Wednesday, December 18, 2019

Episode 42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක්

Broadcast on 3ZZZ radio on 12th May 2019

අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා අති විශාල අන්තර්ජාතික අවධානයක් අපේ මව් රට වෙත යොමු වුනා. ලොව සියලුම බලගතු රජයන් පාහේ විවිධ ක්‍රමවලින් උදව් කරන්නට ඉදිරිපත් වුනා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විමර්ශන කටයුතු සඳහා ෆෙඩරල් පොලීසිය (AFP) පවා ලංකාව වෙත යවන්නට ඉදිරිපත් වුනා.
ඒ හැමෝටම වඩා වෙනස් නමුත් අන්තර්ජාතිකව ප්‍රබල කන්ඩායමක් මෙම ප්‍රහාරය හෙලා දකිමින් එහි වගකීම භාරගත් අයිසිස් ත්‍රස්තයන්ට එරෙහිව තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කලා. මේ තමයි ලෝ ප්‍රකට Anonymous නම් හැකර් කන්ඩායම.
සුපුරුදු පරිදි, වෙස් මුහුනක් පැලඳ, කටහඬ ඩිජිටල් ක්‍රම අනුසාරයෙන් වෙනස් කල නිර්නාමික පුද්ගලයෙක් මෙම අනතුරු හැඟවීම සිදු කරනවා. එය ආරම්භ වන්නෙ මෙලෙසයි.

Greeting citizens of the world. We are Anonymous.
This is an important message to the ISIS extremists who are behind this weekend’s Easter Sunday attacks in Sri Lanka. This is a message from anonymous.

මේ තව දුරටත් සඳහන් කලේ කුමක්ද කියන්න කලින් අපි තේරුම් අරන් ඉන්න ඕනෙ ඇනොනිමස් කියන්නෙ කව්ද කියලා? නමුත් ඊට කලින් පැහැදිලි කර ගන්න ඕනෙ හැකර් කෙනෙක් කියන්නෙ කව්ද කියලා - මොකද ගොඩාක් දෙනාට තියෙන්නෙ ඒ ගැන සීමාසහිත දැනුමක්.
මාධ්‍යවලින් අපි නිතර හැකින් කියල අහන්නෙ අනවසරයෙන් වෙන්ත් අයගේ පරරිගනක පද්ධති තමන්ගෙ පාලනයට අරගෙන වටිනා විස්තර සොරා ගැනීම හෝ ඒ පද්ධති අඩපණ කිරීම්, විනාශ කිරීම් වගේ දේ වුනාට හැකින් කියන්නෙ ඊට වඩා පුලුල් අවකාශයක් හොඳට සහ නරකට යොදාගන්න පුලුවන් වෙන.
උදාහරණයක් විදියට අපි අපේ පරිගණක පද්ධතියේ අඩු පාඩු සොයා ගන්න ඒ කාර්‍ය භාරදෙනවා වයිට් හැට් හැකර් කෙනෙකුට.. එයා කරන්නෙත් හැක් කරන එක... නරක අය යොදා ගන්න ක්‍රමවේදම තමයි එයත් භාවිතා කරන්නෙ.. නමුත් අවසරය ඇතිව සහ ව්ෘත්තීමය සදාචාරය (professional ethics) ඇතිව. ඒ නිසා එයාට වයිට් හැට් හැකර් හෝ එතිකල් හැකර් කියලා කියනවා. එතිකල් හැකින් පාඨමාලා පවා තියෙනවා ඒ ක්ශේස්ත්‍රයෙන් රැකියා කරන්න කැමති අයට.
අනික් අන්තෙන් ඉන්නවා බ්ලැක් හැට් හැකර්ලා.. ඔවුන් තමයි කිසිම අවසරයක් නැතිව වෙනත් අයගෙ වෙබ් අඩවි හෝ පරිගනක පද්ධති ඉලක්ක කරන්නෙ. මේ දෙගොල්ලන්ගෙ අතරෙ තව ග්‍රේ හැට් කියලා කන්ඩායමක් ඉන්නවා, මොකද ඒ අය අවසරයකින් තොරව පරිගණක පද්ධතිවල අඩුපාඩු හොයාගෙන, එයින් විනාශයක් කරන්න කලින් ඒ ගැන අයිතිකරුවන්ට දැනුම් දෙනවා සමහර විට යම්කිසි මූල්‍යමය වාසියක් හෝ තමන්ට ලොකු පිලිගැනීමක් ලැබීම බලපොරොත්තුවෙන්.
දැන් ඔය ගොඩෙන් ඇනොනිමස් කන්ඩායම අයිති වෙන්නෙ පැහැදිලිවම බ්ලැක් හැට් පැත්තකට. හැබැයි ඔවුන්ගෙ අරමුන වෙනස් එකක්. ඔවුන් නිවැරදි කියලා හිතන දර්ශනයකට අනුව ලෝකයේ වෙනස්ක් කරන්න හැකින් යොදා ගන්නවා, මේකට කියන්නෙ හැක්ටිවිසම් කියලා. හැකින් සහ ඇක්ටිවිසම් කියන වචන දෙකේ එකතුවක් - සරල ව කිව්වොත් ඔවුන් සමාජ ක්‍රියාකාරීන්.
නමුත් හැක්ටිවිස්ට් කෙනෙක් කිව්ව පලියට ඔවුන්ට බලපෑමක් කරන්න නම් ඔවුන්ගෙ බලය පෙන්නන්න වෙනවා.. ඒකට වෙන වෙනම හුදකලා මැදිහත්වීම් කරලා බැහැ.
අනික හැකින් කියන තාක්ශනික හැකියාව පවා ඉතා විශාල පරාසයක විහිදෙනවා.. යන්තම් අන්තර්ජාලෙන් පොඩ්ඩක් ඉගෙන ගෙන විනෝදෙට හැක් කරන පොඩි එකාගෙ ඉඳලා තවත් රටක රහස් සොරා ගන්න ඉතා විශාල මුදලක් ආයෝජනය කරලා, හොඳම හැකර්ස්ලා යොදා ගෙන රාජ්‍යයන් විසින් මෙහෙයවන අති ප්‍රබල හැකර් කන්ඩායම් (nation state actors) ඉන්නවා.
මේකෙන් ඇනොනිමස් වැටෙන්නෙ අර ප්‍රබලම කන්ඩායම පැත්තට හැකියාව පැත්තෙන්. ඔවුන්ගෙ ශක්තිය තමා ලොව වටා පැතිර ඉන්න ඔවුන්ගේ නිර්නාමික සාමාජිකයන් - ඔවුන්ට කියන්නෙ ඇනොන්ස්ලා කියලා .. මේ කන්ඩායමට නායකයෙක් නැහැ.. එනිසා ඔවුන් මද්‍යගත නොවූ එකතුවක් ඒ කියන්නෙ decentralized international hacktivist group එකක්..ඔවුන්ගේ ප්‍රහාර වලින් මට්ටු වුනේ පොඩි පොඩි අය නෙවෙයි.. ඇමරිකාව, ඊස්‍රායලය වගේ රටවල රජයේ ආයතන, PayPal, MasterCard, Visa, and Sony වගේ යෝධ ව්‍යාපාර ඒවයින් කිහිපයක් පමණයි.

