Wednesday, December 18, 2019

Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු!

Broadcast on 3ZZZ radio on 10 Nov 2018

මීට සති දෙක තුනකට පමන කලින්, සිඩ්නි නුවර Epping ප්‍රදේශයේ නිවසකට නිව් සවුත් වේල්ස් පොලිසිය කඩා පැන්නේ වයස 23ක කාන්තාවක් අත් අඩංගුවට ගන්න. ඒ සමගම ඇය සතුව තිබූ පරිගණක, දුරකථන, දත්ත ගබඩා උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ආදියත් පොලීසිය භාරයට ගැනුනා.
A Sydney woman has been charged after almost $500,000 of cryptocurrency was allegedly stolen through high-tech identity fraud.
A Sydney woman has been charged after almost $500,000 of cryptocurrency was allegedly stolen through high-tech identity fraud.CREDIT:NSW POLICE
ඇයට තිබුනු චෝදනාව සුලු පටු නැහැ. වයස 56 ක පුද්ගල්‍යෙක්ගෙ ඊමේල් ගිනුම හැක් කර, එය තම සන්තයට ගෙන ඒ මාර්ගයෙන් එම පුද්ගලයාගේ crypto-currency ගිනුමට ඇතුලු වී එහි තිබුනු රිපල් ලක්ශයක සම්පුර්‍ර්ණ මුදලම චීන මුදල් හුවමාරුවක් හරහා bitcoin cypto-currency (BTC) ලෙස සොරා ගැනීම. මෙම හුවමාරු වු ක්‍රිප්ටො මුදල් ඒකක ගණනේ ව්‍යවහාර වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 450, 000 ක්.
පොලිසිය මේ සොරකම කල තරුණිය සොයා මාස නමයක් පරීක්ශණ කටයුතු සිදු කලා.

මේ සිදුවීම අද මම මතක් කලේ විශේෂ කාරනා දෙකකට. පළමු කාරනය ඔබගේ ඊමේල් ගිනුම ආරක්ශා කර ගැනීමේ වැදගත්කම. ඔබ ගැන අති විශාල තොරතුරු ප්‍රමානයක් ඔබගේ ඊමේල් ගිනුමෙ අන්තර්ගතයි. ඔබගේ ඩිජිටල් අයිඩෙන්ටිටි එකේ කේන්දර්ස්ථානය එයයි. ඔබ භාවිතා කරන වෙනත් අන්තර්ජාල සේවාවක password එක වෙනස් කරත් එය එන්නෙ ඔබේ ඊමේල් ගිනුමට.
ඊමේල් ගිනුම ආරශාක්ශා කර ගැනීම වෙනුවෙන් ඉතා පහසු ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධාන කිහිපයක් සඳහන් කරන්නම්, ඔබ ඒ ගැන දැණුවත්ද, එලෙසින් ආරක්ශිතද කියලා ඔබ ම තීරනය කරන්න.

Two Factor Authentication (2FA)
ඔබේ ඊමේල් ගිනුම සහ වෙනත් ෆේස්බුක් වැනි ගිනුම් 2 Factor Authentication වලින් ආරක්ශා කර ගන්න. මෙයින් වෙන්නේ, ඔබ අලුත් තැනකින් හෝ උපාංගයකින් ලොග් වෙන වෙලාවට ඔබේ පාස්වඩ් එකට අමතරව ඔබේ ෆෝන් එකට එන කෝඩ් එකක් හෝ notification එකක් හරහා එම login උත්සාහය තහවුරු කිරීම. ඉතින් ඔබේ පාස්වඩ් එක වෙන කෙනෙක් අතට ගියත් ඔබේ ගිනුමට ඔවුන්ට login වෙන්න බැහැ ඔබේ ෆෝන් එක ඔවුන් සන්තකයේ නැති නිසා.

Password Manager and avoiding scam emails
මීට අමතරව අපි කවදත් සඳහන් කරනවා වගේ ආරක්ශිතව පාස්වඩ් කලමනාකරනය කර ගන්න Password Manager එකක් භාවිතා කිරීම සහ සැක සහිත scam ඊමේල් වලට click කිරීම වැනි ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටීම ඉතා වැදගත්.

මේ සිදුවීම හා බැඳුනු අනික් කාරනය තමා බිට්කොයින් කොයින් වැනි ක්‍රිප්ටො කරන්සි ගැන සමාජයේ තියෙන අඩු දැනුවත්භාවය.
" අනේ අපි නම් මේ ක්‍රිප්ටො කරන්සි භාවිතයක් නැති නිසා අපිට ඉන් බලපෑමක් නැහැනෙ" කියා ඔබ දැන් හිතනවත් ඇති.

නමුත් ඔබ දන්නවාද මීට සති කිහිපයකට කලින් මෙල්බර්න් නගරයේ පුද්ගලයන් හතර දෙනෙක් ලවා ඩොලර් 50,000 ට අධික මුදලක් බිට්කොයින් ATM යන්ත්‍ර හරහා සොරකම් කියලා වාර්තා වුන වග. ඔවුන් බිට් කොයින් යනු කුමක්දවත් නොදන්නා ඩැන්ඩනොන්ග් ප්‍රදේශයට මෑතකදි පැමිණි අහිංසක සංක්‍රමනිකයන්. රජයේ නිලදාරීන් විදියට පෙනී සිටි සොරුන් ඉමේල් හරහා හෝ දුරකතන හරහා ඔවුන්ට පවසා සිටියේ රජයට ගෙවිය යුතු විශාල ණය ප්‍රමානය ඉතා එක්මනින් ගෙවුයේ නැත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන වගයි. මින් තැති ගත් මේ සංක්‍රමනිකයන් ඉතා එකමනින් ඔවුන්ගේ උප්දෙස් පරිදි තමන්ගේ මුදල් විශාල ප්‍රමානයක් බිට් කොයින් ඒ ටී එම් හරහා සොරුන්ට යවා තිබෙනවා. ඔබ දන්නවා බිට් කොයින් කියන්නේ නිර්නාමික මුදල් ඒකකයක්. එහි මුදල් ලැබෙන්නා හොයා ගන්න බැහැ. එනිසයි මේ ක්‍රමයෙන් මුදල් සොරකම් කිරීම සුලභ.

Image result for bitcoinඔස්ටේලියානු රජයේ වාර්තාවලට අනුව වසරකට ඩොලර් මිලියන 2ක පමණ ක්‍රිප්ටො කරන්සි ආශ්‍රිත සොරා ගැනීම් වාර්තා වෙනවා.
එනිසා ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඉතා වැදගත්. රජයෙන්, බැංකුවෙන් හෝ වෙනත් පාලනාධිකරයකින් ඔබව හදිස්සි කරවා හෝ තැති ගන්වා email එකකට ප්‍රතිචාර දැක්වීම, යම් වෙබ් අඩවියක් වෙතට යාමට හෝ හදිසි මුදල් තැන්පතුවකට ඔබව යොමු කරනවා නම් ඊට ප්‍රතිචාර නොදක්වන්න.
ඒ ගැන අදාල ආයතනයෙන් කෙලින්ම විමසා සිටින්න.

සයිබර් සොරුන් විවිධ ක්‍රම හරහා කුරුමානම් අල්ලද්දී, අපි ඊට පියවරක් ඉස්සරහින් නොසිටියොත් අපි අනතුරේ.

Sources
1.Sydney-woman-charged-over-450k-cryptocurrency-theft

2. victims-lose-50k-in-bitcoin-scam-in-melbourne-s-west

No comments:

Post a Comment