Wednesday, December 18, 2019

Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට...

Broadcast on 3ZZZ radio on 3 Feb 2019

පාසල් යන වයසේ දරුවෙක් ඔබෙන් ඇහුවොත්, රැකියා සුරක්ශිතභාවය වැඩිම රස්සාවක් කියන්න කියලා ඔබ යෝජනා කරන්නේ කුමන රැකියාවද? සමහර විට වෙනත ක්ශේස්ත්‍රයක දැනට රැකියාව කරන කෙනෙක්ට තමන්ගේ රැකියාව වෙනස් කරලා අලුත්ම ක්ශේස්ත්‍රයක රැකියාවක කරන්නට හිතුනොත්, ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිලාභ සහ සුරක්ශිතභාවයක් තියෙන රැකියාවක් නම් කරන්න ඔබට පුලුවන්ද?
මේ මොහොත වෙනකොට, සමහර දරුවන් ඉගෙන ගන්නා දේවල් පවා ඔවුන් රැකියාවක් කරන විට අවලංගු වෙන තත්ත්වයක් තුල, ඉතා ශීග්‍රයෙන් සමහර අලුත් රැකියා නිර්මානය වෙන පසුබිමක මෙවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සැපයීම පවා ඉතා අසීරු නොවෙදැයි ඔබ සමහර විට නැවත ප්‍රශන කරන්නට ඉඩ තියෙනවා.
ඒක ඇත්ත, නමුත් මේ අවිනිශ්චිත බව තුලින්ම ආශිර්වාදය ලැබූ, පුහුණු ශ්‍රම බලකායක් අවශ්‍ය ප්‍රමානයට නොමැති නිසාම ඉතා දීප්තිමත් අනාගතයකට හිමි කම් කියන ක්ශේස්ත්‍රයක් තියෙනවා.. ඒ තමයි Cyber Security අවකාශය..
කෙනෙක් මේ ක්ශේස්ත්‍රය පිවිසීමට කැමැත්තෙන් සිටිනවා නම්, අනිවාර්‍යෙන්ම ඒ වෙනුවෙන් දිරි ගන්වන්න..
ඇයි මම එහෙම කියන්නෙ?

ලොව වටා මේ ක්ශේස්ත්‍රයේ, ප්‍රමාණවත් සුදුසුකම් නැතිකම නිසා පුරවා ගත නොහැකි වූ රැකියා සංක්‍යාව (cybersecurity skills gap) මිලියන තුනට ලඟා වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ පමණක් ප්‍රමානවත් ව්ෘත්තිකයන් නොමැතිකමින් වූ පාඩුව වසරකට ඩොලර් මිලියන් 400ක් බවට ගණනය කරලා තියෙනවා.
ඉතා මෑතක සිට විශ්ව විද්‍යාල සහ ව්ෘත්තීය පුහුණු ආයතන පරිගණක ආරක්ශණයට අදාල පාඨමාලා වැඩි කලේ මේ නිසයි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල, රැකියා ස්ථාන සමග සමීප සම්බන්ධතාවයන් දැන් දැන් පවත්වන්න ගන්නවා ඔවුන්ගේ පාඨමාලාවලට වඩාත් උචිත සහ වැඩි වශයෙන් අවශ්‍ය වෙන විෂය කරුනු එකතු කරන්න.

මීට මාස කිහිපයකට කලින්, අපගේ සේවා ස්ථානයට RMIT විශ්ව විද්‍යාලයට පැමිණ ශිෂ්‍යයන් අමතන්න ඇරයුමක් ලැබුනා. එයට මා ඇතුලුව තුන් දෙනෙක් සහභාගි වුනා.
අපි එදා ඔවුන්ට කරුනු සහිතව පැහැදිලි කරලා දුන්නා මේ මොහොතේ Cyber Security ක්ශේස්ත්‍රයේ ඇති වී තිබෙන ඉතා විශාල ඉල්ලුම සහ එය ඇති වෙන්නට බලපා ඇති හේතු.
ඉන්පසුව අපි පැහැදිලි කරලා දුන්නා මේ මොහොතේ ඉතා දැඩි ඉල්ලුමක් ඇති නිපුනතා (skills in high demand)මොනවාද ආදියත්, තාක්ශණික හැකියාවන්ට අමතරව ම්ෘදු හැකියාවන් (soft skills) ආදිය ඉතා වැද්ගත් වෙන ආකාරයත්.
උදාහරණයක් විදියට මේ ක්ශේස්ත්‍රයේ අපි නිතර දකින දෙයක් තමා මෙවැනි තාක්ශණික කරුනු, තාක්ශණික වටපිටාවක නොමැති බොහෝ විට ඉහල නිල හොබවන අයට ඉතා සරලව පැහැදිලි කරන්නට සිදු වීම, මෙවනි අවස්ථාවල මෙම සන්නිවේදන හැකියාව සාම්ප්‍රදායික IT ක්ශේස්ත්‍රයේ එතරම් අවශ්‍ය නොවූ නමුත් Cyber Security ක්ශේස්ත්‍රයට අදාල වෙන එක් soft skill එකක්.

ඉන්පසු ව අප පැහැදිලි කලේ ඒ සඳහා දැනට තියෙන අධ්‍යාපන අවස්ථා සහ උනන්දුවක් තියෙන අයට බොහෝ විට ස්ව්‍යං හැදැරීම හරහා ලබා ගත හැකි ව්ෘත්තීමය සහතිකකරනයන්හි (Industry Certifications) වැදගත්කම.
ඒ සමගම ඉතා අධික වේගයෙන් වෙනස් වෙන ක්සේත්‍රයක් නිසා එහි යාවත්කාලීනව සිටීම වෙනුවෙන් ඉතා සක්‍රියව ව්ෘත්තීමය සංවර්ධනය (Professional Development) වෙනුවෙන් උනන්දුවිය යුතු බවත් අපි මතක් කලා.

අපගේ එදා දුන් පනිවිඩය ඉතා පැහැදිලි එකක්. සයිබර් සටහන් අසන ඔබටත් මම දෙන්නෙ ඒ පනිවිඩයමයි.

Cyber Security ක්ශේස්ත්‍රයට ප්‍රමානවත් ව්ෘත්තියන් හිඟය, අදට වඩා හෙට තදින් දැනේවි.. එනිසා උනන්දුවක් තියෙන අයට ඒ සඳහා අදම ලෑස්ති වෙන්නයි මතක් කරන්න.. ඔවුන් හෙට ඔබව ක්ෘතවේදීව සිහි කරනවා නොඅනුමානයි..

No comments:

Post a Comment