<<Broadcasted on 3ZZZ Radio on 17th May 2020>>
මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. '
ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ , වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස චිත්රනය කරනවා.
කතා නායකයා, කොලඹ සිට යුරෝපයට සංක්‍රමනය වෙන්නේ ඉතා සාර්ථක කලා කරුවෙක් විදියට- ඔහුට එතනට එන්නට ඔහු මහ පොලොවේ කල සටනත්, තමාගේ ආදරණිය පවුල විසින් ඔහු වෙනුවෙන් කල කැපවීම සහ ආදරය පදනම සැපයූ අයුරුත් එහි අපි දකිනවා.
අද සයිබර් සටහනට මම කතා කරන්න යන්නෙ මේ ටෙලි නාට්‍යය ගැන නම් නොවේ.. අද දවසෙ මම කතා කරන්න යන ප්‍රස්තුතයට මේ කතාව හරහා ප්‍රවේශයක් ගත්තා පමණයි.
මම අද කතා කරන්නෙ ඔබ බොහෝ දෙනෙක් අසාවත් නැති, ලෙඩක් ගැන - ඒකට කියන්නෙ Virtual Autism කියලා.
ඔබ Autism හෙවත් Autistic Spectrum Syndrome (ASD) ගැන සහ එහි රෝගී ලක්ශණ ගැන හොඳටම දන්නවා.. එනිසා ඔබ කල්පනා කරනවා ඇති මොකක්ද මේ අලුත් Virtual Autism ලෙඩේ කියලා.

ත

සරලව කිවහොත් වයස අවුරුදු 4ට අඩු දරුවන්, ඉතා වැඩි වේලාවක් ඉලෙක්ට්‍රොනික තිර වෙතට යොමු වී සිටීම නිසා ඔවුන්ගේ මොළයේ වර්ධනයත්, සමාජීය හැකියාවන් වර්ධනය නොවීමත් නිසා නිසා ඒ දරුවන් Autism වලට සමාන රෝග ලක්ශණ පෙන්වන්නට ගැනීම තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ ගැන මේ මොහොත වෙනකොට වසර ගණනාවක් පුරා රටවල් කිහිපයක සිදු කරන ලද අධ්‍යයනයන් වල වාර්තා ලැබෙනවා. ඒ හැම දේකින්ම අපේ අනාගත දරු පරපුර ඉදිරියේැථි භයානක ව්‍යසනය ගැන අනතුරු හඟවනවා.
කොහොමද තිර නිසා බිළින්දන් මේ තත්වයට ගොදුරු වෙන්නෙ?
තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ඒ තරුණ කැල ජීවිතය ඉගෙන ගන්නෙ වැටී වැටී, වැරදි වැරදි.. ඒ තුලින් ඔවුන් ජීවිතය පරිචය ලබා ගන්නවා. අපි හැමෝම එහෙමයි.. හැමදාම.
නමුත් බිලිඳෙකුගේ මුල අවුරුදු කිහිපය මේ ක්‍රියාවලියේ අතිශය වැදගත්ම අවධිය..
දේවල් අතට අරගෙන, ඒ දේවල් නිරීක්ශනය කරන එක, ඒවා එක මත එක තබද්දි ඒවා කැඩෙන හැටි, වැටෙන හැටි දකිද්දි, පැන්සලක් අතේ රුවා ගෙන යමක් අඳින විටදී ඔවුන්ගේ චාලක හැකියාවන් (motor skills) මොළයේ වර්ධනය වෙනවා..
තවත් අය එක්ක ඇසට ඇස බැලීම, දුක සතුට තරහා ආදී සංවේදනයන් ප්‍රකාශ කිරීම හරහා ඔවුන් සාමාජීය සත්ත්වයෙක් වෙන්න ඉගෙන ගන්නවා..
ඔවුන් වැඩුනු දරුවන් වෙන්න, පසුව අංග සම්පූර්ණ මිනිසුන් වෙන්න මේ වේදනාකාරී, වැරදි වැරදි ඉගෙනා ගන්නා ක්‍රමවේදයන් මූලික අඩි තාලම දමනවා..
