Wednesday, December 18, 2019

Episode 31: තිරවලින් එන නිල් ආලෝකය ඇස් වල සෛල විනාශ කරනවා

Broadcast on 3ZZZ radio on 01 Sep 2018

පරිගණක තිර හෝ ස්මාට් දුරකථනවලින් නිකුත් කරන නිල් ආලෝකය ඇස් වලට හානිකර බව සාමාන්‍යයෙන් පිලිගෙන තිබුන මතයක් වුනත්, මේ සම්බන්ධව විධිමත් පර්‍යේශනාත්මක අනාවරණයක් සිදු කෙරුනේ ඉතා මෑතකය.
මෙම පර්‍යේශණය පිටුපස සිටි කන්ඩායමේ නියමු මහාචාර්‍යවරයා ඇතුලුව කන්ඩායමෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීමත් මේ සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී කාරනයක්. 
මේ පර්‍යේශන වාර්තාව වෙත බටහිර මාධ්‍ය ඉතා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ නිල් ආලෝකයෙන් ඇස්වල දෘශ්ටි විතානයට කරන බලපෑම ඔවුන්ගේ පර්‍යේශන හරහා කරුනු සහිතව සායනිකව සනාථ කල නිසයි.

එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ටොලීඩෝ සරසවියේ මහාචාර්‍ය අජිත් කරුනාරත්න මහතා සහ ඔහුගේ පර්‍යේශන කන්ඩායම හෙලි කරන පරිදි මෙම එලෙක්ට්‍රොනික තිර මගින් නිකුත් කරන කෙටි තර්ංග ආයාමයක් සහිත් නිල් ආලෝකය වැඩි වශයෙන් නිරාවරනය වීමෙන් ද්ෘශ්ටි විතානයේ macular degeneration  රෝගී තත්වයක් ඇති කරනවා. මෙය බොඳ වූ දර්ශනයක් හෝ අන්ධභාවයක් දක්වා වර්ධනය විය හැකි බවයි ඔවුන් පවසන්නෙ.   

Scientific Reports සඟරාවේ ඔවුන් ප්‍රකාශ කරම ලද පර්‍යේශන වාර්තාවට අනුව නිල් ආලෝකය මගින් ඇත්තටම කරන්නේ ද්ෘශ්ටි විතානයේ ඇති, අපේ පෙනීමට අදාල ප්‍රකාශ සෛල හෙවත් ලයිට් සෙන්සිටිව් සෙල්ස් විනාශ වී යාමෙන්. එම සෛල වල ද්ෘශ්ටියට අදාල සංවේදනය ඇති කර, මොළැයට අදාල පනිවිඩය යැවීමට අත්වශ්‍යම සංඝැටකය තමයි   විටමින් ඊ අඩංගු රෙටිනල් අනුක (retinal molecules). නිල් ආලෝකය මගින් මෙම රෙටිනල් මොලකියුල්ස් විනාශ වෙන ආකාරය මෙම වාර්තාවේ සවිස්තරව පෙන්වා දී තිබෙනවා.

මේ ගැන තව දුරටත් කරුනු පැහැදිලි කරන පර්‍යේශන කන්ඩායමේ ශිෂ්‍ය කසුන් රත්නායක පෙන්වා දෙන්නේ& ද්ෘශ්ටි විතානය මතට නිල් ආලෝකය එල්ල කරද්දී මෙම රෙටිනල් අණුක දියවෙන අතරේ, ාඅලෝකප්‍රතිග්‍රාහක සෛල එනම් ෆොටෝරෙසෙප්ටර් සයිල විනාශ වෙන ආකාරය ඔවුන් නිරීක්ශනය කල බවයි. මෙම විනාශ වෙන සෛල නැවත කිසිලෙසකින් ප්‍රතිනිර්මානය නොවන බව කසුන් වැඩිදුරටත් සඳහන් කලා. nbsp;

මහාචාර්‍ය කරුනාරත්නට අනුව අමෙරිකාවේ පමනක් වසරකට මැකියුලර් ඩිගෙනෙරේශන් ආශිත ‍රෝගී තත්ව මිලියන දෙකකට වඩා වාර්තා වෙනවා. අතිශය වැඩි වශයෙන් තාකශනය දෙසට යොමුවන දරුවන්ගේ ඇස් ආරක්ශා කරන්නට යොදා ගත හැකි ප්‍රතිකාරක වෙනුවෙන් මෙම පර්‍යේශන් තමන් යොමු කරන වගයි මහාචාර්‍යවරය සඳහන් කරන්නේ..

මෙම හානිකර ත්ත්වයන්ගෙන් වැලකීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මහාචාර්‍ය කරුනාරත්න මේ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එලි මහනේදී නම් නිල් ආලෝකය සහ යූවී ආලෝකය කපා දැමිය හැකි අව් කන්නාඩි භාවිතා කල යුතු බවත් විශේෂයෙන්ම අඳුරේ පරිගණැක තිර හෝ ජංගම දුරකථන තිර නොබලන ලෙසත්ය.
ඒ සමගම මින් නින්දට කරන බලපෑම නිසා නින්දට පැයකට කලින්වත් මෙම තිර වලින් දෑස් ඉවත් කර ගැනීම සහ එය ඔබේ දරුවන්ටත් හුරු කරවීම දෛනිකව සිදු විය යුතුම කාරනයක්.
කොහොම වුනත් දරුවන්ගේ නිදන කාමරයෙන් ඔවුන් නින්දට යාමට කලින්ම ඉවත් කර තැබීම නුවණට හුරුයි..

No comments:

Post a Comment