Wednesday, December 18, 2019

Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහන‍යක්!

Broadcast on 3ZZZ radio on 25 Nov 2018

ටැබ්ලට් එකක් හෝ ස්මාට් දුරකථනයක් අතැතිව සිටින දරුවෙක් දෙස මද වේලාවක් බලා සිටින්න. එම තිරයෙන් එන ආලෝකයේ නිමග්න වෙලා තමන්ගේ දල්වා ගත් ඇස් ඉතා වේගයෙන් තිරය මත දුවමින්, ඇඟිලි තුඩු මඟින් තිරය සමඟ ගනු දෙනු කරමින් වෙනම ඩිජිටල් ලෝකයක සිරව සිටිනා ඔවුන් ගැන ඔබට කුමක්ද හිතෙන්නේ?
ලැබෙන හැම මොහෙතෙම ස්මාට් දුරකථනය වෙතට එබිකම් කරනා, සමාජ ජාල හෝ වෙබ් අඩවි මත ඉහල පහල යන ඔබත්, මාත් ඒ දරුවන්ට වඩා වෙනස් වන්නේ කොපමනකින්ද? තිර මතට යොමු වුන බාල, තරුන, මහලු සැමගේ සාමාන්‍ය අවධාන කාල පරාසය (attention span) තත්පර 8ක් දක්වා අඩු වී ඇති බව ඔබ දන්නවාද? එය සත්ත්ව ලෝකයේ එම අගය අඩුවෙන් තිබූ ගෝල්ඩ්ෆිශ්ව පවා තත්පරයකින් පරාද කිරීමක්.

මෙම ඩිජිටල් ඇබ්බැහිය එක්ක එන දිගු කාලීන හානිය පර්‍යේශන මඟින් ඔප්පු කරන්නට ප්‍රමානවත් කාලයක් තාම ගෙවිලා නැහැ මොකද ඒ වෙනුවෙන් අඩු ගානෙ අවුරුදු 25කවත් විධිමත් ව එකතු කරපු දත්ත තියෙන්න ඕනේ... නමුත් ඔබ දන්නවා මේ නව ප්‍රවනතාවය, විශේෂයෙන්ම අතේ ගෙන යා හැකි ස්මාට් උපාංග දියුනුවත් සමඟ පැමිණි ාලුත් තත්ත්වය මතු වෙලා තවම අවුරුදු 10-15ක් වගේ කාලයක්.
නමුත් මේ ගැන පර්‍යේශන පවත්වන ප්‍රවීනයන්ට අනුව මින් වෙන හානිකර තත්ත්ව ගැන දැනටමත් සොයා ගත් කරුණු නම් අතිශය බිය ගන්වන සුලුයි.

සිඩිනි විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය ලින් ග්‍රිබල් මහත්මිය සම්මානනීය ලේඛිකාවක් සහ මේ ක්ශේස්ත්‍රයේ ප්‍රවීනියක්. ඇය මෑතක ප්‍රසිද්ධ දේශනයකදී සඳහන් කලේ නිතර, නිතර මෙම උපාංගවලට ආසක්තව සිටීමෙන් මානසික අසහනය වැඩි වෙන බව. අපි ඇයට මොහොතකට සවන් දෙමු.

"If you are a person who constantly checks your phone, here is some really bad news. It's increasing your anxiety. We also what happens is that often people check their phones because it makes them feel busy. Because we can't actually do 2 things at once.."


ඩිජිටල් ඇබ්බැහිය සමඟ එන ඇය ඉහත සඳහන් කරන මානසික ආතතිය ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මින් වැඩිම හානියක් වෙන්නෙ තරුණ වයසෙ දරුවන්ට.
ඕනෑම ඇබ්බැහියකට අවශ්‍ය මූලික කාරනා කිහිපයක් තියෙනවා.. ඉන් මූලිකම වන්නේ ශීග්‍රයෙන් ලැබෙන ප්‍රමෝදය (rapid rewarding). facebook, Instagram, Snapchat ආදියේ likes, shares, comments ආදිය මත ඒ අය යැපෙන්න ගන්නෙ මේ නිසයි.. මේ මොහොතේ මොළයේ නිපදවෙන dopamine රසායනිකය, සූදුව සහ මත් ද්‍රව්‍ය ආදිය භාවිතයේදී ඇතිවන රසායනිකයමයි. ඇබ්බැහිය ඇති කරන මූලිමක සංඝටකයක් dopamine.
ඒ වගේම නිතරම සමාජ ජාලා තුල තමාව ඉස්මතු කරමින් අන් අයගේ අවධානය අනිසි ලෙස ගැනීම narcissism කියන මානසික තත්වයේ මූලික රෝග ලක්ශණයක්.

මේ ඇබ්බැහියේ අවසානය වන්නේ සාමාජීය, ආර්ථික කාරනාවලට අමතරව මානසිකවත් පිරිහීම. තිරයෙන් එපිට ලෝකයත් එක්ක මානුශික සම්බන්ධතා නැති පතුලක් රහිතව ඉහල පහල යන feed එකක් විසින් සිතට උරුම කල අත්ෘප්තියක්, හිස්බවක් සහ අසහනයක්.

මේ වෙනුවට ඇය විසඳුමක් යෝජනා කරනවා. ඒ තමයි දුරකථනයෙන් ඈත් වෙලා විනාඩි විස්සක්, තෝරා ගත් එක දෙයක් කිරීම. එය පොතක් කියවීම, චිත්‍රයක් ඇඳීම, සංගීතය, ගායනය, භාවනාව හෝ සමහර විට එලි මහනෙ ඇවිදීම වගේ දෙයක් වෙන්න පුලුවන්.. එම කාලය තුලදී, ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වය පණ ගැන්වී, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරනය කුලු ගැන්වෙන ආකාරය ඔබව මවිත කරාවි යැයි ඇය සඳහන් කරනවා. ඔබත් සූදානම්ද ඇයගේ මෙම විනාඩි 20 අභියෝගය භාර ගන්න.

තාක්ශණයේ දියුණුව විශ්මිතයි, ඉන් අපිට ඈත් වෙන්නට බැහැ කිසි ලෙසකින්. ගැටලුව තියෙන්නෙ එහි භාවිතයේ නොවේ. එහි සීමාවන් නොදැන, තාක්ශණය හිලෑ කර ගැනීම වෙනුවට තාක්ශණයේ ගොදුරු බවට තමන්ම පත් වීමයි.


මූලාශ්‍ර


No comments:

Post a Comment