Sunday, December 29, 2019

Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence දඩය ඔබට එවනු ඇත.



ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා.  පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධ‍යයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා ගැන මාර්ගයේ දර්ශනය වෙන පුවරු මේ කැමරා සඳහා නොමැති අතර ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දර්ශන ලබා ගත හැකි ස්ථාවර සහ ජංගම කැමරා පද්ධතියක් මීට ඇතුලත්.
ඔබත් සමහර විට නිවාඩු කාලයට සිඩ්නි නගරයට වාහනය පදවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි.   නමුත් කලබල වෙන්න එපා. නිව් සවුත් වේල්ස් රජය මුල් මාස 3ක කාලය පුරාවට, වැරදිකාර පාර්ශව වෙත එවන්නේ 'අවවාදත්මක ලිපියක් පමනයි'. ඒ කියන්නෙ මේක 3 months grace period එකක්. එම කාලයෙන් පසුව, කැමරා හරහා නීතියේ රැහැනට හසු වෙන රියදුරන්ට $344 ක මූල්‍යමය සහ ඩිමෙරිට්ස් පොයින්ට්ස් 5ක දඩයක් නිකුත් කරනවා, පාසල් සීමාවේ නම් දඩ මුදල $457ක්. 
මෙතරම් විශාල වාහන ප්‍රමානයක්ෙක දිගට නිරීක්ශනය කරන්නේ බලාධරීන් යැයි සිතුවොත් එය වැරදියි. ලොව වටා මේ වෙනුවෙන් යොදාගත් හැකි නවීනතම තාකශයන් ගැන අධ්‍යයනයකින් පසු,   ක්ෘතිම බුද්ධිය (Artificial Intelligence) තාක්ශනය සමඟ සම්බන්ධ කෙරුනු මෙම mobile phone detection camera systemය නිර්මාණය කල බව රජයේ  Transport for NSW වෙබ් අඩවියේ සඳහන් වෙනවා. 
මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මෙහෙමයි.
කැමරා පද්ධතිය එය පසු කර යන සියලු වාහන වල. ඉදිරිපස අසුන් වල පැහැදිලි සහ High Definition රූප ලබා ගෙන එසැණින් ඒවා සියල්ල පරිගණක පද්ධතියට යොමු කරනවා.  Artificial Intelligence හරහා මෙම ලැබෙන චායාරූපවල රියදුරා ජංගම දුරකථනයක් අත දරා ගෙන සිටිනවාද යන ඡයාරූප තෝරාගෙන flag කරන්නට මෙම පරිගණක පද්ධතිය සමත්ය. මෙලෙස සැක සහිත ලෙසට ෆ්ලෑග් වුන ඡයාරූප පමනක් අදාල පුහුණුව ලත් නිලධරීන්ට දර්ශනය වෙනවා. එය ඔවුන් අනුමත කල හොත් පමණක්, පද්ධතිය විසින් එම වාහනයේ හිමිකරුට දඩය සම්බන්ධ infringement notice එක නිකුත් කරනවා. සැක සහිත ලෙස සලකුනු නොවූ සියලු ඡයාරූප පැයක් ඇතුලත දත්ත ගබඩාවෙන් මැකී යනවා.
රජය මේ සියලු ලබා ගන්නා රූපමය දත්ත, Privacy නීතියට අනුගතව පරිශීලනය වෙන බව සහතික වෙනවා. 
Image result for sydney mobile phone detection camera
Actual Images detected by the camera system
කොහොම වුනත් මේ තාක්ශනය නිසා සෑහෙන ලෙසින් වාහන පදද්දී ජංගම දුරකථන අතට ගෙන පරිහරනය කිරීම අඩු වී ඉන් වාහන අනතුරු සෑහෙන අඩු වෙන බවට බලධරීන් බලාපොරොත්තු වෙනවා. 
අපි හැමෝම අනතුර දන්නවා නමුත් සමහර වෙලාවට, අපිට එහෙම වෙන එකක් නැහැ කියා සිතලා, එම වැරදිම කරනවා. නමුත් අපේ පහසුව වෙනුවෙන් kiyaa එවැනි නරක පුරුදු අපිට නතර කර ගත නොහැකි නම්,  මෙවැනි දියුණු තාක්ශනය සහ නීතිමය දඬුවම් හරහාවත්, අපේත් අනෙක් අයගේත් ආරක්ශා වෙනුවෙන් අප වෙනස් වීමට බල කෙරෙනවා නම්, එය යහපත් ප්‍රවනතාවයක් බව පිලි ගන්න වෙනවා.

මෙම නව පද්ධතිය හඳුන්වා දෙමින්, ප්‍රාන්ත මාරග අමාත්‍ය ඇන්ඩ්ෲ කොන්ස්ටන්ස් මහතා සඳහන් කල කාරනයක් අවසන් වශයෙන් මෙහිදී සිහි කරන්නම්.


“At 60km/h if you look at your phone while driving for just two seconds, you travel 33 metres blind – it’s dangerous, it’s stupid and it needs to stop,”  
Image result for sydney mobile phone detection camera
It's dangerous, it's stupid and it has to stop.

sources
https://www.news.com.au/technology/innovation/motoring/on-the-road/thousands-of-drivers-caught-out-by-nsw-mobile-detection-cameras/news-story/6a725263dfc8f95752a2e2cb071332df
https://roadsafety.transport.nsw.gov.au/stayingsafe/mobilephones/technology.html

No comments:

Post a Comment