Wednesday, December 18, 2019

Episode 48: "හලෝ, මේ කතා කරන්නෙ පල් හොරෙක්!"

Broadcast on 3ZZZ radio on 29 Sep 2019

අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ.
බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැනුමක් නැති ඔවුන්, ඔවුන් ඉදිරියේ මතු වෙන හැම දෙයක්ම ගන්නෙ ඇත්ත විදියට. ඉතින් ඔවුන්ගෙ පරිගණකයේ ලොකු ගැටලුවක් තියෙනවා, ඒක හදන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න හෝ මේ අංකයට ඇමතුමක් ගන්න කිව්වොත්, ඔවුන්ගෙන් අති බහුතරය ඊට අවනත වෙනවා. නමුත් ඔවුන් දන්නෙ නෑ මේ උදව්වට එන්නෙ සයිබර් හොරුන් කියලා.
ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?
අද අපි ඒ ගැන කතා කරමු.


මීට සතියකට පමන කලින් නිව් යෝර්ක් නගරයේ ප්‍රාන්ත අධිකරනයක් මෙවැනි සයිබර් හොරුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැණීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කලා. එහි ශී‍ර්ශ පාඨය කියවුනේ මෙලෙසයි.
Two Defendants Arrested In $10 Million Tech Support Fraud Scheme
Technical Support Scheme Deceived More Than 7,500 Victims Across the United States and Canada, Many of Whom Are Elderly, into Paying for Phony Computer Repair Services

මෙයින් වැඩිදුරටත් සඳහන් වුනේ, මෙලෙසින් අත් අඩංගුවට ගත් සාමාජිකයන් දෙදෙනා, ඇමරිකාව සහ ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින්, වසර තුනක් පුරාවට ඇමරිකාව සහ කැනඩාව පුරා බහුතරයක් වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් 7500ට ආසන්න පිරිසක් රවටමින් ඇමරිකාන ඩොලර් මිලියන් 10ට ආසන්න මුදලක් නීති විරෝදී ලෙස උපයාගෙන ඇති වගයි. මෙය සිදු වුනේ කොහොමද?

තමන්ගේ පරිගනකයේ වයිරසයක් ඇතැයි කියමින් උඩට මතු වෙන පනිවිඩයක් දැක wadihiti pariganaka bhawitha karannan කලබල වෙනවා. එයින් කියවෙනවා, පරිගනකයේ ලොකු ගැටලුවක් තිබෙන බැවින් වහාම අදාල අංකයට කතා කරන ලෙසth. එසේ නොකලහොත් පරිගනකyei දත්ත සියල්ල විනාශ වී, පරිගනකයට විශාල ලෙස හානි විය හැකි බවට ඉන් අන්තුරු හැඟ වෙනවා. නමුත් මේ මොහොත වෙන විට පරිගනකයේ කිසිම ගැටලුවක් නැහැ. අර වගේ පනිවිඩ සමහර වෙබ් අඩවි වලට ගියාම මතු වෙන ලෙසින් සයිබර් හොරුන්ම සකස් කරලා තියෙන්නෙ. මේ පනිවිඩ ඇත්ත මයික්‍රොසොෆ්ට් ලාංචනය පවා අමුනා එවන නිසා එයට බොහෝ දෙනෙක් නිරන්තරයෙන් රැවටෙනවා.

