Saturday, December 26, 2020

Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!"

 Broadcast on 3ZZZ Community Radio on 16th August 2020
(ඔව්... මාර ප‍රන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...

රේඩියෝ එකේ ගියත් blog එකට හෝ podcast එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. Episodes හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..)


4 mins read






පසුගිය  අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්.. 

එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්‍රිව්ස් මහතා හදිසියෙම 'State of Disaster' ප්‍රකාශයට පත් කරේ. ඒ සමඟම Stage 4 Lock Down මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ප්‍රදේශවලටත්, Stage 3 Lock Down ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවලටත් ප්‍රකාශයට පත් කරා. මින් වැඩියෙන්ම කම්පන තරංග ඇති කරේ රාත්‍රී 8 සිට එදින සිටම ක්‍රියාත්මක වෙන ලෙස නියෝග කල ඇඳිරි නීතියයි. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වරට ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක මෙවැනි දරුනු මට්ටමින් ගමනාගමන සීමා කිරීම් කල දවසක් වුන නිසා, මෙල්බර්න් වාසීන් කෙතරම් කම්පනයට පත් වුනේ දැයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

අගෝස්තු 2 දා උදේ මේ ගැන කිසිදු හෝඩුවාවක් කාටවත් තුබුනෙ නෑ.. තද Lockdown එකකට යයි කියන විශ්වාසය තිබුනත් මේ මට්ටමේ ප්‍රතිචාරයක් ඔවුන් කිසි ලෙසකින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් මේකට කිසිම සම්බන්ධයක් නොතිබුනත් බොහෝ දෙනුකුට එදින උදේ වරුවෙ, හරියට මේ ගැන ඉගි කරන්නා වගේ, වෙන කිසි දාක නොවුනු කරදරයක් වුනා..
ඒ තමයි ඒ අයගෙ නිවසෙ Telstra අන්තරජාල සම්බන්ධතාවය පැය ගානකට බිඳ වැටීම..  ඉරිදා දවසක් වුනත්, නිවසේ අන්තරජාලය වෙන කවදාටත් වඩා තීරනාත්මක මේ කාලෙ ඉන් උගෙන ගන්නා දරුවන්, නිවසේ සිට වැඩ කරන ඉතා බොහෝ දෙනක් අතිශය අපහසුතාවයට පත් වුනා..
මේ අන්තර්ජාල බිඳ වැටීම පිටි පස්සෙත් හරි අපුරු කාරනා ටිකක් තියෙනවා. එනිසා අද අපි කතා කරන්නෙ අගෝස්තු 2 දා සවස වුනු Lockdown එක ගැන නෙවෙයි, එදාම උදේ වුනු අන්තර්ජාල Breakdown එක ගැන.

මේ අන්ත්‍රජාල බිඳ වැටීම ගැන මුලින්ම Telstra    කිව්වෙ මෙය සයිබර් පරාහරයක් කියලා. ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරය ඊට සති ගනකට කලින්, ඔස්ට්‍රේලියානු රාජ්‍යය වෙත සතුරු රාජ්‍යයක් විසින් එක දිගට කරන සයිබර් පහර දීම ගැන හදිසි ජාතිය දැණුවත් කිරීමක් කර තිබු නිසා, මේ පුවත් බොහෝ දෙන්කුගේ නළල රැලි ගන්වා තිබුනා.. එප පසෙකින් කොරෝන වසංගතය හරහා දරුනු ලෙස සමාජීය, දේශපාලනිකව සහ විශේශයෙන්ම ආර්ථික ලෙස අඩපන ව සිටි ප්‍රාන්ත‍යක්, යන් තම හරි ඔලුව ඔසවාගෙන සිටියේ අන්තර්ජාලය හරහා ලබා දුන් ජීව උපකාරය එනම් Life Support එක නිසා. එයටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වුනහොත් එය මාරාන්තික ප්‍රහාරයක් වග පැහැදිලි කාරනයක්.

Telstra මුලින් කිව්වෙ මෙය DOS Attack එකක් කියල්ල.. DOS කියන්නෙ Denial of Service - ඉන් අදහස් වෙන්නෙ  ජාලයට සේවය සපයගන්න බැරි තරමට, සංඩිදානත්මක එවන සම්බන්ධතා හරහා එම සේවය කඩා වට්ටවා, සාමාන්‍ය සේවය ලබා ගන්න එන අයට එනම legitimate users  සේවය නැති කිරීමයි. මේ outage එක මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් නගර තුනේම සැලකිය යුතු ප්‍රදේශයකට බල පා තුබුනා.

පැය දෙක තුනකට පස්සෙ අන්තර්ජාල සේවය නැවත ස්ථාපිත වුනා.
යකා හිතපු තරම කලු නැති වග තේරුනෙ Telstra බොරුවට කලබල වූ බව ඔවුන්ම පසුව පිලි ගැනීමෙන්. twitter  ප්‍රකාශයක් කරහා ඔවුන් සවස් වරුවේ  මෙලෙස නිවේදන‍යක් කර තිබුනා.

“The massive messaging storm that presented as a denial of service cyber-attack has been investigated by our security teams and we now believe that it was not malicious, but a domain name server issue,” 

 එනිසා ඔවුන් සයිබර් ප්‍රහාරයක් ලෙස කලබල වී තිබුනේ, අන්තරජාලයේ විවිධ ලිපින සඳහා යන්න, ඒ ලිපින එක්ක නම සසඳන සේවාවක් වන name servers වල වූ සාමාන්‍ය තාක්ශණික ගැටලුවක්.
එනිසා ප.ව 2.30 වෙන කොට ඒ breakdown එක එලෙසින් නිමා වුනා..

නමුත් ඊට පැය කිහිපයකට පස්සෙ ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශයත් එක්ක මේ අන්ත‍ර්ජාල ජංජාලය කාටත් අමතක වෙලා ගියා. 
සති හයක් පුරාවට ප්‍රකාශයට පත් වී ඇති මේ හදිසි තත්වයෙන් අපගේ ප්‍රාන්තය එක්මනින්ම සුවපත් වී ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වේවා කියා 3zzz ප්‍රජා ගුවන් විදුලි සේවය වෙනුවෙන් සයිබර් සටහනේ අපි ප්‍රාර්ථන කරනවා.

No comments:

Post a Comment