කැමතිම බීම වර්ගය ඔබට හොඳට පේන්න තියල තියෙනවා, ඔවුන් දන්නවා ඔබ අනිවාර්‍යෙන්ම එය මිලදී ගන්නවා කියලා. මෙය ඔවුන් කරේ ඔබේ කැමැත්ත ගැන අර ආපන ශාලාව තුලදි ලබා ගත් තොරතුරු, ඉන් පිටතදිත් යොදා ගැනීම මගින්.

දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඇයි සමහර වෙබ් අඩවි වලට පලවෙනි පාරට ගියත්, එහි පැත්තකින් ඔබට අදාලම ඇඩ්ස් පේන්න පටන් ගන්නෙ කියලා. තිරය පිටුපස Third Party Cookies ඔබව follow කිරීමක් කරනවා කියලා පැහැදිලියි.

දැන් අපි නැවත Facebook පැත්තට හැරෙමු.

ඔබ Facebook භාවිතයක් නැහැ, නමුත් ඔබේ මිතුරෙක් Facebook ගිනුමක් විව්ෘත කරනවා. Facebook එකට ඕනෙ පුලුවන් තරම් එයාට යාලුවො සම්බන්ධ කරලා දෙන්න., ඉතින් Facebook එකෙන් එයාට කියනවා අපිට දෙන්න ඔයාගෙ යාලුවො හැමෝගෙම email addresses, phone numbers එහෙම. ‍යාලුවා කැමැත්ත දෙනවා.
 දැන් යාලුවගේ ෆෝන් එකේ තියෙනවා ඔබේ නොම්බරේ සහ ඊමේල් ඇඩ්‍රස් එක. Facebook එක කරන්නෙ ඒ විස්තර ටිකත් එක්ක කාටවත් නොකියා රහසිගත තැනක හදනවා ඔබට profile එකක්..ඒකට තමයි ඔබගේ shadow profile එක කියන්නෙ. මේකට ඔබේ නොවන ඔබේම ගිනුමක් කියා කියන්නත් පුලුවන් :)

ඇයි ඔබට නොකියා ඔවුන් මේ Profile එක හදලා තියා ගන්නෙ?
හිතන්න හෙට දවසේ ඔබත් Facebook ගිනුමක් විව්ෘත කරනවා කියලා. දැන් ඔවුන් ඒ වෙනකොටත් ඔබට හදලා තිබුනු shadow profile එක හරහා ඔබ දෙනවට අමතරව සෑහෙන විස්තර දැනටමත් දන්නවා, විශේෂයෙන්ම Facebook තියෙන ඔබේ අනික් යාලුවො කව්ද ආදිය. එනිසා ඔවුන්ට පුලුවන් ඔබව සැනින් ඔවුන්ට සමබන්ධ කරවන්න.
යාලුවො විතරක් නෙවෙයි, අර මම ඉහත කියපු cookies සහ වෙනත් විවිධ ක්‍රම මගින්, ඔබ ෆේබුක් වලට එන්නත් කලින් ඔබ ගැන සෑහෙන විස්තර shadow profile වල ගබඩා වෙලා තියෙන්නෙ.

මෙය පැහැදිලිවම ඔවුන් කරන්නෙ ඉතාම කාර්‍යක්ශමව මිනිසුන් එකිනෙකා සමග ජාල ගත කරවන්න. Facebook ඉන්න අයගෙ විස්තර Facebook තිබෙන එකේ ගැටලුවක් නැහැ මොකද අපි කැමැත්තෙන් ඒ දත්ත බෙදා ගන්න නිසා. නමුත් Facebook ගිනුම් නැති අයගෙ විස්තර ඔවුන් ගාව තියා ගන්නෙ මොන එකඟතාවයක් යටතෙද? මේ තමයි Facebook එක ලොකු අසීරුතාවයකට ලක් කරපු ගැටලුව.



අපිට කරන්න පුලුවන් දෙයක් තියෙද මේකට?

දැන් ඔබට ගැටලුවක් එනවා ඇති ඔබේ පැත්තෙන් යමක් තියෙද මේ සමබන්ධව කරන්න කියලා. cookies හරහා ඔබේ විස්තර වෙබ් අඩවියෙන් අඩවියට යන එකේ ලොකු ගැටලුවක් නැහැ.. එය හැම වෙබ් අඩවියකම වගේ වෙනවා. නමුත් එලෙසින් තම්න්ට targeted ads එනවට අකමැති අයට පුලුවන් බ්‍රව්සර් එකේ third partry cookies නවත්තන්න බොහොම පහසුවෙන්. ඒ එක්කම Ad-blocker කියලා බ්‍රව්සර් එකට එකතු කරගන්න පුලුවන් add-on extensions  තියනව.

Facebook පැත්තෙන් ඔවුන් දැන් සෑහෙන උත්සාහයක් ගන්නවා කියලා පේනවා ඒ අයගෙ පැත්තෙන් වුන අඩු පාඩු හදා ගන්න. ඒ සමගම අපි දකිනවා අලුත් නීති වලින් Facebook පමනක් නොවෙයි, අනෙක් සමාජ ජාල සහ වෙබ් අඩවිත් නියාමනයකට ලක් වෙනවා. උදාහරනයක් විදියට මැයි 25දා යුරෝපා සංගමය General Data Protection Regulations බලාත්මක කරනවා.

ඔබේ පැත්තෙන් කරන්න පුලුවන් වැදගත්ම කාරනය මේ ගැන දැනුවත් වෙන එක.
ඒ දැනුවත් වීම තුලින් තමයි එම හානිකර තත්වයන් මහ හැර, සමාජ ජාල ඇතුලු අනිකුත් සයිබර් සේවාවලින් ප්‍රයෝජන ගත හැකි වන්නේ.

No comments:

Post a Comment