මෙලෙසින් කලබලයට පත් වෙන අය මේ හොර ටෙක් සපෝට් එකට කතා කරන විට, එය ඇත්තම කෝල් සෙන්ටර් එකක් විදියටම ඔවුන් ක්‍රියාත්මක කරන්නෙ. බොහෝ විට Microsoft, Apple, Google, Dell saha HP වැනි තාක්ශනික දැවැන්තයන්ගේ නමින් ඔවුන් පෙනී සිටින්නේ. මේ අය බොහොම ඉවසිල්ලෙන්, කාරුනිකව ඔවුන්ට අමතන අයගෙ පරිගනකයට දුරස්ථව සම්බන්ධ වෙන්න කටයුතු කරනවා. මෙසේ දුරස්ථව සම්බන්ධ වී, පරිගනකය පරීක්ශා කර එහි නැථි ගැටලුවක් ඇති ලෙසින් පෙන්නා එය නිවැරදි කරන්නට ඔවුන්gen විශාල මුදලක් අය කර අන්තර්ජාලයේම නොමිලේ තිබෙන ඇන්ටි වයිරස් ස්කෑන් එකක් හරහා වයිරස් ප්‍රශ්නය විසඳූ බව පෙන්නමින් ඔවුන් ඇමතුම විසන්ධි කරනවා. මේ ගැන කිසිම සැකයේ මාත්‍රයක්වත් නොමැතිව මෙය සිදු වන නිසා, ඔවුන් සමහර වැඩිහිටි ඇත්තන් නැවත නැවතත් මේ වංචාවට හසු කරගෙන ඇථි බවත් හෙලි වී තිබුනා.

බොහෝ විට මෙම ව්‍යාජ කෝල් සෙන්ටර්ස් පිහිටා තිබෙන්නෙ ඉන්දියාවෙ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ පැමිනිල්ලකට අනුව පසු හිය වසරේ ඔක්තෝම්බර් මස කෝල් සෙන්ටර්ස් 12කුත්, එම වසරේම නොවැම්බර් කෝල් සෙන්ටර්ස් 24කුත් නීතියේ රැහැනට හසු කර ගන්නට ඉන්දියාවේ පොලීසිය සමත් වුනා. එනිසා ඔබට දැn පැහැදිලි ඇති මෙය කෙතරම් විශාල ලෙස ලොව වටා පැතිරුනු සයිබර් ජාවාරමක්ද යන වග.

මින් වැලකී සිටිය හැක්කේ කෙසේද?
මූලිකවම මෙලෙසින් වංචා සිදුවෙන බව ගැන දැණුවත් වීම අත්‍යවශ්‍ය කාරනයයි. එවිට එවැනි ඇමතුමක් ඔබට ලැබුනොත් හෝ එවැනි අංකයකට අමතන ලෙස පරිගනකයේ පනිවිඩයක් දර්ශනය වුව හොත් ඉන් කලබල නොවී, එය නොසලකා හැරීමට ඔබට සිහිපත් වෙනු ඇත.
කිසිම දිනෙක ඔබගේ පරිගනකය නොදන්න කෙනෙකුට දුරස්ථව පාලනය කිරීමට අවස්ථාව ලබා නොදෙන්න. වැරදීමකින් හෝ ඔබේ පාස්වඩ් එක එවැන්නෙකුට ලබා දුන්නේ නම්, පාස්වඩ් එක වහාම වෙනස් කර ගන්න. යම් ගෙවීමක් කරේ නම් ඔබගේ බැංකුව අමතා එම ගෙවීම නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරන්න.
පරිගණකයේ ඇත්තටම ගැටලුවක් ඇත්නම්, විශ්වාසනීය ආයතනයක් කෙලින්ම අමතා එයට සහය ලබා ගන්න.

මේ ගැන හැකි තරම්, අන්තර්ජාලය භාවිතා කරන ඔබගේ දෙමාපියන් හෝ ඔවුන්ගේ දෙමාපියන් දැණුවත් කරන්න.

සයිබර් හොරකමේ ඔවුන් මේ ඉලක්ක කර සිටින්නේ තාක්ශනික දැණුම අඩු අහින්සකම කාන්ඩයයි. එනිසා ඒ නිර්ලජ්ජිත සොරකමට එරෙහිව, ඔබට මට මෙලෙසින් දැණුම බෙදා ගනිමින් සටන් කල හැකි වේ. අංදුරු සයිබර් අවකාශයට අපි එලෙසින් ආදරයේ ආලෝකය එක් කරමු.



No comments:

Post a Comment