අයිසිස් ත්‍රස්තයන්ට අර අභියෝගය කරන්නෙ කෙතරම් ප්‍රබල හැකින් කන්ඩායමක්ද කියලා දැන් ඔබට පැහැදිලි ඇති. ඔවුන් කරපු අනතුරු ඇඟවීම කුමක්ද? මෙ ප්‍රහාරයට වග කිව යුත්තන් ලංකාවේ මූල්‍යමය සහ දේශපාලනමය පැත්තෙන් ඉතා ඉහල තැන්වල සිටපු අය නිසාත්, කලින් පැහැදිලි අනතුරු හැඟවීම් තිබෙද්දිත් ක්‍රියාත්මක නොවුනු පාලකයන් සහ මාධ්‍ය ගැන තව දුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවිනුත්, මේ විමර්ශන වලදී සත්‍යය මුදලට සහ බලයට යට වීමේ අවධානම ඉදිරියේ ඒ සත්‍යය මතු කර ගන්නට තම ක්‍රියාත්මක වෙන බවයි. ඉදිරියේදී මෙවැනි ප්‍රහාර සම්බන්ධ තොරතුරු සොයාගෙන ප්‍රහාර වලට කලින් අනතුරු හැඟවීමත්, රජය තුලට සූක්ශම ලෙසින් රිංගා මෙවැනි ප්‍රහාර සඳහා අනුබල දුන් අයිසිස් හා සම්බන්ධකම් පවත්වන ඉහල දේශපාලකයින් සහ නිලධාරීන් හෙලි කරන්නයටත් ඔවුන් අරමුනු කරගෙන සිටින වගත් සඳහන් විය.

රටේ දේශපාලන නායකයන් වරද එකිනෙකා වෙත යොමු කර ගනිමින්, ප්‍රබල අමාත්‍යවරුන් මාධ්‍ය ඉදිරියේ විහිලු සංදර්ශන පවත්වන මොහොතක, අපගේ ආදරණීය මාත්ෲභූමියේ අපගේ නෑ හිත මිතුරන් මර බියෙන් මේ ගෙවන පැයේ, ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන නමක් රටක් නොදන්නා නිර්නාමික කන්ඩායමක් අපිට අපේම පාලකයන්ට වඩා මෙලෙසින් විශ්වාසවන්ත සහ මානුශික වීම කෙතරම් දෛවෝපගතද?

No comments:

Post a Comment