Tuesday, July 14, 2020

Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..



ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගර
ය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. 
මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයර‍යේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සි‍ර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ  අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි..


මාර්තු මාසයේ මෙවැනිම සීමා කිරීමක් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයන්ගේ ශීග්‍ර වැඩිවීමක් සමඟ බලදාරීන්ට නැවත මේ සීමා කිරීම් දක්වා යන්නට සිදු වුනා. මේ අතර අනෙක් ප්‍රාන්ත වික්ටෝරියානුවන්ට තමන්ගේ ප්‍රාන්තයට පැමිනීම තහනම් කරලා
එනිසා ප්‍රාන්තයක් විදියටත්, මෙල්බර්න් නගරයේ නම් පවුල් විදියටත් මේ මොහොතේ අපට දැනෙන්නේ හුදකලා වූ, සමාජ ජීවිතයෙන් දුරස්ථ වූ මානසික තත්වයක්.
මනෝ වෛද්‍ය වරුන් පෙන්වා දෙන්නේ මෙම අලුත් තත්වය නිසා ඉතා විශාල ලෙස මානසික සෞඛ්‍යයට හානි සිදු විය හැකි බවයි.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ මොලය සහ මනස කේන්ද්‍රයේ මහාචාර්‍ය ඉයන් හිකී මහතාට අනුව, මෙම දෙවන වර සීමා කිරීම් මානසිකව අතිශය හානිකර වෙනු ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යට මෙන් නොව ඔස්ට්‍රේලියාවෙ තත්වය යහ්පත් යැයි සිතා නැවත සාමාණ්‍ය ජන ජීවිතයට එන්නට ජනතාව සූදානම් වෙනවාත් සමඟම රැකියා විරහිතවීම්, අවිනිශ්චිත ආර්ථික කාරනා  සහිතව, නැවත නිවෙස් තුල සිර වෙන්නට සිදු වීම කොහෙත්ම ලේසි නැති බවයි මහාචාර්‍යවරයා පවසන්නෙ.

කොරෝනා වසංගත තත්වය උද්ගත වීමෙන් පසුව Lifeline වෙත ලැබුනු දුරකථන ඇමතුම් සංක්‍යාවේ වැඩිවීම 25%. Lifeline යනු සියදිවි නසා ගැනීමට තරම මානසික බිඳ වැටීමට ලක් වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙන් පිහිටවා තිබෙන ජාතික සහන සැයපුම් සේවාවයි.
එලෙසින්ම, Depression මානසික තත්ව‍යෙන් පීඩා විඳින්නන්ට සහනය සපයන Beyond Blue වෙත ලැබුනු ඇමතුම් සංඛ්‍යාවේ වැඩිවීම 40% කි. මින් ඔබට පැහැදිලි ඇති මේ මොහොතේ මානසික සෞඛ්‍ය සම්බන්ධව ජාතික මට්ටමෙන් ඇති වී තියෙන භයානක නැඹුරුව..
Federal රජය මානසික සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන මෑතකදී නිවේදනය ඒ නිසාවෙන්මයි.

මහාචාර්‍යවරයා මතක් කර දෙන්නේ විවිධ ප්‍රජාවන් ඉලක්ක කරගෙන චෝදනා එල්ල කිරීම මේ තත්වය බැරෑරුම් කරන බවයි.  ඉන්ග්‍රීසි කතා නොකරන සමහර ප්‍රජාවන් කොවිඩ් ව්‍යාප්තියට දායක වූ බවට කෙරෙන චෝද්නා වෙනුවට එවැනි ප්‍රජාවන් දෙස මානුශිකව කටයුතු කරමින් ඔවුන්ට සහය දැකිවීමේ කාලීන් අවශ්‍යතාවය ඔහු තව දුරටත් පෙන්වා දෙනවා. මෙම ප්‍රජාවන් එක්ක එකතු වී කටයුතු කිරීම විනා ඔවුන් ඉලක්ක කරනා බව හැඟවෙන සීමා කිරීම් අතිශය හානිකරයි.


