Wednesday, September 23, 2020

Episode 63: කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි..

පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්‍ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා.

ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්‍යේශන කරන ඇමරිකාවේ බයෝටෙක්  ආයතනයක පර්‍යේශන වාර්තා වෙනුවෙන් රහසේ ඔත්තු බලා ඇති බවට ඔවුන් චෝදනා කරනවා.  මීට අමතරව, , එංගලන්තය, ජපානය, බෙල්ජියම, ජර්මනිය, ස්වීඩනය, ලිතුවේනියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, දකුනු කොරියාව ආදී රට්වල ව්‍යාපාර වල ජාල වක්ලට සම්බන්ධ වී වැදගත් තොරතුරු සම්බන්ධව ද නීති විරෝධි  ප්‍රවේශ කිරීම් කර ඇති බව  ඇති බව ඇමරිකානු නීතිවේදීන් චෝදනා එල්ල කලා. 





අවුරුදු 33ක් සහ 34ක් වයසැති මේ පුද්ගලයන් ඔස්ට්‍රේලියානු ආර්ක්ශක කොන්ත්‍රාත්කරුවාගෙන් පමණක් සොරාගෙන ඇති විස්තර ප්‍රමානය ගිගාබයිට් 320ක්. මේ හේතුව නිසා මේ අය චීන රජයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම කටයුතු කරන්නට ඇති බව බටහිර ලෝකය සැක පහල කරනවා. දශකයක් පුරාවට සොරකම් කන ලදැයි පවසන ලද දත්ත ප්‍රමානය ටෙරා බයිට් ගනනින් වෙන අතරේ මූල්මය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගනනින් වෙන බව මේ වාර්තාවලින් කියවෙනවා 

මේ දිනවල ඔස්ට්‍රේලියාව සහ චීනය අතර දේශපාලනිකව පවතින්නෙ සීතල යුද්ධයක්. 

කොරෝනා රෝගයේ ආරම්භය සමබන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා විශේෂ විමර්ශනයක් කල යුතු යැයි ඔස්ට්‍රේලියානු රජය කල ඉල්ලීමත් සමඟ ඔස්ට්‍රේලියාව සහ චීනය අතර සම්බන්ධතා පලුදු වෙන්නට පටන් ගත් බව පැහැදිලියි.

චීනය පැත්තෙන් ඔස්ට්‍රේලියානු බාර්ලි සහ මාංශමය ආහාර වලට 80%ක දැඩි බද්දක් එකතු කිරීම සහ චීන සන්චාරකයන්ට හා සිසුන්ට ඔස්ට්‍රේලියාවට නොයන ලෙසට කරන ලද බලපෑමෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට දැඩි පහරක් ඔවුන් එල්ල කරා. චීන රජයේ මර්ධනයට භාජනය වෙන හොන්ග් කොන්ග් ජාතිකයන්ට ඔස්ට්‍රේලියාවේ රැකවරණය සැපයීම නිසා චීනය රජය තම නොසතුට ඔස්ට්‍රේලියාව වෙත යොමු කරේ ඉතා මෑතකදී.

මතු පිටින පෙනෙන මේ ගැටීමට වඩා ඉතා විශාල සටනක් ක්‍රියාත්මක වන්නේ සයිබර් අවකාශය හරහාය.

මීට මාසෙකට කලින්, මින් පෙර කිසිම ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයෙක් නොකරන ලද මට්ටමේ සුවිශේෂී ජාතිය ඇමතීමක් ස්කොට් මොරිසන් මහතා විසින් හදිසියේම පවත්වනු ලැබුවා. ඉන් ඔස්ට්‍රේලියානු රාජ්‍යය ඉලක්ක කරමින් මේ මොහොතේ දැවැන්ත සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වෙන බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා රජයේ ආයතන වහාම ක්‍රියාත්මක වෙන පරිදි තම තොරතුරු තාක්ශන ආරක්ශන ක්‍රියාමාර්ග දැඩි කල යුතු බවට උපදෙස් දුන්නා. මේ ප්‍රහාර එල්ල කරන්නෙ කව්ද යන්න හෙලි කිරීමට මැළි වූ ඔහු ඒ ගැන පැවසුවේ මෙවැන්නක්  ' a sophisticated "state-based actor with very, very significant capabilities" සහ "there aren't too many state-based actors who have those capabilities". 