ස්ක්‍රීන් වෙත දවසේම මුහුන හොවාගෙන වැඩෙන දරුවන්ට මේ අත්‍යාවශ්‍ය පදනම වැඩෙන්න අවස්ථාවක් ලබන්නෙ නැහැ.
Virtual Autism ගැන අද ඊයෙ කතා කරත්, අතීත දත්ත බලද්දි, ළමා වෛද්‍ය විශේෂඥඥයින් පවසනෙ පසු ගිය දශක ගනනාවක් පුරා ASD ආශ්රිත දරුවන් ප්‍රමාණයේ ඝාතීය වර්ධනයට මෙම ඉලෙක්ට්‍රොනික තිර සම්බන්ධ වෙන හැටි දැන් ඉතා පැහැදිලි කියලා.
1975 දි ඇමරිකාවට පලවෙනි VCR එනම් වීඩියෝ තිර එද්දි, ASD රෝග අනුපාතය දරුවන් 5000 ට එකයි. 2016 වෙද්දි ලමයි 68ට එක ලමයෙක් දක්වා ඒ අගය අඩු වෙලා. 2018 වෙද්දි එය ලමයි 40 දෙනෙක්ගෙන් එක්කෙනෙක් දක්වා අඩු වෙලා. කොරෝනා වසංගතය නිසා ඇති කල තත්වය තුල මෙය අනිවාරයෙන්ම ඉතා භායනක අගයක් දක්වා අඩු වී ඇතැයි අපට සැක කරන්න පුලුවන්.
මේ සම්බන්ධව පසුගිය් වසර 5 තුල පර්යේශන කල ප්‍රංශයේ වෛදය වෘත්තිකයන් දෙදෙනෙක්, වර්චුවල් ඕටිසම් සම්බන්ධව සුවිශේෂ දැණුවත් කිරීමක් මේ කාලෙ වෙන කොට කරන ගෙන යනවා. ඔවුන්ගේ නිරීක්ශණ යුටියුබ් හරහා ඔවුන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ ගැන ලොව වටා දෙමාපියන් දැනුවත් කිරීමටයි.
දෙමාපියන්ට මේ ගැන කුමක්ද කල හැක්කේ?
මේ සම්බන්ධ පර්යේශනවලදී සොයා ගත් දේ තමා මෙම තිර ඉවත් කර සති කිහිපයක් ඇතුලත ඔවුන්ගේ රෝගී තත්වයේ පැහැදිලි අඩුවක් තියෙන වග. දරුවන් ඒ සම්බන්ධව මුලදී ඉතා කලබල වෙනු ඇත, විටෙක ප්රචන්ඩ වෙනු ඇත. නමුත් ඔවුන්ගේම හොඳට ඔවුන්ගෙන්, විශේෂයෙන්ම බිලිඳන්ගෙන් මෙම තිර ඈත කර තබන්නම වෙනවා.
අපි දන්නවා බොහෝ දෙමාපියන් තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න මෙම තිර දරුවන් අතට දෙනවා බොහෝ විට එය නැවත ලැබෙන්නේ උපාංගයේ බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගියාටත් පසුවයි. උදේ වරුවම එකක් පස්සෙ එකක් කාටුන් බලන්නට සමහර නිවෙස්වල රූපවාහිනිය ක්‍රියාත්මකයි. දැන් ඒ රූපවාහිනි තිරත් බිත්තියම ප්‍රමානෙටම විශාලයි.
ඔබට වැටහෙනවා ඇති බිලිඳන් මේ උවදුරට යොමු කරන්නෙම වැඝිටියන් වෙන අපි.
දරුවන් එක්ක චිත්‍ර අඳින්න, Play Doh හෝ වැලි වගේ දේවලින් නිර්මාන කරන්න, HAnd Paint කරන්න, පොත් කියවන්න හෝ දරුවා එක්ක එලිමහනේ ඇවිදිමින් අවට ලෝකය පෙන්වන්න අපිට පුලුවන්. අප ඒ ලේසි වැඩ ටික කරොත් ස්වාභාව ධර්මය දරුවා බලා ගනීවි.