Wednesday, December 18, 2019

Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls


මගේ පුතාට වයස 14යි..
ඔහු teenager කෙනෙක් වුනාට පස්සෙ තමන්ටම කියලා ස්මාට්ෆෝන් එකක් තබා ගන්න ඔහුට අවසර ලැබුනා..නමුත් කොන්දේසි කිහිපයක් එක්ක. ඒ කොන්දේසි මූලිකවම කේන්ද්‍ර ගත වුනේ ඔහුගේ ාඅරක්ශාවට කියලා ඔහුට මුලින්ම පැහැදිලි කරලා දුන්නා.. එහි ප්‍රධානම කොන්දේසියක් වුනේ උපාංගයේ ආරක්ශාව වෙනුවෙන් ඇන්ටි -වයිරස් ඇප් එකක් සහ ඔහුගේ තිර කාලය අදීක්ශණ‍ය වෙනුවෙන් Parental Control Software භාවිතා කිරීමට ඔහුගේ කැමැත්ත ලබා ගැනීම.

ඔව්.. අපි අද කතා කරමු Parental Control Software ගැන..

මුලින්ම කියන්න ඕනෙ මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ එලෙස ඔබ සමහර දෙනෙකුට හැඟුනත්. මෙය ඉතා පහසුවෙන් install කර, තමන්ට කැමති ආකාරයෙන් එය සීරු මාරු කිරීමට අව්ශ්‍ය පහසුකම් සහිතව ඉතා හොඳ මට්ටමේ Parental Control Software වෙළඳ පොලේ තියෙනවා. එය විවිධ මිල ගනන්වලට වගේම නොමිලේ පවා ලබා ගන්න පුලුවන්. නමුත් මම යෝජනා කරන්නෙ නම්, ාන්තර්ජාලයේ ඇති reviews කිහිපයක් පරිශීලනය කරලා තමන්ගෙ පවුලට සුදුසු යැයි හැඟෙන, ප්‍රධාන පෙලේ සමාගමක paid software එකක් භාවිතා කිරීම වඩා සුදුසු බවයි. ඩොලර් 50-100 අතර ඉතා හොඳ මට්ටමේ software ඔබට ඉතා පහසුවෙන් සොයා ගන්නට පුලුවන්.

මේ අතරම මතක් කරන්න ඕනෙ ඇපල් උපාංග භාවිතා කරන දරුවන්ගේ තිර කාලය පාලනය කරන්නට සහ අනාරක්ශිත වෙබ් අඩවි වලට යාම පාලනය කරන්නට අවශ්‍ය මූලික මට්ටමේ parental controls දැනටමත් එහි නොමිලේම අන්තර්ගතව තියෙනවා. එය Screen Time settings හරහා ඔබට සක්‍රිය කර ගන්න පුලුවන්. වින්ඩෝස් පරිගණක වලත් මෙලෙසින්ම නොමිලේ මූලික මට්ටමේ parental controls අඩංගුව තිබෙනවා.
නමුත් අද දවසේ බොහෝ දෙමාපියන්ට තියෙන ගැටලුවක් තමා දරුවන් විවිධ උපාංග භාවිතා කිරීම, උදාහරනයක් විදියට මගේ පුතා වින්ඩෝස් පරිගණකයක්, අයිපෑඩ් එකක් සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් භාවිතා කරනවා දිනපතා. මේ උපාංග වලට වෙන වෙනම parental controls භාවිතා කිරීම කිසිසේත් ප්‍රායෝගික නැහැ. මේ නිසා තමයි විවිධ මෙහෙයුම් පද්ධති හරහා එක විදියටම යොදා ගන්න පුලුවන් ම්ෘදුකාංග (cross-platform software) අපෙ පිහිටට එන්නෙ.

මම භාවිතා කරන software එකේ නම මම හෙලි කරන්නෙ නැහැ මොකද එය සන්නාම ප්‍රවර්ධනයක් (brand promotion) වෙන්න පුලුවන් නිසා. නමුත් එහි මූලික අංග ටිකක් මෙහි සඳහන් කරන්නම් - එය ඔබට බොහෝ විට ප්‍රයෝජනයක් වේවි මෙහි ක්‍රියාකාරිත්වය තේරුම් ගන්න. එය මූලිකවම cross-platform - එනම් ඔහු භාවිතාකරන සියලුම Windows, Apple, Android උපාංග ඉන් අදීක්ශණය වෙනවා. එය මූලිකවම Anti-virus software එකක්.. එනිසා ඉන් ඔහුගේ උපාංග සියල්ල ආරක්ශා වෙනවා.
එලෙසම ඉන් ඔහුට සමහර අවදානම් ගැන දැනුවත් කිරීම කරනවා.. උදාහරනයක් විදියට අනාරක්ශිත Wifi networks සමග නොදැනුවත්ව සම්බන්ධ වෙන්නට උත්සාහ කිරීමේදී ඒ සම්බන්ධව අදාල සොෆ්ට්වෙයාර් එකෙන් ඔහුට alert කිරීම සම්බන්ධව ඔහු කතා කලේ බොහෝ ප්‍රසාදයෙන්.