  


state-based actor යනු වෙනත් රාජ්‍යයක් හෝ රාජ්‍යය අනුග්‍රහය ලබන ප්‍රබල හැක‍ර්වරුන් නියෝජනය වෙන අති ප්‍රබල සයිබ‍ර් ආරක්ශන අවදානම් කලාපයයි. නිමින් සඳහන් නොකලත් මින් ඔහු ඉඟි කලේ චීනයයි. එල්ල වෙන දැඩි සයිබර් පරාහරය හමුවේ නිද්‍රාශීලිව සිටින වගකිව යුත්තන් අවදි කිරීමට අගමැතිවරයා මෙම විශේෂ ඇමතීම කල බවයි විශේෂඤ්ඤයින් පැවසූවේ. 

මේ වසරේ දැවැන්ත කප්පම් ප්‍රහාරවලට ඔස්ට්‍රේලියාවේ Toll, Blue Scope  යන ලොජිස්ටිකල් දැවැන්තයන් පත් වුනා. 

මේ මෑතක තත්වය තවත් දරුනු වුනේ තරුන පරපුර අතර අතිශය ජනප්‍රිය ටීක්ටොක් නම් සමාජ ජාලය එහි දත්ත චීනය සමඟ බෙදා ගන්නවා යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ල්ද ප්‍රකාශයක් අනුව යමින් ඔස්ට්‍රේලියානු රජයද විමර්ශනයක් ආරමභ කිරීමය. මින් කිපුනු චීන රජය ඔස්ට්‍රේලියාවට චෝදනා කලේ ඔවුන් ඇමරිකානු රජයේ පඹ‍යෙක් වෙන්නට පත් වී ඇති බවත්, ටික් ටොක් තහනම් කලහොත් ඔස්ට්‍රේලියාව තමන්ගේ කකුලට වෙඩි ත්බා ගත්තා වැනි ඉරනමකට පත් වෙන බවත් ය.

එනිසා මේ සයිබර් අවකාශ‍යේ ‍යුද්ධය උණුසුම් වී ගෙන එන බව ඔබට දැන් පැහැදිලි ඇති.
පවතින දේශපාලනය තුල අද හෙට යුද්ධයක් ඇති වෙනු ඇතැයි ඔබ සිතනු ඇත. නමුත් එය එසේ නොවේ.

හේතුව අලුතින් පටන් ගන්නට දැනට සටන් විරාමයක් නොමැති වීමය. සියලුම බලගතු රාජ්‍යයන් දැනටම සයිබර් අවකාශය හරහා සතුරාගේ රහස් සොරාගැනීමත් තමන්ගේ ‍රහස් රැක ගැනීමේ යුද්ධයේ දැනටමත් යෙදී සිටින නිසාවෙනි. එය යුද්ධයක් බව ඔබට නොපෙනෙන්නේ මාධ්‍ය හරහා ඔවුන් පෙන්වන්නේ තම සතුරාගෙන තමන්ට එන කෙනෙහිලිකම් පමනක් නිසාවෙනි.

නමුත් ඇත්ත යුද්ධය (Cyber Warfare) මේ මොහොතේත් දරුනුවටම ක්‍රියාත්මකයි. ඉන් සැගවෙන්නට බංකර් නැත. ඇත්තේ ඔබගේ සයිබර් ආරක්ශාව, ද්නුවත්කමින් සන්නද්දව ඔබම සපයා ගැනීමයි.


මූලාශ්‍ර:
https://www.news.com.au/technology/online/hacking/fbi-charge-chinese-hackers-who-targeted-covid19-research/news-story/d3dfbec5d81c29ad9ff11d71d3d7ea89 
 https://www.smh.com.au/national/like-when-the-asteroid-is-heading-for-earth-why-scott-morrison-sounded-the-cyber-alarm-20200622-p554v8.html

No comments:

Post a Comment