Former national mental health commissioner Ian Hickie.
"We can cope with this collectively, we can't if we start pointing the finger."  - Professor Ian Hickie
 Black Dog ආයතනයේ පර්‍යේශිකාවක් වෙන ආචාර්‍ය ඇලිසා වෙර්නර් පෙන්වා දෙන්නේ - දෙවන වර සීමා කිරීම් වෙත යාමේදී වඩා අපහසු වෙන්නේ  anticipatory anxiety ටහ්ත්වය නිසයි. ඉන් අදහස් වෙන්නේ - Anticipated එනම් 'වෙන්න තියෙන දේ අවිනිශ්චිතතාවය, අසරණබව හා    සබැඳි මානසික ආතතික තත්ත්වයයි.  ඇය පෙන්වා දෙන්නේ මෙවැනි අරබුධකාරී මොහොතක ඔවුන්ට  අවශ්‍යම වෙන සමාජීය ක්‍රියාකාරිත්වය (social interactions) සඳහා වැට බැඳීමක් මෙම සීමා කිරීම් නිසා සිදුවෙන නිසා තත්වය වඩාත් බැරෑරුම් වෙන වගයි. 

යම් කිසි අපහසුතාවයක් ඇත්නම්, කිසිම පැකිලීමකින් තොරව දුරකතන මාර්ගයෙන් හෝ තමන්ගේ වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන, ඒ හරහා අවශ්‍ය නම් මානසික සෞක්‍ය ව්ෘත්තිකයන්ගේ සහය ලබා ගන්නට සැමවිටම අප උත්සුක විය යුතු බව ඇය මතක් කර සිටිනවා. 

අපි කතා කරන්න  අකමැතිම තත්වයක් තමයි මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු. බොහෝ විට ආකල්පමය පැත්තෙන් අපේ තියෙන්නෙ ඒ සම්බන්ධව බොහොම අඳුරු චිත්‍රයක්. නමුත් යහපත් මානසික තත්වයෙන් ඉන්න කෙනෙක් පවා මේ පවතින තත්වයන් එක්ක තාවකාලිකව අභියෝගයට ලක් විය හැකියි, එවැනි විටෙක සහය ලබා ගැනීම ලජ්ජවට කාරනයක් නොවන වග අප මතක තබා ගත යුතුයි.

තමන්ගේ දිවි තොර කර ගැනීම වැනි තැනකට යොමු විය හැකි කෙනෙක් වෙතොත් ඔවුන්ව වහාම Life Line වෙත යොමු කරවන්න. දුරකථන අංකය 13 11 14
අන්තර්ජාලය හරහා නම් lifeline.org.au and  Beyond Blue.org.au   හරහා මෙම සහන සේවාවන් ලබා ගත හැකියි.

සයිබර සටහන වෙනුවෙන් අප මතක් කර දෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමේදීත් ඔබගේ මානසික තත්වයට උචිත දේ තෝරා ගන්න. හිත සැනසෙන, චිත්ත ප්‍රීතිය, දැනුම සතුට ලබා දෙන දේ ඕනැ තරම් අන්තර්ජාලයේ තියෙනවා. එලෙසම හිත තව තවත් අඳුරට යොමු කරවන, පීඩාවට පත් කරන  වාද විවාද, වෛරී ප්‍රකාශ, ආදිය විශේෂයෙන්ම සමාජ ජාලා හරහාත් නිතර දකින්නට ලැබෙනවා.
ස‍යිබර් අවකාශයේදි අපගේ මානසික සහනය හෝ අසහනය හෝ තීරනය වෙන්නෙ අපි මෙලෙසින් උදේ හවා ගනු දෙනු කරනා අපේම තෝරා ගැනීම් එක්කයි..

මේ දේ ගැන සබුද්ධික නොවුනොත් වෙන්නෙ  අහක යන ඩිජිටල් නයි, ඔලුව අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියමින් මානසික ව ලතවෙන්නයි.


No comments:

Post a Comment