Wednesday, December 18, 2019

Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10

Broadcast on 3ZZZ radio on 13 Oct 2019

මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට.
මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse  the threat of Cyber Crime" කියලා.
ඇයි Together කියල කියෙන්නෙ? මෙච්චර දියුනු තාක්ශනයක් තියෙන ලෝකෙ ඇයි මේ සයිබර් හොරුන් තාක්ශනික උපක්‍රම යොදල අල්ලන්න බැරි? ඔබට එහෙම හිතෙනවා නම් ඒක සාධරණ ප්‍රශ්නයක්! නමුත් මේකට උත්තරේ නම් එච්චර ලස්සන එකක් නොවෙයි. මොන තාක්ශනේටත්වත් අපේ මෝඩකම් වහන්න බැහැ.. මේකta සයිබර් ආරක්ශන ක්ශේස්ත්‍රයේ ඉන්න අපි කියන්නෙ "Humans are the weakest link in the cyber security chain" කියලා..
ඇයි එහෙම වෙන්නෙ? උදාහරන කිහිපයක් අරන් පැහැදිලි කර ගමු.

කෙනෙක් එයාගෙ පාස්වර්ඩ් එක විදියට භාවිතා කරන්නෙ එකම එකක් කියලා හිතන්න. පාස්වර්ඩ් එකක් ඉල්ලන හැම තැණකම ඒක තමයි දෙන්නෙ.
එකම පාස්වර්ඩ් එක භාවිතා කරනවට අමතරව එයා ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන් two-factor authentication භාවිතා කරන්නෙත් නැහැ. ඒ කියන්නෙ ඔබේ ඊමේල්, බැංකු, සමාජ ජාල වැනි ඉතා වැදගත් ගිනුම් වලට අලුත් තැනකින් ලොග් වෙද්දි, දුරකථනයට එන කේතයක් හරහා ඒ ඔබමයි කියලා සහතික කර ගන්නා ක්‍රම වේදයක්. ඉතින් මෙය භාවිතා නොකර, එකම සරල පාස්වර්ඩ් එකක් හැම තැනකම භාවිතා කරන කෙනෙක්, එයාගෙ නොදැණුවත්කමෙන් ඒ පාස්වර්ඩ් එක සයිබර් හොරෙක් අතට dhunnoth, ඔහුගේ සියලුම ගිනුම් සයිබර් හොරාට නතු වෙනවා, එතනදි තාක්ශනයට ඔහුව බේර ගන්න බැහැ.
තව කෙනෙක් තමන්ගෙ සමාජ ජාලා ගිනුම් Public ලෙස පවත්වා ගන්නවා. තමන්ගේ උපන්දිනය, ලිපිනය, රැකියාව, ගෙදර අයගෙ විස්තර, රට යනවා නම් යන දවස, තමන්ගෙ පුද්ගලික රුචි අරුචිකම් ඔක්කොම ලෝකෙ ඕන තැනක ඉන්න කෙනෙකුට බලා ගන්න පුලුවන් wenna. ෛතින් ඒ වගේ කෙනෙක් අනන්‍යතා සොරකමකට (identity theft) එකකට ලක් වීම තාක්ශනයට විතරක් නවත්වන්න පුලුවන්ද?
Phishing scams ගැන දැණුවත් නැති අය තමන්ට එන ඊමේල්, sms ආදියෙ එන links click kiriima nisaa තමන්ගෙ ක්‍රෙඩිට් කාර්ඩ් විස්තර, පුද්ගලික විස්තර සයිබර හොරෙක්ට දෙන එක හෝ කප්පම් වයිරසයක් පරිගනකයේ ස්ථාපනය වෙන එක තාක්ශ්නයට විතරක් තනිවම නවත්වන්න බැහැ. නමුත් කෙනෙක් එය සැක සහිත බව දැකලා අදාල පාශව වලට දැනුම් දුන්නොත්, තාක්ශනය යොදාගෙන එම සයිබර් උවදුරට වෙන කෙනෙක් හසු වන්න පෙර ගලවාගන්න පුලුවන්.
දැන් ඔබට පැහැදිලි ඇති සයිබර් ආරක්ශනය සම්බන්ධව තාක්ශනය සමඟ අත්වැල් බැඳගෙන සයිබර් අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම අප සැමගේ සාමූහික වගකීමක් බව.

මේ සතියෙම තවත් විශේෂ දිනයක් යෙදිලා තිබුනා - ඒ තමයි ඔක්තෝම්බර් 10ට යෙදිලා තිබුන World Mental Health Day (ලෝක මානසික සෞඛ්‍යය දිනය).
කෙලින්ම එකට සම්බන්ධ බවක් නොපෙනුනත්, සයිබර් අවකාශය සහ මානසික සෞඛ්‍යය අතර දැන් දැන් වැඩි මුහුවක් පේන්න තියෙනවා . අපි දැන් නිතර දකිනවා අන්තර්ජාලය, සැඟවී, නිර්නාමිකව අනුන් වෙත වෛරය මුදා හරින්න බහුලව භාවිතා වෙන හැටි. සයිබර් බුලීන් දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙනවා. සංවිදානාත්මක online hate campaigns හරහා විරුද්ධවාදීන් මානසිකව කඩ වට්ටවන අවස්ථා සමාජ ජාලා හරහා ඔබත් දැක ඇති.
එනිසා එවැනි බියගුලු ප්‍රහාර අන්තර්ජාලයේ ඔබ වෙත එල්ල වෙනවා නම්, ඒ අයගෙන් ඈත් වෙන්න. ජීවිතය දෙස සුභවාදීව බලන්න සහ සිත නිවන දෙයකට යොමු වෙන්න ඕන තරම් තැන් අන්තර්ජාලයේම තියෙනවා. වෙන කෙනෙක් online hate වලට ගොදුරු වෙනවා දකිනවා නම් ඒ අයටත් මේ පනිවිඩය දෙන්න.
නිර්නාමිකව හෝ කීබෝඩ් පසුපස සැඟ ව එල්ලවෙන ප්‍රහාර නිසා මානසිකව කඩා වැටෙන අය වෙත අපි පෙන්වා දෙමු සයිබර අවකාශය තුලත් ඉන් පිටතත් තවමත් මනුස්සකම ජීවත් වෙන වග.


No comments:

Post a Comment