Wednesday, January 1, 2020

2020 නව වසරට ආසිරි!

2019 වසර සයිබර් විපරමට ඉතා විශේෂයි.. ඒ තමයි අපි podcast අවකාශයට ගිය වසර..

ලංකාවෙ සමාජ ජාල ජනප්‍රිය වුනාට, podcast කියන එක භාවිතාව හරිම අඩු තැනක තියෙන්නෙ, එය කෙතරම් ප්‍රබල මාධ්‍යක්ද කියලා ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. (මේ ගැන වෙනම කථාංගයක් කරන්න මම ඉන්නෙ)

දැනට සයිබර් විපරම podcast එක ප්‍රධාන podcast directories ඔක්කොගෙම වගේ list වෙලා තියෙන්නෙ. ප්‍රධාන ඒව තමයි Apple, Android, Spotify, TuneIn ආදිය. ඒ කියන්නෙ Apple, Google හෝ Voice Assistant හරහා පණ ගැන්වෙන ඕනෑම podcast app එකක් හරහා සයිබර් විපරම අසන්නට, subscribe කරන්න පුලුවන්... subcribe කරපු අයට මම අලුතෙන් දාන අලුත් Episode කෙලින්ම තමන්ගේ ෆීඩ් එකට එකතු වෙනවා.. මේ ගැන විස්තර පසුවට.. (අදාල links ටික මම මේ පෝස්ටුව අගට එකතු කරන්නම් - ඔබ කැමති නම් ඔබේ phone එකේ තියෙන podcast app එකේ, Cyber Wiparama හෝ මගේ නමේ කොටසක් (yatagama) search කොරොත් podcast එක හොයා ගන්න පුලුවන්)

2019 වසරෙ මගේ රැකියාවෙත් වෙනසක් වුනා, ඒ තමයි තාක්ශණික පැත්තෙ කාර්‍යබාරයන් පැත්තක තියල, දැණුවත්කිරීමේ වගකීම සහිත පැත්තකට මම මාරු වුනා.. මම Education පැත්ත ගැන විශේෂ උනන්දුවකින් ඉන්න බව අපේ කන්ඩායමේ ඉහළම නිලදාරිනියගේ සිට සියලුම දෙනා අතර ප්‍රසිද්ධ කාරනයක්. ඉතින් ඒ අය මේ ගැන මම විමසුවහම ඉතා කැමැත්තෙන් මට ඒ වගකීම භාර දුන්නා.
ඒ වගකීම භාර අරන් මාස ගණනක් පමණක් වුනත්, මගේ ව්ෘත්තීය ජීවිතේ මා වඩාත්ම සතුටින් කල කර්තව්‍යය පවා නිම කරේ ඒ කාල සීමාවේ.. (ඒ ගැනත් වෙනම පෝස්ට් එකකින් කියන්නම්)

එනිසා 2020 ගැන මට තියෙන්නෙ සුබවාදී දර්ශනයක්..
දන්න චුට්ට, පුලුවන් විදියට කියල දෙන්න මේ තියෙන ඇම්ම මේ අවුරුද්දෙ තව උත්සන්න වෙයි කියලා මට හිතෙන්නෙ ඔය නිසා..

අඩුපාඩු, තව දියුනු කර ගත යුතු තැන් ඇත්නම් කියන්න මොකද මේ වැඩේ කරන්නෙ පොරක් වෙන්න නොව, හැකි දෙයක් කරන්න තියෙන ආසාව නිසාවෙන්..

ඔබ සැමට සාමය, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!

Apple podcast feed
Android feed
TuneIn feed
Spotify feed

No comments:

Post a Comment