Monday, July 13, 2020

Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර

<< Broadcast on 3ZZZ Radio on 21st June 2020 >>

  Date: මැයි 25 දා
Place:  MineaPolis, Monesota, USA
අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.
කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා. 
Standing for George Floyd • Jim Hightower
මේ තත්වය  ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන කිහිපයක්ම දියත් වුනා.

කොවිඩ් සීමා කිරීම් මධ්‍යයේ පවා, එලිමහනේ සිදු වෙන මෙම උද්ඝෝශණ සහ බාධා කිරීම් මාධ්‍යවල නිතර ප්‍රචාරය වුනත්, සත්‍ය කාරනාව වන්නේ මෙම අරගලය ඉතා දරුනු ලෙස ක්‍රියාත්මක වන්නේ සයිබර් කලාපයේ බවයි.

මූලිකවම මෙම ජනතා නැඟිටීම් ඉතා කෙටි කලෙකින් එක් තැන් කලේ සමාජ මාධ්‍ය ජාලා හරහාය. ඒ සමඟ වතුරේ පහතට බලෙන් ඔබා ගෙන සිටි රබර් බෝලයක්, එක්වරම ඉහලට පොලා පනින්නා සේ මෙම Black Lives Matter නැමති ජනතා ව්‍යාපෘතිය යෝධ ජන පවුරක් සේ නැගී සිටියා.
Hacktivist group Anonymous hack police website & demand Justice ...


Annonymous නැමති ලොව ප්‍රකට hacktivist සංවිධානය මෙම අරගලය සහය පල කරමින්, පොලිස් ආයතන ඉදිරියේදී හැක් කිරීමට ලක් කරන වග සඳහන් කරා.  ඔවුන්ගේ සමාජ ජාලා පිටු සඳහා දින දෙකක් ඇතුලත මිලිගන ගනනින් අනුගාමිකයන් එකතු වෙන්නට එම පනිවිඩය ප්‍රමානවත් වුනා.
මැයි 31 දා ඔවුන් මිනියාපොලිස් පොලීසියේ වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කරා. උද්ඝෝශකයන්ට බාධා කරන ඕනෑම රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවි වලටද එම ඉරණම අත් වෙනු ඇති බව ඔවුන් තව දුරටත් අනතුරු හැඟ වූවා.

ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි ආයතන ප්‍රසිද්ධියේ BLM අරගලයට සහය දැක්වූවා.
ඇමසන් ආයතනයේ හිමි කරු වන ජෙෆ් බෙසොස් මහතා ඒ වෙනුවෙන් එන විවේචන වලට ප්‍රසිද්දීයේ පිලිතුරු පවා සපයා තිබුනා.
Netflix, HBO වැනි streaming සේවාවලින් සමහර චිත්‍රපට පවා දැන් ඉවත් කරනවා ඒවයේ අන්තර්ගතයේ අඩු පාඩු පෙන්වා දෙමින්.  Little Britain, Mighty Boosh, Gone with the wind, එලෙසින් ඉවත් කල චිත්‍රපටි කිහිපයක්.

මින් අදහස් වන්නේ නැහැ අන්තර්ජාලය හරහා මේ අරගලයට ලැබෙන්නෙ ආශිර්වාද පමනයි කියලා.

මේ ව්‍යාපෘතියට සහයෝගය දෙන ප්‍රධාන පෙලේ වෙබ් අඩවි සියල්ලටම පෙර නොවූ විරූ තරමින් මේ දිනවල සයිබර් ප්‍රහාර එල්ල වෙන වග ඒ සම්බන්ධ විශේෂ විශ්ලේශන කරන cloudfare ආයතනය පවසනවා. ඒ නිසා වීදියේ මුහුනට මුහුන බාධා නැතිවුනත් ඉතාමත් සංවිධානාත්මකව මෙම ජනතා අරගලයට සම්බන්ධ වෙබ් අඩවි වලට DDOS ප්‍රහාර එල්ල වෙනවා.
DDOS කියන්නෙ Distributed denial of service - මෙතනදි ඔවුන් කරන්නෙ, විසිරුනු ජාලයක් හරහා   ඔවුන් ඉලක්ක කරන වෙබ් අඩවියට දරා ගත නොහැකි ප්‍රමානයෙන් සම්බන්ධතා එක මොහොතෙ එල්ල කරමින් එම අඩවිය අඩපන කිරීම හෝ සම්පූ‍ර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීම.
Cloudfare ආයතනය පවසන පරිදි මැයි මාසෙ සති අන්තයක පමනක්, මෙම වෙබ් අඩවි ඉල්ලක්ක කරගෙන ආ සම්බන්ධතා මිලියන 120ක් ඔවුන් නවතා,ෙම වෙබ් අඩවි වලට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්නට  උදව් කරලා තිබෙනවා. මේ කාර්‍ය කෙතරම් පැතිරිලාද කියනවා නම් ඔවුන් මෙලෙසින් ඉලක්ක වෙන සාමාන්‍ය වෙබ් අඩවි බේරා ගන්නට Project Galileo නම් ක්‍රියාන්විතයක් ආරම්භ කරලා තියෙනවා.

ඔය අතරෙ මේ අරගලය වෙනුවෙන් උනන්දු වෙලා, සයිබර් අවකාශයෙ ක්‍රියාත්මක අය ඉලක්ක කරගෙන ඉතා භයානක scam එකක් දැන් පැතිරෙන්න අරන්.
මෙහිදී වෙන්නෙ,  මේ අරගලයට සහය වෙන්න එක්තරා document එකක විවෘත කරන්න ඉල්ලා සිටිමින්. නමුත් එය විවෘත කරොත් වෙන්නෙ TrickBot කියන භයානක වෛරසය install වෙන එක. මෙය හරහා RYUK නැමැති ඉතා විනාශකාරී කප්පම් වෛරසය පවා ජාලවලට එකතු වෙන්න පුලුවන් අවදානමක් තියෙනවා.

දැන් ඔබට පැහැදිලි ඇති අපි මේ මහ පාරෙ දකින්නෙ මේ අරගලයේ බොහොම පොඩි කොටසක්. සයිබර් අවකාශයේ මේ වෙද්දි ගල උඩ සටන ආරම්භ වෙලා තියෙන්නෙ.
එනිසා... ඔබ දේශපාලනිකව මේ තත්වය ගැන මොන මතයේ සිටියත්, ඔබ සයිබර් ආරක්ශාව ගැන වෙනදටත් වඩා විමසිලිමත්ව ඉන්න..
මොකද මේ වගේ ගිනි කෙලිවලදී, මේ ගැන සබුද්ධික නැති අය ඔය මැද්දට ගියහම, cross fire එකට අහු වෙන්න ඉඩ තියෙන නිසා.





No comments:

Post a Comment