අපිට දරුවන් යන හැම වෙබ් අඩවියකටම ඇහැ ගසා ගෙන ඉන්න බැහැ.. ඔවුන්ට නුසුදුසු වගේම malware අඩංගු වෙබ් පිටු මිලියන ගනනින් අන්තර්ජාලයේ තියෙනවා.. Web Blocking හරහා මෙවැනි වෙබ් අඩවි වලටා යාම නවතනවා පමනක් නොවේ ඒ සම්බන්ධව දෙමාපියන් දැනුවත් කරනවා.
මීට අමතරව Instant Messaging, Social Networking අදීක්ශනය කිරීම,  excessive screen time වලකමින්    Time Limits ක්‍රියාත්මක කිරීම, Game blocking, Email Blocking, Program Blocking හරහා දෙමාපියන්ට අවැසි පරිදි, දරුවන්ට අවදානමින් තොර සහ සමබරතාවයකින් යුත් තිර කාලයක් ලබා දෙන්නට පුලුවන්. curfew times හරහා දවසේ යම් වේලාවකට පසු කිසිම උපාංගයක් භාවිතා කිරීම වැලැක්විය හැකියි. ඒ එක්කම Location Tracking හරහා දරුවා සිටින ස්ථානය බලා ගැනීමට හැකියාවත් මෙම සොෆ්ට්ව්‍යා බොහොමයකින් ලබා දෙන තවත් පහසුකමක්.

නමුත් එක් දෙයක් පැහැදිලිවම කියන්න ඕනෙ. තාක්ශණයට හැම දේම කරන්න බැහැ.. මේ තාක්ශණය යොදා ගත් පමනින් ආරක්ශාව සහත්‍යිකයි කියන්නත් බැහැ.. අප cyber security රැකියාවේදී, නිතර සඳහන් කරන එකිනෙකිට බැඳුනු අංග තුනක් තියෙනවා, ඒ තමයි People, Process and Technology. Technology, ඒනයින් ඒ තුනෙන් එකක් පමනයි, සියල්ල නෙවෙයි. මෙය නිවසටත් අදාලයි.
දරුවා එක්ක මූලිකව මේ ගැන සාකච්ඡා වෙන්න ඕනෙ.. ඒක අමාරුයි.. ඇත්ත.. නමුත් එය ඉතා වැදගත්. මෙය ඔවුන්ගේ ආරක්ශාවට මිස ඔවුන්ව පීඩනයට ලක් කිරීමට සහ ඔවුන්ගේ නිදහස සීමා කිරීමට ගෙනා දෙයන් නොවන වග ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනෙ. තියෙන සියලුම features ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නැහැ.. උදාහරනයක් විදියට මෙම පුතාගේ වයසට අදාලව සිස්ටම් එකෙන් ලබා දුන් screen time restrictions සහ curfew times මම ලිහිල් කලේ ඔහු ඉදිරියෙමයි.. ඒ සමග මෙය ක්‍රියාත්මක කිරීමට ඔහුගෙ විශ්වාසයත්, සක්‍රිය දායකත්වයත් මට ලැබෙනවා.. ඒ තමයි Technology සාර්ථක කරන්න උවමනා වෙන People/Process උත්ප්‍රේරකය.

දරුවන් අපට වඩා තාක්ශනයට ලඟයි.. එනිසා තාක්ශනය හරහා රිංගා යාමට තාක්ශනයම යොදා ගන්න එක ඔවුන්ට අපහසු කාර්‍යයක් නොවේ..
දරුවන් පාලනය කර, තර්ජනය කර මේ හානියෙන් ඔවුන් බේරා ගන්නවා වෙනුවට, ඔවුන්ට කරුනු වටහා දී ඔවුන්ගේ සහයෝගයත් සමඟ වඩා යහපත් සයිබර් අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණැ විය යුත්තේ එනිසයි.

No comments:

Post a Comment