Wednesday, December 18, 2019

Episode 43: නව වසරේ පාසල් ලමුන්ට ජංගම දුරකථන තහනම්..

Broadcast on 3ZZZ radio on 30 June 2019

මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන.
ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්‍රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වාරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන පාසලක් වන Mackinnon Secondary College හි පැවති වැඩටහනකදි. එදිනම ප්‍රාන්ත රජයේ නිල වෙන් අඩවියේ මාධ්‍ය නිවේදනයක් ලෙසද එය ප්‍රසිද්ධ කරන ලදී. එම නිවේදනය ආරම්භ වනේ මෙලෙසිනි.

Mobile phones will be banned for all students at Victorian state primary and secondary schools from Term 1 2020, to help reduce distraction, tackle cyber bullying and improve learning outcomes for students.

එම නිවේදනයේ වැඩි දුරටත් රජය සඳහන් කලේ , පාසල් කාල වේලාවේදී ජංගම දුරකතන භාවිතය හරහා දරුවන්ගේ අවධානය විසිරීම සම්බන්ධ දෙමාපිය සහ පාසල් ප්‍රජාවන් නිතර මැසිවිලි නැගීම මෙම තීරනයට හේතු වූ වගයි.
පාසල් ආරම්භයේ සීනුව නාද වීම සමඟ දරුවන් තම ජංගම දුරකථන ලොකර්වල දමා ආ යුතු අතර, ඔවුන්ට එය නැවත් අතට ගත හැක්කේ අවසාන සීනුව නාද වීමෙන් පසුවය. අද්‍යාපනික කටයුතු සඳහා ගුරු භවතුන් ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර දෙන අවස්ථාවලට මෙම වාරණැය අදාල නොවන බව එම නිවේදනයේ තව දුරටත් සඳහන් විය.

මේ හරහා පාසල් වේලාවේදී දරුවන්ගේ අවධානය වැඩිපුර අද්‍යාපන කටයුතු කෙරෙහි රඳවා ගැනීම සහ සයිබර් බුලීන් ආදිය නතර කර ගැනීමෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට යහපතක් වෙන බව රජය පෙන්වා දෙනවා. නමුත් මෙම තීන්දුව තරමක් විවාද සම්පන්න බව ඔබට පැහැදිලි ඇති.

විශේෂයෙන්ම මේ නීතිය පාසල් ක්‍රියාත්මක කිරීමේදී, එය කෙතරම් දුරට ප්‍රයෝගික වෙයිද යන කාරනයත්, පාසල් කාල වේලාවේදී දුරකථනවලින් ඈත් කල පමණින් සයිබර් බුලීන් ආදිය සිදුවීම එසේ පහසුවෙන් නතර කල හැකිද යන කාරනා සම්බන්ධව. මෙලෙසින් සම්පූර්ණයෙන් භාවිතය තහනම් කිරීම හරහා තක්කශනය යොදා ගෙන දරුවන් අද්‍ය්‍යපනයේ නව මං සාදා ගැනීමටත් ඉන් වැට බැඳෙන බවත් සමහරුන් පෙන්වා දෙනවා.
උදාහරනයක් විදියට මෙවැනි වාරනයක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අද්‍යයනයක් කල නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය, අවසානයේ එය ක්‍රියාත්මක කරන්න තීරනය කලේ ප්‍රාථමික පාසල් වල පමණයි. ද්විතීයික පාසල්වලට එවැනි වාරනයක් ක්‍රියාත්මක නොකරන්නට හේතුව ඔවුන් සඳහන් කලේ මෙසේයි.

We recognise that technology plays an important and increasing role as students progress through their education […] We want to give secondary schools the flexibility to balance the benefits and risks of technology in the way that best supports their students.

ඇමරිකාවේ නිව් යෝක් ප්‍රාන්තයේත් වසර 2006 සිට ක්‍රියාත්මක වූ මෙම වාරනය ඔවුන්ට 2015 වසරේදී ඉවත් කරන්නට සිදු වුනා. වික්ටෝරියානු රජයත් ලබන වසර අවසානයේ මෙම තීන්දුව ගැන නැවත සළකා බැලීමක් කරන බවත් ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයෙ සඳහන් වුනා.

එනිසා ඉතාම වැදගත් කාරනය වන්නේ දරුවා අත උපාංගය තියෙනවාද, ගන්නවාද කියන කාරනයට වඩා එය ආරක්ශාකාරීව සහ වගකීමකින් යුතුව විනෝදය/දැණුම අතර සමතුලිතතාවයක් සමඟ භාවිතා කරන්නේ කෙසේදැයි යන්න ගැන දරුවාට ලබා දෙන අවබෝධය මතයි.

No comments:

Post a Comment