Wednesday, December 18, 2019

Episode 41: මගෙ මව් රට ඇවිලෙන ගිනි එයින් නිවාලිය හැකි නම්...

Broadcast on 3ZZZ radio on 28 Apr 2019

දශකයකට පස්සෙ අපේ මව් රට නැවතත් මරාගෙන මරෙන බෝම්බ බියෙන් සහ ත්‍රස්තවාදයෙන් ඇලලී ගිහින්. පාස්කු ඉරිදා දේව මෙහෙයවලට සහභාගී වූ සහෝදර කිතුනු බැතිමතුන් සහ අගනුවර සුපිරි හෝටල් කිහිපයක උදෑසන ආහාර ගනිමින් සිටි අහින්සකයන් තුන්සීයකට වඩා වැඩි පිරිසක් සිති පිත් නැති අයිසිස් ත්‍රස්තයන්ගේ ගොදුරු වුනා.

මව් රටේ නොහිටියත්, ශ්‍රී ලාංකිකයන් විදියට අප සැම මේ ගෙවන නිමේශයේ ශෝකය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාලයි. මෙය වැලැක්විය හැකිව තිබූ ප්‍රහාර මාලාවක් බව දැන ගනිද්දි සහ අනතුර තවම පහව ගියේ නැති නිසා අපේ ආදරණීයන් තවමත් භීශණ‍යෙන් ජීවිත බියෙන් සිටිනා වග සිහි කරද්දි අතිශය කළකිරීමක් සහ වේදනාවක් අපට දැනෙන එක නවත්තන්න බැහැ.

රජය මේ මොහොත වෙන විට සමාජ ජාලා වාරණයක් ක්‍රියාත්මක කරනවා, ඒ කියන්නේ Facebook, Twitter, Whatsapp, Viber, Snapchat වැනි social media and messaging apps ලංකාව තුල ඉඳලා භාවිතා කරන්න බැරි විදියට අවහිර කරලා තියෙන්නෙ. මේකට හේතුව විදියට සඳහන් වෙන්නේ, අසත්‍ය තොරතුරු සමාජගතවීම නිසා, මිනිසුන් ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යොමු වෙන එක වළක්වන්න කියලා. Fake News සංසරණය වීම ගැන සමාජ ජාලාවලට චෝදනා එල්ල වෙන්නෙ බොහෝ කාලෙක ඉඳලා - එනිසා සමාජ ජාල භාවිතයෙදි ඒ අනතුර ගැන, විශේෂයෙන්ම හදිසි අවස්ථාවලදී ඉන් විය හැකි හානි කලමනාකරනය කිරීම කල යුතුව තිබෙනවා.

මේ ඛේදනීය තත්ත්වය වළක්වා ගන්නට රජය අසමත් වීම සහ එය හරහා හෙලි වෙන කරුනු අනුව ජාතික ආරක්ශාව සම්බන්ධයෙන් ඉතා බරපතල හිඩැස් විශේෂයෙන්ම අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරනවා. එනිසා මෙම සමාජ ජාලා වාරණය හරහා රජයේ අසමත්කම ජනගත වීම පාලනය කර ගන්නට සහ සමහර තොරතුරු ජනතාවට දැන ගැනීමෙන් වලක්වා ගන්න ෞත්සාහ ගන්න බවට දේශපාලන විචාරකයන් චෝදනා කරනවා.

කොහොම වුනත් මෙම වාරණය 100% සාර්ථක නැහැ.. විශේෂයෙන්ම තරුණ කොටස් VPN නම් තාක්ශණය යොදාගෙන, තමන් සම්බන්ධ වන්නේ වෙනත් රටකින් ලෙස පෙන්වා මෙම වාරණය මඟ හරින්න දන්නවා.

සාධනීය නැඹුරුතාවයක් ලෙස ගත්තොත්, මේ දිනවල WatchDog Sri Lanka නමින් ඇප් එකක් ජනප්‍රිය වෙමින් යනවා - ඉන් කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධව පල වෙන පුවත්වල සත්‍ය අසත්‍යභාවය වෙනුවෙන්, ප්‍රජාව විසිම් මෙහෙයවන වගකිවයුතු මූලාශ්‍රයක් එනම් credible source එකක් ලෙස ක්‍රියාත්මක වෙන්න. උදාහරනයක් ලෙස රජය ත්‍රස්තවාදයට සම්බන්ධ අය ලෙස ප්‍රසිද්ධ කල මුහුනු අතර වැරදීමකින් අහිංසක මුස්ලිම් කාන්තාවගේ රූප‍යක් පලකිර්‍රිම ඔවුන් පෙන්වා දී තිබුනා.

එය ඉතා හොඳ ප්‍රවනතාවයක්. සමාජ ජාලා හරහා සම්බන්ධ වෙන සැමගෙන් අප ඉල්ලා සිටින්නෙත් එයයි. කිසිම ජන කොටසක් වෙත වෛරය පතුරවන ප්‍රකාශ හෝ සහතික නොවුනු මිනිසුන් අනවශ්‍ය ලෙස කලබලයට පත් කරන තොරතුරු ප්‍රචාරයට සහය නොදක්වා ඒවාට විරෝධය දක්වන්න. තාක්ශනයට හිතක් පපුවක් නොතිබුනත්, එය භාවිතා කරන අප ක්‍රියාත්මක විය යුත්තේ මානව දයාව, මනුස්සකම මුල් කරගෙන නිසාවෙන්.

No comments:

Post a Comment